• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මැතිඇමැතිලගේ සිට ජනාධිපති දක්වාම වෙනසක් නැතිව පැතිර ගිය හූව පුරුද්දකට යයිද? දිගටම හූ කියද්දී මන්ත්‍රී සෝමවීර කවියෙන්ම දීපු අපූරු උත්තරේ!

January 12, 2022
in Exclusive, News
Reading Time: 14 mins read
A A
මැතිඇමැතිලගේ සිට ජනාධිපති දක්වාම වෙනසක් නැතිව පැතිර ගිය හූව පුරුද්දකට යයිද? දිගටම හූ කියද්දී මන්ත්‍රී සෝමවීර කවියෙන්ම දීපු අපූරු උත්තරේ!
Share on WhatsAppShare on Facebook

‘අතිඋතුම් රුවන්වැලිසෑය ළඟ සර් රජකම භාරගන්න දිවුරුම් දෙන දවසේත් පොහොට්ටුවේ වහල්ලු තැන නොතැන නොබලා හූ කියලා උගන්වපු ආදර්ශය තමයි අද සර්ටත් සමස්ත ලංකාවෙන්ම ලැබෙන හූවත්’

මේ සටහන ලියලා තිබුණේ මුහුණුපොතේ. දිනය වුණේ 2019 නොවැම්බර් 18 වැනිදා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හූ කිව්ව බව කතාව විපක්ෂයටත්, සමාජ මාධ්‍යවලටත් අපූරු බයිට් එකක් වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 02 වැනිදා මේ ගැන තම අදහස ගොනු කළේ මෙහෙමයි. ‘

රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂා වෙන්න සිදුවෙලා. ජනතාව හූ කියන්නේ හේතුවක් ඇතුව. ගෑස්, කිරිපිටි පෝලිම් මිනිසුන්ට දරාගන්න බැහැ. සිමෙන්ති මිල ඉහළ දැමීමයි අවුරුදු තෑග්ග. ඒ වගේ තෑගි දෙනකොට මිනිස්සු හූ කියනවා…’

විපක්ෂය සහ සමාජ මාධ්‍ය වැල නොකැඩී මේ ආකාරයේ ප්‍රතිචාර දක්වන විට ආණ්ඩුවෙන් පළ වුණේ සුපුරුදු උද්දච්ච ප්‍රතිචාරය කිහිපයක් පමණයි. පසුගිය 28 වැනිදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහෙම කිව්වා. ‘සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට. අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙන කොට බොරු වෙලා තියෙනවා. විපක්ෂයට බොරුවක්වත් කියාගන්න බැරි විදියට විපක්ෂය අසරණ වෙලා…’

මේ අතර සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලත් හූව ගැන ඉතාම සරල ලෙස කතා කළා.

ප‍්‍රශ්නය – පසුගිය දිනවලදී රජයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකුටම ජනතාව හූ කිව්වා. එම නිසා මේ වන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ගමට යන්න බැරි තත්ත්වයක් ඇති වී ඇති බව විපක්ෂය ප‍්‍රකාශ කරනවා. එහෙම තත්ත්වයක් තිබෙනවාද?
පිළිතුර – මම නම් ගමේ යනවා. මට නම් එහෙම අත්දැකීමක් නැහැ. ජනතාව තුළ සමහර කාරණා පිළිබඳ අප‍්‍රසාදයක් තිබෙන්න පුළුවන්. නමුත් ඔය හූ කියනවා වගේ දේවල් කරන්නේ සංවිධානාත්මකව.

ඉතිං හූව මේ සතියේ ප්‍රධාන දේශපාලන මාතෘකාව වන විට අපිට හිතුණා මේ හූව ගැන අටුවා ටීකා ටිප්පනි ටිකකුත් එක්ක දේශපාලන විශ්ලේෂණයක යෙදෙන්න. ඒකට වැඩියෙන්ම හේතු වුණේ හූව නිසා ඇති වන ලැජ්ජාවට වඩා භීතිය.

ෆේස්බුක් පෝස්ට් එකක් ෂෙයාර් කිරීම සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා සිවිල් ක්‍රියාකාරිනියක වන ආශා දිල්රුක්ෂි පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

‘ඇත්තටම ඒ පෝස්ට් එකේ කියලා තිබ්බේ හූ කිව්වා කියලා, මම විතරක් ෂෙයාර් කරපු එකක් නොවෙයි. මුළු ලංකාවේම මේ පෝස්ට් එක ෂෙයාර් වුණා,’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි ඇය කියා සිටියාය.

