• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

20 වැනි සංශෝධනයේ රහසක් එළියට එයි! පාර්ලිමේන්තුව විසුරවන්න තුනෙන් දෙකක් ඕන නෑ! 113ක් අස්සන් කළාම ඇති! ප්‍රකට නීතීඥයකු පළමුවරට කරන හෙළිදරව්ව!

January 12, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
20 වැනි සංශෝධනයේ රහසක් එළියට එයි! පාර්ලිමේන්තුව විසුරවන්න තුනෙන් දෙකක් ඕන නෑ! 113ක් අස්සන් කළාම ඇති! ප්‍රකට නීතීඥයකු පළමුවරට කරන හෙළිදරව්ව!
Share on WhatsAppShare on Facebook


‘රට බල්ලට ගිහිල්ලා,’
‘දේශපාලන සදාචාරය බල්ලට ගිහිල්ලා,’
‘රටේ නීතියත් බල්ලටම ගිහිල්ලා,
‘සෞඛ්‍ය නීති-රීතිත් බල්ලටම ගිහිල්ලා,’
‘අද මේ රටේ හැම දෙයක්ම බල්ලටම ගිහිල්ලා.’

අද අපේ රටේ හැම තැනකින්ම අසන්නට ලැබෙන්නේ ‘බල්ලාට ගිය’ මේ කතාවය. එනම් මෙරට මිනිසුන්ගෙන් බහුතරයකගේ මුවින් මේ වන විට මෙම කතාව නිරන්තරයෙන් ඇසෙයි. අද අපේ රටේදී වර්තමානයේ උද්ගතව ඇති ශෝචනීය තත්ත්වයක් උදෙසා මිනිසුන් මෙම ‘බල්ලාගේ කතාව’ දවස පුරාම කියා සිටින්නේ දැඩි ද්වේශයකිනි. අද වත්මන් ශ්‍රී ලාංකික සමාජය මුහුණ දී සිටින මහා ‘ආර්ථික අගාධය’ දරාගත නොහැකිව මිනිස්සු මෙවැනි තත්ත්වයකට පත්ව සිටිති. ‘බල්ලන්ට යෑම’ නොහොත් ඉංග්‍රීසි බසින් කියන ‘gone to the dogs’ (ගෝන් ටු ද ඩෝග්ස්) යන කියමන අපගේ ජන වහරෙහිදී කියැවෙන ඉපැරැණි වගතුගකි. එසේම මෙම වහර වෙනත් භාෂාවන් තුළද දක්නට ලැබේ. පොදුවේ යම් රටක් සමාජයීය, ආර්ථිකමය, සංස්කෘතිකමය, නීතිමය සහ සදාචාරාත්මකවද අන්ත පරිහානියකට සහ පිරිහීමකට පත්වන විටදී, මෙම ‘බලු කියමන්’ නිරන්තරයෙන් අසන්නට ලැබෙයි.

රටක් බල්ලාට යන්නේ නිකම් නොවේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ, යටකී රටෙහි රාජ්‍ය පාලනයෙහි නිරතව සිටින ප්‍රධානතම රාජ්‍ය පාලකයන්ගේ අමනෝඥ, හිතුවක්කාර එමෙන්ම නොමනා, අදමිටු රාජ්‍ය පරිපාලනය හේතුවෙනි. කෙසේ හෝ අද අපගේ මේ ශ්‍රී ලංකාවට මෙම ශෝචනීය තත්ත්වය උදාවී හමාරය. එනම් දැනට වසරක පමණ කාලයක සිට දිනෙන්, දින මෙරට මහත් අගාධයකට යමින් පවතියි. බොහෝ පාර්ශ්ව දෝෂාරෝපණය කරන ලෙසට, මෙම තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මෙරට ප්‍රධානතම රාජ්‍ය පාලකයන් බැව් අර්ථකථනය වෙයි. පසුගිය වසර 2ක් පුරා පවතින ‘කොරෝනා’ වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල්වල ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය කඩාගෙන වැටුණද, දැන් එම රටවල් රැසක්ම එම තත්ත්වයෙන් ගොඩ පැමිණ ඇත. එහෙත් ශ්‍රී ලංකාවට සිදුවී ඇත්තේ තව, තවත් අගාධයට යෑමටය.
මෙවැනි වටපිටාවක් යටතේ අද අපේ රටේ මිනිස්සු තව, තවත් අපූරු කතාන්දර කියා සිටිති. එනම් මෙවැනි තත්ත්වයක් යටතේ මේ රටේ රාජ්‍ය පාලනය වහා වෙනස් විය යුතු යැයිද මෙම බොහෝ පිරිස් කියා සිටිති. මේ අතර තවත් පිරිසක් කියා සිටින්නේ, එලෙස වෙනස් වුවහොත් වන්නේ ‘හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තා වගේ වැඩක්’ යැයි කියාය. ඒ අතරම තවත් සමහර දේශපාලනික පාර්ශ්ව පිරිස් කියා සිටින්නේ, මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව නොහොත් රජය විසිරුවා හැරිය යුතු බැව්ය. මේ නිසාම පසුගිය කාලය තුළ රජයත්, විපක්‍ෂයත් ඇත්තේ මුහුණට, මුහුණ සටනකය. කෙසේ හෝ මෙම අර්බුදකාරී තත්ත්වය දැන් දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතියි.

