• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බැසිල් ආණ්ඩුවේ වියදම් කපාගෙන කපාගෙන යද්දී සංස්කෘතික අරමුදල ලෝස් නැතිව කරපු අභයාරාමේ ලක්ෂ දොළහමාරක ‘බිල්ඩින් පූජාව’!

January 12, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
බැසිල් ආණ්ඩුවේ වියදම් කපාගෙන කපාගෙන යද්දී සංස්කෘතික අරමුදල ලෝස් නැතිව කරපු අභයාරාමේ ලක්ෂ දොළහමාරක ‘බිල්ඩින් පූජාව’!
Share on WhatsAppShare on Facebook

දරාගත නොහැකි ආර්ථික අවපාතයකට රට මුහුණ දෙමින් තිබේ. ඩොලර් අර්බුදයෙන් හිස එසවිය නොහැකි තැනට අප පත්ව සිටිමු. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හිතාගන්නට බැරි තරම් වැඩිවෙමින් තිබේ. වැඩිකිරීම් අඩුකිරීම් ගැන අංක විද්‍යා තැනින් තැන අසන්නට ලැබෙන මුත් ඒවායෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි අපට තේරෙන්නේම නැත. පසුගිය දිනෙක මුදල් ඇමැතිතුමන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ යළි වැඩිකිරීම්, බඳවාගැනීම්, වරප්‍රසාද ලබාදීම් වැනි බොහෝ දේ සිදු නොවෙනා බවයි. නමුත් එසේ කියා ටික දවසකින්ම කතන්දරය වෙනස් අතකට හැරුණු අතර, වැඩිවීම් හිතාගන්න බැරි විදියට සිදුවිය. ඒවා අතර මේ කියන්න යන්නේ වැඩිවීමක් ගැනවත්, අඩුවීමක් ගැනවත් නොවේ.

සමහර වෙලාවට දේශපාලකයන්ගෙන් ගොඩ වැඩිකරවා ගැනීමේ වරප්‍රසාදය ලැබෙන්නේ ඇතැම් පිරිසකටය. ඒ අයට පෙර පිනකටදෝ මොන ආණ්ඩුවක් ආවත්, මොන මොනවා හෝ වරප්‍රසාද ලැබේ. මේ අපි කතා කරන අයටද මේ වතාවේ ආණ්ඩුවෙන් හොඳ හොඳ සැලකිලි ලැබෙමින් තිබේ. ඒ, අභයාරාම විහාරස්ථානයට. අභයාරාමයේ නායක හාමුදුරුවෝ ආණ්ඩුව වෙනුවෙන් බොහෝ තැන්වල කතාකරමින් සිටියහ. ටික දවසක් යන විට මේ සියල්ල වෙනස් වී අභයාරාමයේ හාමුදුරුවන්ද ජනතාවගේ පැත්තේ හිටගත්හ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ හෙද නිලධාරීන්ගේ සංගමය හා එක්ව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අතර උන්වහන්සේගේ මූලිකත්වයෙන් දියත් වූ මෙම ක්‍රියාමාර්ගය නිසාම හෙද නිලධාරීන්ට බොහෝ වරප්‍රසාද ලැබුණු බව පිළිගත හැකි කාරණයකි. උන්වහන්සේ ඉදිරියේ කිහිප වතාවක්ම ආණ්ඩුව දණ නැමීය. මේ දණ නැමිල්ල කොයිතරම් දුරදිග ගියේද කිවහොත් අවසානයේ නතර වුණේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය පරිත්‍යාග කිරීමෙන් පසුවය. උන්වහන්සේම කියන පරිදි එම ධුරය සඳහා තමන්ට විශේෂ සුදුසුකමක් නැති අතර, එය ලබාදුන්නේ ඇයිදැයි යන්න දැනගත යුත්තේ ජනාධිපතිවරයාගෙන්ම විමසාය. උන්වහන්සේට ලොකු මදිපුංචිකමක් සිදුවුණේ පහුගිය දිනෙක එහි පැවැති උපාධි ප්‍රදානෝත්සවය අතරය. එහිදී සමහර ශිෂ්‍යයන් උන්වහන්සේ අතින් උපාධිය ලබා නොගත් අතර, ඒ පිළිබඳවද අභයාරාමයේ හාමුදුරුවෝ බොහෝ තැන්වල ප්‍රකාශ නිකුත් කොට තිබිණි. නමුත් මේ ලියන්නට යන්නේ ඊට වඩා වෙනස් කතාවකි.

