චීන විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා නොගොස් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළට ගියේ චීනය හා පුද්ගලික මට්ටමින් සිදුවන ගනුදෙනු නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ චීනය වැනි විශාල රටක නායකයන් වරින් වර ලංකාව වැනි කුඩා රටකට පැමිණීම පිළිබදවද බරපතළ ප්‍රශ්නයක් ඇති බවකි.
මේ කුමන ඇමැති ආවත් එන්නේ රටට ආදරයකින් නොව රටේ සම්පත් කොල්ලකෑමට බවටද ඒ මහතා කියා සිටියේය.