මෙවැනි සංක්‍රාන්තිමය තත්ත්වයක් උද්ගතව තිබියදී පසුගියදා යම් ආන්දෝලනාත්මක වගතුගක් අසන්නට ලැබුණේය. එනම් මේ වගතුග යම් විශ්ලේෂණාත්මක ස්වරූපයකින් අසන්නට ලැබුණේ එක්තරා ප්‍රවීණ නීති විශාරදයකුගේ ප්‍රකාශයක් හරහාය. ඔහු නම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික ජනබලවේගයේ නීතිඥයෝ සංවිධානයේ සභාපති මෙන්ම, ප්‍රවීණ නීති විශාරදයකුද වන නීතිඥ සුනිල් වටගල මහතායි. ඔහු මෙයට දින කිහිපයකට ඉහතදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වර්තමානයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි නීතිමය වූ ක්‍රමවේදයක් සැකසී ඇති බැව්ය. පසුගිය කාලයේ දිවයිනේ සිදුවුණා යැයි ප්‍රකාශ වුණු මහා පරිමාන සීනි ආනයන වංචාව, යුගදනවි බලාගාරය ඇමෙරිකාවට පවරා දීම, සාමකාමී උද්ඝෝෂණවලදී උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම, නීතිපතිවරයා අධිචෝදනා පවරන ලද නඩු ඉල්ලා අස්කර ගැනීම වැනි සමාජයීය අර්බුද ගණනාවකදීම නීති පාර්ශ්වයෙන් පෙරමුණ ගෙන කටයුතු කළ නීතිවේදියකු වශයෙන් සුනිල් වටගල මහතා ප්‍රකටව ඇත. ඔහුගේ මෙම නවතම ආන්දෝලනාත්මක වගතුග ගැන ‘මව්රට’ කරුණු විමසා සිටියේය.

වර්තමානයේදී රටේ ජනතාව මුහුණ දී සිටින ආර්ථිකමය සහ සමාජයීය අර්බුදකාරී තත්ත්වය මත එම බොහෝ පිරිස් ප්‍රකාශ කර සිටිනවා, මෙම වත්මන් රජය තමන්ට අනවශ්‍යයි, මෙය පලවා හැරිය යුතුයි කියලා. ජනතාවගේ සරල බසින් මෙසේ අදහස් වන්නේ ආණ්ඩුව නොහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය යන්නයි. එහෙත් මෙය පහසුවෙන් කළ හැකි කාර්යයක් නොවෙයි නේද?
‘ඔව්… ඒ කතාව හරි, ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හිතු මනාපයට කළ හැකි දෙයක් නෙවෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුවිය යුතු දෙයක්. ව්‍යවස්ථාවට පටහැනි වෙලා එය සිදු කරන්න බැහැ. එහෙත් අප එකක් මතක තියාගන්න ඕනෑ. රටක් අර්බුදකාරී තත්ත්වයකට පත්වුණු විටදී මේ තත්ත්වයන් වෙනස් වන්න පුළුවන්. රටේ එහෙම සිදුවුණු අවස්ථා තිබෙනවා. ඒ කෙසේ වෙතත් ව්‍යවස්ථාවට සහ ව්‍යවස්ථා සංශෝධනයන්ට අදාළව තමයි එම කටයුතු සිදුවන්නේ.’

19 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක බලය (බහුතරය) අවශ්‍ය වුණා. එසේම එම සංශෝධනය යටතේ වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද නොහැකි වුණා. එදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම තත්ත්වයට මුහුණ දුන්නා. එහෙත් දැන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මේ තත්ත්වය වෙනස් වෙලාද තියෙන්නේ?
‘ඔව්… 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මේ විධිවිධාන යම් අයුරකින් වෙනස් වී තිබෙනවා. ඒ ගැන එම සංශෝධනයේ 70(1) වගන්තියේදී සඳහන්ව තිබෙනවා. එනම් එම නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි කාලය අවුරුදු දෙකකුත් මාස හයක් දක්වා වෙනස් කෙරී තිබෙනවා. තවත් ආකාරයකින් කියනවා නම් අවුරුදු දෙකකුත් මාස හයකට නොඅඩු කාල සීමාවක් ඉකුත්වන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ.’

