හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහා සෑය වැඳපුදාගෙන තිබේ.
එහිදී හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
එම අවස්ථාවේ පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් විසින් රචනා කළ ගීතයක් ද හිටපු ජනාධිපතිතුමාට සවන්දීමට කටයුතු සැලසීය.
අනතුරුව රුවන්වැලිසෑය වැඳපුදාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වීය.










