• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රීපාලට ‌උත්තර දීම ඇරඹේ! පොහොට්ටු මූලස්ථානයේදීම දැවන්ත ප්‍රහාරයක්!

January 11, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
මෛත්‍රීපාලට ‌උත්තර දීම ඇරඹේ! පොහොට්ටු මූලස්ථානයේදීම දැවන්ත ප්‍රහාරයක්!
Share on WhatsAppShare on Facebook

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉකුත් ජනාධිපතිවරණයේ දි කකුල් දෙකම දෙපැත්තේ තබාගෙන කටයුතු කළ බවත්, කිසිදු කාර්යයක වගකීම ‌බාරනොගෙන එය විවිධ පුද්ගලයන් පිට පැටවීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවත් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදහස් දක්වමින්,

“අද දවසේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එකට එකතුව අපිත් එක්ක දේශපාලන වශයෙන් සන්ධාන ගත වුණා. ඊට පසුව වසරකුත් මාස 04 ට පසු මහා මැතිවරණය පවත්වලා එතුමා රට වටේ යමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට විවේචන, චෝදනා එල්ල කරමින් යනවා.

ඒ වගේම ඊයේ දවසේදී එතුමා ප්‍රකාශ කළා අපි එතුමාගේ පිටිපස්සෙන් ආවා කියලා. එසේම එතුමාගේ සහයෝගය නැතිව ජයග්‍රහණය කරන්න හැකි වෙන්නේ නෑ කියලා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයේ දි කකුල් දෙකම දෙපැත්තේ තියාගෙන තමයි කටයුතු කළේ. ඒ වගේම මහ මැතිවරණය අපි ජයග්‍රහණය කරාට පස්සේ එතුමා නැවත නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාර අරගෙන අපිත් එක්ක මහ මැතිවරණය ඉල්ලන්න කටයුතු කළා. එතුමාගේ කාලයේ කිසිම වගකීමක් භාර ගන්නේ නෑ. කාටහරි වගකීම චෝදනාව එල්ල කරමින් තමයි එතුමා කටයුතු කරන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය මේ රටේ වෙද්දී එතුමා මේ රටේ ජනාධිපති, පොලිස්සියේ විෂය භාර ඇමතිවරයායි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ එතුමාගේ විෂය පථයට අයත් කාලයක් තුළයි. එතුමා එක දශමයක වගකීමක්වත් ගන්න තරම් නිහතමානි වෙලා නෑ. හැම එකක්ම පටවන මානසිකත්වයේ ඉන්නේ. ඒනිසා අපි මේ රටේ නැති කරන්න ඕනේම ඔය දේශපාලනයයි. තමන් තනතුරක් දරන කාලයක සිදුවන ක්‍රියාකාරකම්වලට යම්කිසි හෝ වගකීමක් ගන්න නිහතමානි වෙන්න කියලා අපි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අපි පවුලක් වුණත් මෙහෙම යන්න පුළුවන්කමක් නෑ කියන එකත් මතක් කරන්න ඕන. ඒ නිසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවර දේශපාලන කඳවුරක් වන ඉතාම කෙටි කාලයකින් ආණ්ඩු බලය ලබා ගත්තා. අපි ලෝකය එක්ක සන්සන්දනය කරද්දි එන්නත්කරණයේදී අපි සාර්ථක රටක්. ඊයේ දිනයේදි සියලු පාසල් ආරම්භ කළා. අද නැවතත් රටේ ආර්ථකය පනගන්වලා තිබෙනවා. රටේ ආර්ථිකයට උත්තේජනයක් ලැබිලා ආර්ථික ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මේ සියල්ලම සිද්ධ කරන්න අපිට හැකියාව ලැබුණේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, අග්‍රාමාත්‍ය තුමාගේ නායකත්වයෙන් සහ සියලුම ත්‍රිවිධ හමුදාව , සෞඛ්‍ය අංශයේ සහයෝගය නිසායි. මේ එන්නත්කරණය හරියාකාරව ඉෂ්ඨ කරන්න බැරි වුණා නම් අද මේ රටේ තත්වය මීට වැඩිය වෙනස් තත්වයකට පත්වෙනවා කියලා කියනවා.”

⦁ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කියන්න කැමති ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම වෙනකාටවත් භාර දෙන්න එපා. ඒක ඔබතුමාම භාර ගන්න……….