තුනෙන් දෙකේ බහුතරය නොමැතිව සරල බහුතරයකින් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය හැකි යැයි ඔබ පසුගියදා යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණා. මේ තත්ත්වය කුමක්ද? එවැන්නක් සිදුකළ හැකිද?
‘ඔව්… මේක හොඳ ප්‍රශ්නයක්. මේ තත්ත්වය ගැන හොඳින් අවබෝධ කර ගන්න ඕනෑ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍යව තිබුණා. එහෙත් අලුත්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙම තත්ත්වය යම් ආකාරයකින් වෙනස් වී තිබෙනවා. මේ සම්බන්ධ වූ නව විධිවිධාන 20 වැනි සංශෝධනයේ 70(1) වගන්තිය යටතේ දක්වා තිබෙනවා. එනම් තුනෙන් දෙකේ බහුතරය යන යෙදුම සඳහන් නොකරන සෑම අවස්ථාවකම එය සරල බහුතරයක් අවශ්‍ය එකක් ලෙසටයි අර්ථකථනය වන්නේ. ඉහත 70(1)‘අ’ වගන්තිය යටතේ කියා තිබෙනවා අවුරුදු දෙකහමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා. නමුත් අවුරුදු දෙකහමාරකට කලින් වුණත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් හදාගෙන යෝජනාවක් සම්මත කර ගත්තොත්, පාර්ලිමේන්තුව දැන් විසුරුවා හරින්න ඕන කියලා මේ දේ කරන්නට පුළුවන්. මෙහිදී මෙම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන්න ඕනෑ. එවිට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. එම තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවුරුදු දෙකහමාරක් ඉන්න ඕනෑ නැහැ.

මෙවැනි ක්‍රමවේදයක් ගැන සමාජයේ බොහෝ දෙනෙකු කරුණු දන්නේ නැහැ. තුනෙන් දෙකේ බහුතරය සහ සරල බහුතරය යන්න ගැන යම්් පැහැදිලි කිරීමක් සිදුකළොත්?
‘තුනෙන් දෙකේ බහුතරය කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150ක්, සරල බහුතරය කියන්නේ මන්ත්‍රීවරුන් 113ක්, මේක විශාල පරතරයක්.’

මේ තත්ත්වය යටතේ ඔබ කියන්නේ 19 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා තිබුණු ප්‍රතිපාදන 20 වැනි සංශෝධනයේදී වෙනස් වෙලා කියන එක නේද?
‘ඔව්… 19 වැනි සංශෝධනය යටතේ අවුරුදු හතරහමාරක් යනතුරු විසුරුවන්න බැරි වුණා. යම් ලෙසකින් අවුරුදු හතරහමාරට කලින් විසුරුවන්නට ඕනෑ නම්, පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රිවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක් අස්සන් කරන්න ඕනෑ. දැන් මේ තිබුණු තත්ත්වය 20 වැනි අලුත් සංශෝධනයේදී ඉවත්වෙලා තිබෙනවා. එනම් පැරැණි ප්‍රතිපාදනය වෙනස් වෙලා 20 සංශෝධනයට මේ අලුත් ප්‍රතිපාදනය එකතුවෙලා.’

අතීතයේදී ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන කුමන වටපිටාවක්ද තිබුණේ?
‘ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ඔහු තමයි මේ බලය මුලින්ම භාවිත කළේ. ඒ කාලේ සරල බහුතරය අවුරුද්දක කාලයට පමණයි බලපෑවේ. එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට වසරක පමණ කාලයක් තිබුණා. 19 වැනි සංශෝධනය සිදුවන තෙක්ම මෙම තත්ත්වය තිබුණා. එසේම එතෙක් වෙනකම්ම පාලනයේ සිටි සියලුම ජනාධිපතිවරුන්ට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවුණා. 19 සංශෝධනයේදී මෙය වෙනස් වූ අතර, එය දැන් 20 සංශෝධනයේදී නැවැත වෙනස් වී තිබෙනවා.’

ඔබ ඔය කියන ආකාරයට මන්ත්‍රීවරුන් 113ක සුළුතරය හදාගත්තොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකළ හැකි වෙයිද?
‘ඔව්… පැහැදිලිවම එය කරන්නට පුළුවන්. හරියටම මේ සඳහා විපක්‍ෂෂයේ මන්ත්‍රීවරුන් 113ක් හදා ගන්නට ඕනෑ. පාර්ලිමේන්තුව දැන් විසුරුවා හරින්න ඕන කියලා මේ කණ්ඩායම පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කර ගන්නට ඕනෑ. ඉන් පසුව එම යෝජනාව නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුයි. එවිට අවුරුදු 2 1/2ක් ඉන්න ඕන නැහැ පාර්ලිමේන්තුව විසුරුවන්න.’