ජනාධිපතිවරයාට හූ කිව්ව කතාව මුහුණුපොත හරහා ෂෙයාර් කළ සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් දෙපාර්තමේන්තුවට කැඳවීම මගින් සමාජයට දෙන සංඥාව කිසිසේත් සුළුකොට තැකිය යුතු නැහැ. මොකද ඊට පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ අනතුරු ඇඟවීම රතු සංඥාවකට වඩා එහා ගිය එකක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පසුගියදා මාධ්‍ය වෙත පැවැසුවේ ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් සමාජ ජාල මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බවයි. කිසියම් පුද්ගලයකු එසේ සිදු කළහොත්, ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ කිව්වේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්න පුළුවන් බවයි.

ඉතිං මෙවැනි වාතාවරණයක් තුළ ‘හූ’ කීම ගැන ගැඹුරු දේශපාලන සංවාදයක් ආරම්භ කිරීම වැදගත් නැද්ද?

‘හූ කීම’ සන්නිවේදන මාධ්‍යයක් ලෙස

‘හූ’ කියන්නේ නරි

අපි නරියව හඳුනගන්න ප්‍රධාන ලක්ෂණය තමයි උගේ හූව. ඒත් හූ කියන්නේ නරි පමණක් නෙමෙයි. මිනිස්සුත් හූ කියනවා. විවිධ අරමුණු වෙනුවෙන් තමයි මේක කරන්නේ. උදාහරණයක් ලෙස හූව කියන්නේ ඉතාම වැදගත් නිර්වාචික සන්නිවේදන මෙවලමක්. සන්නිවේදන විශේෂඥයන්ට අනුව මානව සන්නිවේදනයේ මූලාරම්භයේ සිටම මිනිසුන් හූව තම සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් විවිධාකාර ලෙස භාවිතා කර තිබෙනවා.

ඒ කියන්නේ හූ කියන්නේ නරි පමණක් නොවෙයි. මිනිස්සුත් විවිධාකාරයේ වුවමනා එපාකම් (සන්නිවේදන) වෙනුවෙන් හූ කියනවා. උදාහරණයක් විදිහට ඉස්සර ගම්වල මිනිස්සු හදිසි අවශ්‍යතාවකට තම අසල්වැසියන් කැඳවීමට වුවමනා කළ විට කළේ හූ කීම උදාහරණයක් ලෙස හදිසි අසනීපයක්, අතුරු ආන්තරාවක් වුණ ගැමියා තම අසල්වැසියන්ව කැඳවා ගත්තේ හූ කියලා. වනාන්තරයක අතරමං වුණ අයෙක් උදව් ඉල්ලුවේ හූ කියලා. ඒ වගේම හේනේ පැලේ ඉන්න කොට අනික් පැලට සන්නිවේදනය කළේ හූ කියලා. හේනට පනින සත්තු එළවා දැම්මේ හූ කියලා.

කොටින්ම එදා ගැමියට හූව එක්ක තිබුණේ බිඳ දැමිය නොහැකි සමීප සම්බන්ධතාවක්. ඒ නිසාම තමයි ‘හූවක දුර’ කියන මිනුමත් ඔවුන් අතර පැවැතුණේ.

ඒ, හූවේ ධනාත්මක පැත්ත. ඒත් හූව එතැනින් නතර වෙන්නේ නැහැ. කාටහරි නින්දා අපහස කිරීමට වුවමනා වුණ විට, ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වූ විට මිනිස්සු දැක්වූ පහසුම ප්‍රතිචාරය තමයි හූ කීම. ඒකට තැනක් නොතැනක් තිබුණේ නැහැ. අවශ්‍ය වුණ ඕනෑම තැනක, අවස්ථාවක මේ හූ සංග්‍රහය ලැබුණා. මේකට ප්‍රසිද්ධම තැන තමයි සරසවිය. ඒකට හොඳ උදාහරණයක් තමයි මීට දශක කිහිපයකට පෙර කොළඹ සරසවියේදී ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් එදිරිසිංහට ලැබුණු බව කියන හූව.

