• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ අය අදහන තිරුපති දෙවියන්ව ඉන්දීය නායකයන්ට විශ්වාස නැද්ද?

January 5, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අපේ අය අදහන තිරුපති දෙවියන්ව ඉන්දීය නායකයන්ට විශ්වාස නැද්ද?
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ මෙරට තුළ වැඩියෙන්ම කතාබහට ලක් වූ පුවත වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තිරුපති වන්දනාවය. ඒ සම්බන්ධයෙන් පැතිර ගිය අතුරු කතාද බොහෝය. කෙසේ වුවද, මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනා කිරීම අලුත් පුවතක් නොවන්නේ ඔහු මීට පෙර අවස්ථා කිහිපයදීම එම වන්දනාව සිදුකර තිබීම හේතුවෙනි.

ජනාධිපති ධුරයේ කටයුතු කළ කාල සීමාවේදී අවස්ථා කිහිපයකදීම තිරුපති වන්දනා කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය. එමෙන්ම නියමිත කාලයට පෙර 2015 වසරේදී හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමටද, රාජපක්ෂ මහතා කටයුතු කළේ තිරුපති වන්දනාවෙන් අනතුරුව වීම විශේෂත්වයකි.

මහින්ද රාජපක්ෂ මහතාට අමතරව වැඩිම වාර ගණනක් තිරුපති වන්දනා කළ මෙරට තවත් දේශපාලනඥයෙකු වන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. යුරෝපීය ලිබරල්වාදී අදහස් දරන දේශපාලනඥයෙකු ලෙස සැලකෙන වික්‍රමසිංහ මහතා තිරුපති වන්දනාවේ යෙදීම එක් අතකින් පුදුමයට කරුණක් වුවද, අවස්ථා කිහිපයකදීම තිරුපති වන්දනා කර ගැනීමට ඒ මහතා කටයුතු කරන ආකාරයද දැක ගත හැකි විය. එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටි කාලයේදී එක් අවස්ථාවක තිරුපති වන්දනාවේ යෙදෙමින් සම්ප්‍රදායික තුලාභාර පූජාව සිදු කිරීමටද වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. එහිදී සිදුවන්නේ තම ශරීරයේ බරට සරිලන පූජා භාණ්ඩ දේවාලය වෙත පූජා කිරීමය.

ඊට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කිහිප වතාවක් තිරුපති වන්දනා කර ගැනීමට කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය. 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂගේ තිරුපති වන්දනාව අවඥාසහගතව හෙළා දුටු සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව තිරුපති වන්දනාවේ යෙදීමද කැපී පෙනෙන සිදුවීමකි.

හිටපු ජනාධිපතිවරුන්ට සහ අගමැතිවරුන්ට අමතරව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් බොහෝ දෙනකු තිරුපති වන්දනාවේ යෙදෙන බව නොරහසකි. ඒ බොහෝ සංචාර සිදුවන්නේ අප්‍රකටව වීමද විශේෂත්වයකි.

ඉන්දියාවේ අන්ද්‍රාප්‍රදේශ්හි තිරුපති ප්‍රදේශයේ පිහිටා ඇති තිරුමාලා කෝවිල හින්දු බැතිමතුන් සලකන්නේ විෂ්ණු දෙවියන් ජීවමානව වැඩවාසය කරන පූජා භූමියක් ලෙසිනි. ඒ හේතුවෙන් එය වන්දනාමාන කර ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් දිනපතාම පැමිණෙන අතර ඉන්දියාවේ ජනප්‍රියතම දේවස්ථානයක් ලෙසින් තිරුපති ප්‍රකටව ඇත. කෙතරම් පිරිසක් රැස්ව සිටියද, දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූ ජනතාව සඳහා විශේෂ ප්‍රමුඛතා මාර්ගයක් ඔස්සේ පුද පූජා පැවැත්වීමටද තිරුපති පාලන අධිකාරය කටයුතු සලසා දී ඇත.

බොහෝ දෙනකු විශ්වාස කරන්නේ තිරුපති තිරුමාලා දෙවොලට බාර හාර, පුද පූජා පැවැත්වීමෙන් තම බලාපොරොත්තු සඵල වන බවය. ඒ ආකාරයෙන් බලාපොරොත්තු සඵල කර ගත් බොහෝ දෙනකුද දැක ගත හැක. තිරුපති දෙවොළ දිනෙන් දින ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වන්නේද ඒ හේතුව මතය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපේ රටේ දේශපාලනඥයින්ද නිතර තිරුපති වන්දනාවේ යෙදෙන්නේ ඒ හේතුවෙන් වන්නට පුළුවන. නමුත් මෙහි කැපී පෙනෙන කාරණය වන්නේ අපේ රටේ දේශපාලනඥයන් තරමට ඉන්දීය දේශපාලනඥයන් තිරුපති වන්දනාවේ නොයෙදීමය.