ආණ්ඩුව දරුණු අර්බුදයකට වැටී ඇති මොහොතක රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන මොහොතක අභයාරාමයට අයත් කොළඹ 05, නාරාහේන්පිට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද මාවතේ අංක 530 දරන ගොඩනැගිල්ල රජයේ කාර්යාලයක් සඳහා විශාල මුදලක් ගෙවා බදුගෙන තිබේ. මෙසේ බදුගන්නේ මෙතෙක් තිබුණු විශාල අවශ්‍යතාවක් නිසාද, එහෙමත් නැත්නම් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ හිත සතුටු කළ යුතු නිසාද යන්න අප දන්නේ නැත. ඒ ගැන විවිධ කයි කතන්දර විවිධ තැන්වල පැතිරෙනා මුත් මේ විහාරස්ථාන ගොඩනැගිල්ල බදුගෙන ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය ලෙස බව දැනගන්නට තිබේ. මෙතෙක් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අංක 212/01 දරන ස්ථානයේ මේ මධ්‍යම සංස්කෘතික අරමුදල ගොඩනැගිල්ල ඉතා හොඳින් පවත්වාගෙන ගියේය. ගොඩනැගිල්ලේ යම් අලුත්වැඩියාවක් හෝ වෙනත් ප්‍රශ්නයක් තිබෙනවාද යන්න අප දන්නේ නැති නමුත් හදිසියේම අභයාරාම ගොඩනැගිල්ල බදු පදනම යටතේ ලබාගන්න කවුරු හෝ කෙනකු හදිසියේම තීරණය කර ඇත. මේ හදිසිය කුමක්ද යන්න අපට නොතේරේ.

රටේ ජනතාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවක, මුදල් සම්බන්ධව ප්‍රශ්නයක් රටටම ගොඩනැගී ඇති අවස්ථාවක, සල්ලි අච්චු ගහනා බවට රජයට බරපතළ ලෙස විපක්ෂය විසින් චෝදනා කරන අවස්ථාවක මෙසේ ගොඩනැගිල්ලක් බදු ගැනීමේ පදනම කුමක්දැයි අප බලධාරීන්ගෙන් විමසා සිටිමු. මෙහි ඇති වැදගත්ම කතාව මේ සියල්ලම නොවෙ. මේ බදු පදනම යටතේ ගොඩනැගිල්ල ලබාගන්නේ මාසයක් සඳහා කුලිය රුපියල් ලක්ෂ දොළහමාරක මුදලක් ලබාදීමේ පොරොන්දුව පිට යැයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ ලක්ෂ දොළහමාරක මුදලක් මේ ගොඩනැගිල්ලට ලබාදෙමින් මේ වරප්‍රසාදය ලබාදෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් හරිහම්බ කරගත් මුදලකින් හෝ මැති ඇමැතිවරුන් හෝ වෙනත් කිසිදු බලධාරියකු ගෙදරට ගෙනා මුදලකින් හෝ නොවේ. ඒ සියල්ලම ජනතාවගේ මුදල්ය. ජනතාව විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් පෝෂණය කරන්නේ ඉන් රටට සහ තමන්ට ඍජුව හෝ වක්‍රව ලැබෙන ප්‍රයෝජනයක් අනුවය. මේ ආයතනවලින් හැබෑවටම රටට යම් ප්‍රයෝජනයක් තිබෙන බව ඇත්තය. ඒවායෙන් ලැබෙන ප්‍රයෝජනය නිසියාකාරව ලැබෙනවාද, මේවායේ සේවය නිසියාකාරව ලැබෙනවාද යන්න වෙනම තර්ක කළ යුතු මාතෘකාවකි. නමුත් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අංක 212/1 දරන ස්ථානයේ මෙතෙක් පවත්වාගෙන ගිය මධ්‍යම සංස්කෘතික අරමුදල් ගොඩනැගිල්ල කොළඹ 05 නාරාහේන්පිට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවතට රැගෙන එන්නේ කුමන පදනමක් යටතේද යන්න තවමත් නිශ්චිතව පැහැදිලි කරගත නොහැකි කාරණාවකි.

කෙසේ නමුත් දැන් මේ වැඩේ වෙන බවට තීන්දු තීරණ ප්‍රකාශ වී අවසන්ය. ආණ්ඩුව සිය මුදල් අර්බුදය විසඳාගන්නට කිසිවක් මිලදී නොගන්නා බවත්, කිසිවකුට වරප්‍රසාද ලබා නොදෙන බවත්, පඩි වැඩිකිරීම් කිසි විටෙක නොකරන බවත් කියා සතියකින් දෙකකින් රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000 බැගින් වැඩි කරන්නට හදිසි තීරණයක් ගත්තේය. ඒ, රාජ්‍ය සේවකයන් රටට බරක් යැයි කියූ දේශපාලකයන්ය. ඒ නිසා මේවාද කන්න හිතෙන කොට කබරගොයාද තලගොයා කරගැනීමේ තවත් උදාහරණයක් පමණක් යැයි අපට හිතෙන්නට පටන්ගෙන තිබේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඔන්න වැඩි මිලට ‌සමාගම්වලින් පොහොර විකුණනවා! දැන් වකුගඩු අමාරු වෙන්නෙ නැද්ද? වැදි නායකයටත් ලොකු ප්‍රශ්නයක්!

Next Post

විදුහල්පතිවරු පැලවත්ත පාර වහලා දමයි!

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.