කොළඹ සරසවිය සංවිධාන කළ ඇගයීමේ උළෙලකදී තමන්ට හිමි සම්මානය ගන්න ගිය සුනිල් එදිරිසිංහ මහතාට සිසුන් මහ හඬින් හූ කිව්වා. ඒත් හූවෙන් කැලඹීමට පත් නොවුණු සුනිල්, වටහා ගත්තා තමන්ට ඇයි මේ සිසුන් හූ කියන්නේ කියලා. ඔහු මයික්‍රෆෝනය අතට ගෙන මෙහෙම කිව්වාලු…

‘මම දන්නවා ඔබ මේ ආකාරයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි කියලා. මම නැවත මහපොළේ සින්දු කියන්නේ නැහැ…’

සුනිල් එදිරිසිංහ මෙහෙම කියලා කට ගන්න කලින් ශාලාවෙන් කන් බීරි කරවන අත්පොළසන් හඬක් නැගුණ බව මේ ලියුම්කරු සමග කිව්වේ එදා ඒ හූවට තම හඬත් එක් කළ අද පරිපාලන සේවයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙක්.

සෝමවීර චන්ද්‍රසිරිගේ පිළිතුරු හූව

මම මුලින්ම කිව්වා වාගේ ගායකයන්ට, නළුවන්ට වගේම දේශපාලනඥයන්ටත් නිතර නිතර හූවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතර තමන්ට හූ කිව්ව පිරිසට අමතක නොවන පාඩමක් කියාදුන්නා කියලා කියන්නේ ප්‍රකට කවියෙක් සහ වාමාංශික (ලංකා සමසමාජ පක්ෂය) දේශපාලනඥයෙක් වන සෝමවීර චන්ද්‍රසිරි මහතායි (1909 පෙබරවාරි 11 – 1971 ජූලි 11).

සෝමවීර චන්ද්‍රසිරි මහතා සහභාගි වූ කිසියම් දේශපාලන රැස්වීමකදී තරුණයන් පිරිසක් ඔහුට හූ කියා තිබෙනවා. මේ හූවෙන් කැලඹීමට පත් නොවූ සෝමවීර චන්ද්‍රසිරි නම් මේ අපූරු කවියා තරුණයන්ට පිළිතුරු කවියක් කියා තිබෙනවා.

‘කොල්ලෙක් උපන්නොත් නරියෙක් හට දාව
උපතින් ඌට උරුමයි ඒ නරි හූව
කොල්ලනි අද දිනේ මා හට හූ කීව
අම්මට කියාලා මකවාගන් හූව’

මේ තමයි මේ රටේ හූවකට ලැබුණු අපූරුම පිළිතුරු හූව වශයෙන් සැලකෙන්නේ.

‘සේමවීර චන්ද්‍රසිරි කියන්නේ ජනප්‍රිය කවියෙක් වගේම ප්‍රබල වාමාංශික නායකයෙක්. ඒ වගේම තමයි සුනිල් එදිරිසිංහ කියන්නේ. ඔහුත් අපූරු චරිතයක්. ඒ නිසා තමන්ට හූ කිව්ව තරුණයන්ට ඔවුන් දැක්වූ ප්‍රතිචාරවල පළිගැනීමක් හෝ තරවටුවක් තිබුණේ නැහැ. ඒත් පසුගියදා වුණු සිදුවීම නම් කම්පාකරවනසුළුයි. අර සිවිල් සමාජ ක්‍රියාකාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ඇත්තටම බිහිසුණු සංඥාවක්’ මෙහෙම කිව්වේ මෙරට ප්‍රමුඛ සිවිල් සමාජ නායකයෙක්.

හූවේ මෑතකාලීන ප්‍රවණතා

දේශපාලන ඉතිහාසය පුරාම නොකඩවා රැකගෙන ආ මේ නරි සම්ප්‍රදාය මෑත කාලීනව වඩාත් නරුම ලෙස භාවිත කළ බව කියන්නේ වත්මන් ආණ්ඩු බලය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයින්. ඒ කියන්නේ 2015 ජනවාරි 08 පරාජයෙන් වියරු වැටී සිටි මහින්දවාදීන් අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නායකයන්ට හැකි සෑම අවස්ථාවකදීම හූ කියන්න පසුබට වුණේ නැහැ.