ඔබ ඔය ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපතිතුමාට එවැනි යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඔහු ඒ අනුව කටයුතු කරයි කියලා ඔබ විශ්වාස කරනවාද?
‘එවැනි ප්‍රතිපාදනයක් යටතේ යෝජනාවක් සහ ඉල්ලීමක් ලැබුණොත්, එය ඉවත දැමීමට හෝ නොසලකා හැරීමට හෝ ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. ඔහු අනිවාර්යයෙන්ම ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුයි.’

මෙය සැබෑ ලෙසම ආන්දෝලනයක් ඇති කරන කතාබහක් වුණත්, ව්‍යවස්ථාවට අනුව සම්මත ආකාරයට බලන විට පාර්ලිමේන්තුව විසුරුවීමට තව වසර 4ක් පමණ තියෙනවා නේද?
‘ඔව්… ව්‍යවස්ථා ප්‍රතිපාදනයට අනුව එහෙමයි. හරි විදියට මහ මැතිවරණයක් පැවැත්වීමට තවත් වසර 4ක් පමණ තිබෙනවා. මේ අනුව ජනතාව හිතනවා මෙතරම් රට අගාධයකට ගිහින් තිබියදීත්, අපට මැතිවරණයකට යන්න තවත් අවුරුදු 4ක් වැනි ඉතා දීර්ඝ කාලයක් තියෙනවා කියලා. ඒත් මේ සරල බහුතරයේ ක්‍රමවේදය මත එවැන්නක් සිදුවන්නේ නැහැ. ඉක්මනින් රටේ පරිවර්තනයක් කරා ළඟා විය හැකියි. ජනතාව අද විශාල කලකිරීමකින් ඉන්නේ. ඔවුන්ට පැහැදිලිවම වෙනසක් අවශ්‍යව තිබෙනවා.

පසුගියදා ඔබ යම් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකර තිබුණා, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා තමා සතු යම් බලතල යොදා ගනිමින් 20 වැනි සංශෝධනයේදී එහි යම් විධිවිධාන වෙනස් කිරීමකට ලක්කළා කියලා. මේ තත්ත්වය කුමක්ද?
‘ඒක සිදුව ඇත්තේ මෙහෙමයි. ජනාධිපතිවරයාට වරින්, වර ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, වාරාවසාන කිරීම සහ විසුරුවා හැරීම සිදුකළ හැකි බැව් නව විධිවිධානවල සඳහන් වෙනවා. 71(ඈ) උපඡේදයේ විධිවිධානවලට යටත්ව, පාර්ලිමෙන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන්නේ නම් මිස පමණක්, නියමිත කාල සීමාවක් අවසන් වන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද සිදුකරන්න බැහැ. ඒ නිසා මේ සියලු තත්ත්වයන් වෙනස් කළ හැක්කේ ‘සරල බහුතරයක’ ක්‍රියාවලියක් මගින් පමණයි.’

ඔබ මේ කියන තත්ත්වය යටතේ හෙට අනිද්දාම වුණත් රජය විසුරුවා හරින්නට තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය නැහැ. 20 වැනි සංශෝධනය යටතේ සරල බහුතරය පමණක් ඇති නේද?
‘ඔව්… තුනෙන් දෙකක් අස්සන් කරන්නට ඕනෑ කියන ප්‍රතිදානය 20 වැනි සංශෝධනයේදී අයින් වෙලා. සරල බහුතරයෙන් ඒක කරන්නට පුළුවන්.’

එසේ නම් මෙම ක්‍රියාවලිය වහාම සිදුකළ යුතු එකක් දැයි ඔබ සිතනවාද?
‘ජනාධිපතිවරයාට රට නිවැරැදිව ගෙන යා නොහැකි නම් සහ පාර්ලිමේන්තුව ජනතාවට වග නොකියන්නේ නම්, සරල බහුතරයකින් නව පාලනයක් නම් කළ හැකියි. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණයකට යන ලෙසටයි. අද ජනතාව මුහුණ දී සිටින අතිශය ශෝචනීය තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ…’

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහකොමසාරිස්ව හදිසියේම ඉන්දියාවට කැඳවයි! දෙමළ පක්ෂ එක්ක තියන්න ගිය සාකච්ජාව අන්තිම මොහොතේ කැන්සල් කරයි!

Next Post

කොළඹ ටික් ටොක් තරුව පිහියෙන් ඇන මරලා දැම්මේ ටික්ටොක් හුටපටයක් නිසාද? ළමයි ෆෝන් එකට ඇබ්බැහි වීම නිසාද?

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.