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා අදහස් දක්වමින්,

“ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වන විට එහි පෙරටු නායකයින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටත්, වර්තමාන ආණ්ඩුවටත් අතිශයෙන් නිර්දය ලෙස පහාර දීමක් සිදු කරමින් පවතින බව අපි දකිනවා.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කියන්න කැමති ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම වෙනකාටවත් භාර දෙන්න එපා. ඒක ඔබතුමා භාර ගන්න. 75% ක් තිබුණු පළාත් පාලන ආයතනවල බලය තිබුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටයි. ඔබතුමයි ඒ පළාත් පාලන ආයතන විසුරුවලා අවුරුදු 03 ක ඡන්දය කල්දාලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මූලික මූලයන් බිම් මට්ටමේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය විනාශ‍ කළේ . ඒ වගේම පළාත් සභා මන්ත්‍රි ව්‍යුහයේ ජ්‍යෙෂ්ඨයන්, ජනප්‍රියම දේශපාලන චරිත ඉවත් කරලා ඊට පසුපෙළ හිටපු කණ්ඩායමට දේශපාලන අවස්ථා නිර්මාණය කරන්න ගිහිල්ලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ව්‍යුහය නැති කළේ ඔබතුමයි. ඔබ දිගින් දිගටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශ කිරිමේ වගකීම වෙන කාටවත් පවරන්න එපා. ඒක ඔබතුමා භාර ගත යුතුයි. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නුවරඑළිය පස්වෙනියා. කළුතරින් නිදහස් පක්ෂයට ඡන්දය ලැබුණේ 10,979 යි. අනුර කුමාර මහතාගේ පක්ෂයත් ආවා ඊටත් වඩා උඩින්. ඒ නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශ කර දැමීම සම්බන්ධව ඒ ඓතිහාසික වරද මම ඉතාම පැහැදිලිව සාධක සහිතව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉදිරියේ තියනවා. ”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක මහතා අදහස් දක්වමින්,

“අද මේ රටේ විශාල අර්බුදයක් අපි උපරිමයකට ජයග්‍රහණය කළ මොහොතක්. අපිට ලොකු අභියෝගයක් තිබ්බා අවුරුදු 02 ක් මේ රටේ කොරෝනා වසංගතයෙන් මුදවා ගන්න. අතිගරු ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන ගියා. ඒ තුළින් අපිට ‍කොරෝනා වසංගතය ජයගන්න හැකිවෙලා තිබෙන මොහොතක මේ රටේ ආර්ථිකය ජයගන්න වැඩපිළිවෙළ ආරම්භ කරලා තිබෙනවා. මේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන මොහොතේ හැමදාම සුපුරුදු පරිදි මේ හැම මොහොතකම විනාශකාරි වැඩපිළිවෙළක් කරන කණ්ඩායමක් සිටිනවා ආණ්ඩුව ඇතුළේ. ඒ කණ්ඩායම් වලින් ප්‍රබලම පුද්ගලයා තමයි මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කණ්ඩායම.

දැවැන්ත රුක්ෂයක් තිබුණු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණව බිමට ඇඳ වට්ටන්න කඳ පණුවගේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයයි. ඒ විතරක් නොවේ අද වන විට මේ පොදුජන පෙරමුණ අපි හදපු දැවැන්ත පක්ෂය විනාශ කරන්න පුළුවන්ද කියලා මේ කදපණුවා බලනවා. හැබැයි මේ කදපණුවට කියනවා මේ පහුගිය වතාවල් ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කළා වගේ ලැස්තිවෙන්න එපා මේ වැඩේට. මේ රටේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය කියන්නේ ප්‍රබල පක්ෂයක්.

අපිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඔය දෙපැත්ත කන දෙපිටිකාට්ටුවෝ එකෙක් නැතත් අපිට මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා දේශපාලන වශයෙන් අතරමංවෙලා හිටියේ. ඔවුන්ට දැඩි අවධානමක් තිබ්බා ඔවුන්ගේ රැකවරණය අහිමි වෙලා තිබුණු මොහොතක තමයි අපි පොදුජන පෙරමුණ පක්ෂය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා නිර්මාණය කරලා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. ඒ හින්දා තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයටත් මේ රටේ මේ වන විට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් පරිසරයක් හැඳුනේ පොහොට්ටුව මේ රට ජයග්‍රහණය කරපු නිසා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමනි මේ රටේ ජනතාව ඔබතුමාව පිළිගන්න නැති තත්වයට පත්වෙලා ඉවරයි.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට අද කලදුටු කල වල ඉහ ගන්න හදන න්‍යායට එන්න හදන්නේ. ඔවුන් හිතන්නේ බඩු මිල වැඩිවෙනකොට ගෑස් වල ප්‍රශ්නය එනකොට මේක සාදාකල් ප්‍රශ්නයක් බවට මේ රටේ පත්වෙයි කියලා. අපි ඉතාම කඩිනමින් මාස කිහිපයක් ඇතුළත මේ රටේ ජනතාවගේ අතවශ්‍ය භාණ්ඩ සහ මේ ගෑස්වල ප්‍රශ්නය සම්පූර්ණව විසඳන්න කටයුතු කරනවා. අපි කොරෝනා වසංගතයෙන් මේ රටේ ජනතාව බේරගෙන මේ රටේ ආර්ථිකය නැවත ඔසවන්නට වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාත්මක කරනවා. එය බලාගෙන ඉන්න බැරි කුහක දේශපාලඥයෝ අද පිටිපස්සේ ඇවිත් පිහියෙන් අනින්න හැදුවට මේ වැඩපිළිවෙළ අසාර්ථක කරන්න අපි දෙන්නේ නෑ.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා අදහස් දක්වමින්,

“අපි දැක්කා මෛත්‍රිපාල හිටපු ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවට, අපේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති විවේචනය කරනවා. එතුමාට කියන්න කැමති ආණ්ඩුවවේ ඇතුළේ ඉඳලා මේ වගේ විවේචනය කරනවාට වඩා හොඳයි ආණ්ඩුවෙන් එළියට ගිහින් විවේචනය කරා නම්. අද කාදිනල්තුමාත්, කතෝලික ජනතාවත් විරසක වෙලා ඉන්නේ එතුමා නිසා. එතුමාව අපේ ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා ඔවුන් හිතන්නේ. පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වගකියන්න ඕන කියලා කාදිනල්තුමා කියනවා. මේ ක‍තෝලික ජනතාවම අපිත් එක්ක තරහාවෙලා ඉන්නේ. ඒ ඔක්කෝම දරාගෙන ආණ්ඩුවක් හැටියට එතුමාව එකතුකරගෙන අපි මේ යන එකට අපේ ආණ්ඩුවට ස්තූති කරන්න අවශ්‍යයයි. නමුත් එතුමා කරන්නේ මේ සේරම විවේනය කරනවා. එතුමාගේ වැරදි වහගන්න දිස්ත්‍රික් මට්ටමේ තියෙන බලමණ්ඩලවලට ගිහින් විවේචනය කරනවා. එතුමා විශ්වාස කරපු හැම කෙනෙකුටම එතුමා කළේ අවිශ්වාසය ගොඩනගපු එකයි. ඒ නිසා තමයි එතුමාව හැම පක්ෂයම ප්‍රතික්ෂේප කරන්නේ. මේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි එතුමාව තියාගෙන ඉන්නේ. එතුමාට ගිහිල්ලා එතුමාගේ කණ්ඩායම එක්ක ගිහින් විවේචනය කරන්න පුළුවන්.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තමයි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කළේ. නමුත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එදා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා නැත්තට නැති කරද්දි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කළේ, එකතු කරගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජානාධිපතිතුමා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෝ ගමින් ගමට ගිහිල්ලා‍ එකතු කරන්න සිදු වුණේ එතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුණු විසුණු කරපු නිසා. එතුමා හැම කෙනෙක් එක්කම එකතුවෙලා එතුමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළා මිසක් රට ගැනත්, පක්ෂය ගැනත්, ජනතාව ගැනත් හිතුවේ නෑ. අපි දැඩි විරෝධයත්, එතුමාට අප්‍රසාදයත් පල කරනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

SendShareShare
Previous Post

අපේම බල්ලො තමයි අපිව හපා කන්නේ! ඊයේ මන්ත්‍රී ඩිලාන් මුල් ගල තියපු පාරට අද ඇමැති තේනුක ඇවිත් මුල්ගල තියයි! (VIDEO)

Next Post

අලව්වේ පොහොට්ටු හැසිරීම බිංදුවයි! මේස පෙරළයි! ගිනි තියයි! සිංදු කියයි! කාන්තාවන්ට අපහාස කරයි!‍ (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.