ඒත් දෛවෝපගත ලෙස එහි කූටප්‍රාප්තිය සිද්ධ වුණේ 2019 ජනාධිපතිවරණ සමයේදී. හරියටම නිවැරදිව කිවහොත් 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව සහාය දීමට ඉදිරිපත් වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයින්ට තැන නොතැන නොබලා හූවලින් සංග්‍රහ කිරීමට පොහොට්ටුවේ ආධාරකරුවන් පියවර ගත් අතර පොහොට්ටුවේ නායකයින්ගෙන්ද ඊට නොනිල අනුග්‍රහයක් සහ ආශිර්වාදයක් ලැබුණා.
‘මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා හිටපු රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට පොහොට්ටුවේ ආධාරකරුවන් නොනවත්වා හූ කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ හූව නතර කරන්න හැදුවා. අන්තිමට ඒ අය මහින්ද මහත්තයාටත් හූ කිව්වා.’

2019 පෙබරවාරී 11 වැනිදා මේ බව සනාථ කරන වාර්තාවක් මාධ්‍ය තුළ පළ වුණා.

‘මෙවර ජනපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවන බොහෝ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අපහසුතාවන්ට ලක්වූයේ හූ හඬට ගොදුරු වීමෙනි. එයට හේතුව පසුගිය මැතිවරණයේදී හෝ ඊට පසුව මහින්ද අතැර ශ්‍රීලනිප මෛත්‍රී හවුලට එක්වූ බැවිනි. ශ්‍රීලනිප-ශ්‍රීලපොජපෙ සන්ධානගතවීම වෙනුවෙන් අස්සන් තැබීම් තුනක් සිදුවුවද බාහිර රැස්වීම්වලදී මේ දේ සිදුවූ අතර දයාසිරි ජයසේකර කුරුණෑගලදී වේදිකාවට ගොඩ නොවී සිටීමට තීරණය කළේද මේ නිසාය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අලව්ව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාටද හූ තැබීමක් සිදු විය.’

මේ අතර දේශපාලන ඉතිහාසයට අනුව ප්‍රකට දේශපාලනඥයෙක් වගේම සාහිත්‍යවේදියෙක් වන වීජමු ලොකුබණ්ඩාර මහතාටද ඔහුගේ අවසන් යුගයේ (මහින්ද රාජපක්ෂ සරණ ගිය පසු) හූ වරුසාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

විජමුට සහ ඔහුගේ පුත්‍රයා වන උදිත ලොකු බණ්ඩාරට හූ සංග්‍රහයක් ලැබුණු ඒ ඓතිහාසික අවස්ථාව ගැන 2020 ජූලි 25 වැනිදා මාධ්‍ය වාර්තාවක මෙසේ සඳහන් වුණා.
‘පසුගියදා බදුල්ල ඇටැම්පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකදී පිරිසක් නොසන්සුන් ලෙස හැසිරුණු අතර මෙම රැලියට අග්‍රාමාත්‍යවරයා මෙන්ම, විජමු ලොකුබණ්ඩාර, උදිත් ලොකු බණ්ඩාර ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් එක්ව සිටියහ. අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙර හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා අදහස් පළ කළේය. එහිදී පිරිසක් කෑකෝ ගසමින් නොසන්සුන්ව හැසිරුණු අතර හිටපු කතානායකවරයා ඊට ආවේගශීලි ලෙස ප්‍රතිචාර දැක්වීය.
‘1818 ලොකු බණ්ඩලා සුදු බණ්ඩලා රන් බණ්ඩලා කිරි බණ්ඩලා ඔක්කෝම ඌව වෙල්ලස්සේ මේ සටන් පිටිය සටන් පිටිය කියන්නේ හටන් පිටිය. හා හරි. සටන් පිටියට කියන්නේ මේ හටන් පිටියට. ඒ ඌව වෙල්ලස්සේ හටන් පිටිය. ඉතිං දැන් මම මේ අවස්ථාවේ කියන්න කැමැතියි. අපේ පුතාට ඔය විදිහට කට හැකර මොකා කතා කළත් ඒ අපි එක දෙයක් කියන්නම්. ඒ රත්තරං පුතා ඔය වගේ නරි හූ කියනවා නරියෝ හූ කියනවා පර නරි රැළ. මේ උතුම් ඡන්ද දායකයෝ. කළගුණ දන්න ඡන්ද දායකයෝ මේ අම්මලා තාත්තලා. ඔතන ඉඳලා හැකර කට ඇරියට අපි දන්නවා වටින් ඉඳගෙන කරන උගුල්…’

මේ අතර 2019 ඔක්තෝබර් 19 වැනිදා මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නායකයින්ගෙන් මෙවැනි මැසිවිල්ලක් ඉදිරිපත් වුණා.

‘ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට පොහොට්ටු වේදිකාවට ගොඩවූ ශ්‍රීලනිප නායකයන්ට අද කතා කරන්නට සිදුව තිබෙන්නේ හූ හඬ මධ්‍යයේ බවත් එය හිටපු ජනපති චන්ද්‍රිකා මැතිනියගේ වැඩක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කළත් එය කරන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත බවත් ශ්‍රීලනිප මහනුවර දිස්ත්‍රික් සංවිධායක, උඩුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

හූව අලුත් වීම හා බිහිසුණු වීම

ලංකාවේ වත්මන් දේශපාලන කරළිය තුළ හූවේ ප්‍රවණතා ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ ඉහත සඳහන් කළ පදනම මතයි.

හූවේ මෑත කාලීන ප්‍රවණතා අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සඳහන් වන්නේ පසුගිය ඛඡඛ තරගාවලියේ අවසන් දින ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට ලැබුණු දැවැන්ත හූ සංග්‍රහයයි. මේ හූ සංග්‍රහය දේශපාලන වශයෙන් අතිශයින් වැදගත් අවස්ථාවක් බවයි මේ ගැන අවධානය යොමු කළ ඇතැම් දේශපාලන විචාරකයන් පවසා තිබුණේ.

මේ අතර වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන්ටද පසුගිය කාලයේ විටින් විට හූ සංග්‍රහවල රසවිඳීමට සිදු වුණා.

ඒත් දැන් දැන් සමාජය තුළ තිබෙන භීතිය වන්නේ සෝමවීර චන්ද්‍රසිරි වැනි පරිණත දේශපාලනඥයන්, සුනිල් එදිරිසිංහ වැනි දැවැන්ත ප්‍රතිරූප මහත් ඉවසීමෙන් දරාගත් මේ හූව වත්මන් පාලකයන්ට දරාගත නොහැකි තරම් බිහිසුණු වීමයි.

මේ තත්ත්වය තුළ හූ කීම අපරාධයක්ද? එයට දිය හැකි දඬුවම් මොනවාද? යන්න ගැන අපට නිසි අවබෝධයක් තිබිය යුතු නිසා එහි නෛතික පදනම ගැනත් අපි යම් දැනුමක් ලබාගත යුතුයි.

හූව අපරාධයක් ද ?

සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රධාන විධායක සහ හිටපු අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්, හූ කීම අපේ සංස්කෘතියේ කොටසක් බව පැවසුවා.

‘හූ කීම අපේ සංකෘතියේ කොටසක්. හූ කියන එක ඇතැම් වෙලාවට සතුටටත්, ඇතැම් වෙලාවට විරෝධය ප්‍රකාශ කරන්නත්, අසතුට ප්‍රකාශ කරන්නත් භාවිත කරන සංනිවේදන උපක්‍රමයක්. ඒ නිසා හූ කිව්වා කියලා, ජනාධිපතිට හූ කිව්වා කියලා, අගමැතිට හූ කිව්වා කියලා, මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට හූ කිව්වා කියලා, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්න බැහැ’ ඔහු පැවසුවේය.

නීතිඥ අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර සිටියේ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය භාවිතය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකම අර්ථ විවරණදී ඇති බවයි.

768/2009 ශ්‍රේෂ්ඨාධිකරණ සුප්‍රකට නඩු තීන්දුවේ දී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ තීරණය ගෙන හැර දක්වමින් අජිත් පී. පෙරේරා පවසා සිටියේ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අදාළ කරගන්නේ අපහාසාත්මකද නැද්ද යන්න මත නොවන බවයි.

ප්‍රචණ්ඩත්වයෙන් රජයට එරෙහිව කටයුතු කළහොත් 120 වගන්තිය අදාළ කරගත හැකි බව ඔහු සඳහන් කළේය.

‘කිසියම් කෙනෙක් අන්තර්ජාලය හෝ රූපවාහිනිය හෝ වෙනත් මාධ්‍යයක හෝ ජනාධිපතිට, අගමැතිට හෝ රජයේ නිලධාරියකුට හෝ වෙනත් ඕනෑම අයෙකුට එරෙහිව ප්‍රජතන්ත්‍රවාදීව සිය අදහස් ප්‍රකාශ කිරීමේ දී ඒ වචන අපහාසයක් වුවත්, උපහාසයක් වුවත් පොලීසියට බැහැ අත්අඩංගුවට ගන්න.‍’

‘එසේ වෙනවා නම් සමගි ජන බලවේගය හැටියට අපි ඒ අයට නීති ආධාර ලබාදෙනවා. නොමිලේ නීතිඥ රැකවරණය ලබාදෙන්න කටයුතු කරනවා. 120 වගන්තියේම කියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන අයට මේ වගන්තිය අදාළ කර ගන්න බැහැ කියලා, පැහැදිලි කරලා තියෙනවා. ආණ්ඩුවේ අඩුපාඩු කියලා දුන්නා කියලා, ආණ්ඩුව විවේචනය කළා කියලා පොලීසියට බැහැ අත්අඩංගුවට ගන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියේ තිබෙන සාරයට පටහැනියි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලින් කරලා තියෙන ආර්ථ විවරණවලට පටහැනියි. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවට පටහැනියි’ නීතිඥ අජිත්.පී පෙරේරා අවධාරණය කළේය.

120 වැනි වගන්තිය කියන්නේ කුමක්ද ?

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියෙන් පැවසෙන්නේ ‘ශ්‍රී ලංකාවේ ජනතාව අතර විරුද්ධත්වය ඇති කිරීම හෝ විරුද්ධත්වය ඇති කිරීමට උත්සාහ කිරීම හෝ විවිධ පංතීන්ට අයත් ජන කොටස් අතර වෛරය සහ අසමගිය පිළිබඳ හැඟීම් ප්‍රවර්ධනය කිරීම’ වරදක් වේ යනුවෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අන්දමට 120 වැනි වගන්තියේ හරය වන්නේ ප්‍රශ්නගත වචන තුළින් ප්‍රචණ්ඩකාරී හා කැලඹිලිකාරී ක්‍රියා සිදුකිරීමට ජනතාව පොලඹවනවා ද යන්න මිස, වචන අපහාසාත්මකද නැද්ද යන්න නොවේ යනුවන් නීතිවේදීන්ගේ අදහසයි.

මේ ගැන අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්ද්‍රජිත් හේවාවසම් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ තව තවදුරටත් අපහාසය දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් ලැබිය යුතු සාපරාධී අපරාධමය වරදක් නොවන අතර එය සිවිල් නීතිය යටතට ගැනෙන සිවිල් වරදක් බැවින් යම් පුද්ගලයකුට අපහාසයක් සිදු වුවහොත් ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා සිවිල් නීතිය යටතේ නඩු පැවරිය යුතු බවයි.

විවේචන තහනම් කිරීමක් හෝ විවේචන වළක්වාලීමක් පිළිබඳ කිසිදු ආකාරයක ප්‍රකාශයක් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, සත්‍ය තොරතුරු මත, දත්ත මත පදනම්ව කරන ඕනෑම ප්‍රකාශයක් පිළිගැනීමට බැඳී සිටින බවත් භාෂණයේ නිදහසට වැටකඩුලු බැඳීමට කටයුතු කර නැති බවයි.

එහෙත් මේ ගැන අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්ද්‍රජිත් හේවාවසම් මහතා පැවැසුවේ සමාජ මාධ්‍යයන්හි පළවන දෑ පිළිබඳ තම කැමැත්ත අකැමැත්ත පළ කිරීම් හෝ තම සමාජ මාධ්‍යයන්හි ඒවා බෙදා ගැනීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් නොවන බවයි.

‘නමුත් අසභ්‍ය ප්‍රකාශන පළ කිරීම හා ළමා අපචාරවලට අනුබල දීම හෝ එවැනි දෑ විකාශ කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනමම නීති ඇති අතර සමාජ මාධ්‍යයන්හි තම අදහස පළකිරීමට එරෙහිව එසේ වෙනම නීති නෑ. එසේ යම් පුද්ගලයකුට හෝ ආයතනයකට යම් පුද්ගලයකුගේ සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන හිංසාවන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ අදාළ අගතියට පත් පාර්ශ්වය ක්‍රියා කළ යුතුයි.’

චින්තක බණ්ඩාර කරල්ලියැද්ද

SendShareShare
Previous Post

පුලුවන් නම් එන්න කරලා පෙන්නන්න! සජිත් ප්‍රසිද්ධියේ කට්ටියකට දුන්න චැලෙන්ජ් එක! (VIDEO)

Next Post

‘පොහොර හොරා කටෙන් දැනේ..!’ චීන අසූචි පොහොර නැවෙන් හොරා කාපු අය එළියට එයි! (VIDEO)

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.