ඉන්දීය මාධ්‍ය අනාවරණය කරන අන්දමට ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා තිරුපති වෙත පැමිණ ඇත්තේ අවස්ථා තුනකදී පමණි. ඒ අවස්ථා තුනේම මූලික අරමුණ වී ඇත්තේ ඒ අවට ජනතාව හමුවීමය. ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ තිරුපති ගමන හුදෙක් ආගමික අරමුණකින් සිදූවූවක් නොව ඉන් එහා ගිය දේශපාලනික අරමුණකින් සිදුවූවක් බව ඉන්දීය මාධ්‍යවල අදහසය.

මාධ්‍ය වාර්තා අනුව මෝඩිට පෙර ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනමෝහන් සිං මහතාද තිරුපති වන්දනාවේ නියැළී ඇත්තේ එක් අවස්ථාවක පමණි. ඒද සිය දෙවැනි ධුර කාලය තුළය. ඉන්දියාවේ අනෙක් ප්‍රබල දේශපාලනඥයන්ද එසේමය. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් තිරුපති වන්දනා කළ තරමට එකදු ඉන්දීය දේශපාලන නායකයෙකු හෝ තිරුපති වන්දනා කර නොතිබීම විශේෂත්වයකි.

මෙහිදී තවත් කැපී පෙනෙන කාරණාවක් වන්නේ මේ ආකාරයෙන් තිරුපති වන්දනාවේ නියැළෙන ශ්‍රී ලාංකේය දේශපාලනඥයන් සියලු දෙනා බුදුදහම ප්‍රමුඛ කර ගනිමින් දේශපාලනයේ නියැළෙන්නන් වීමය. ඒ අතරින් ප්‍රධාන වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකටව ඇත්තේ සිංහල ජාතිය සහ බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු ලෙසිනි. ඔහුගේ ඡන්ද පදනම ප්‍රධාන වශයෙන් සකස් වී ඇත්තේ සිංහල බෞද්ධ ජනතාව වටාය. ඒ බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් මනාව වටහා ගත හැක. එහෙත් තම දේශපාලන ජීවිතයේ සුවිශේෂී අවස්ථා සඳහා ඒ මහතා පළමුව හින්දු දෙවියන් වැඩ වාසය කරන තිරුපති බලා ගමන් කිරීම බොහෝ දෙනාගේ කතාබහට හේතු වී ඇත.

හින්දු ආගමික සිද්ධස්ථානයක් වුවද, තිරුපති සම්බන්ධයෙන් බෞද්ධයන්ටද අයිතියක් ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව ඇත. බෞද්ධ ඉතිහාසය අනුව තිරුපති පිහිටා ඇති තිරුමාලා කඳු වැටියේ බුදුන් වහන්සේගේ පාද ලාංඡනයක් සටහන්ව ඇත. බුදුන් වහන්සේ සුනාපරත්නයට වැඩම කරද්දී, සප්තභද්‍ර නම් තවුසෙකු මුණගැසුණු බවත්, එම තවුසා ප්‍රශ්න විචාරා පැහැදී බුදුන් වහන්සේගෙන් පැවිදි වීමට අවසර ඉල්ලූ බවත්, අනතුරුව තමන්ට වන්දනා කිරීම සඳහා පූජනීය වස්තුවක් ලබා දෙන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව ඇත. තිරුමාලා කඳුවැටියේ තම පා සලකුණ පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කර ඇත්තේ එම ඉල්ලීම පරිදිය.

එසේ වුවද, ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් තිරුපති වන්දනාවේ නියැළෙන්නේ එම පා සලකුණ වන්දනා කර ගැනීම උදෙසා නොවේ. ඔවුන් තිරුපති වන්දනාවේදි සිදු කරන්නේ හින්දු බැතිමතුන් මෙන් විෂ්ණු දෙවියන් වන්දනා කර ගැනීමය. එමෙන්ම සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින එම එකදු නායකයෙකු හෝ සිය ඉන්දීය ගමනේදී බුද්ධගයාව වන්දනා කර ගැනීමට පෙළඹෙන්නේද නැත.

කෙසේ වෙතත් මෙතරම් කාලය සහ මුදල් වියදම් කරමින් තිරුපති වන්දනාවේ යෙදීමට හේතුවන සුවිශේෂී කරුණු කාරණා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට තිබෙනවා වන්නට පුළුවන. එසේ නොමැති නම් ඔවුන් මේ ආකාරයෙන් තිරුපති යෑමට හේතුවක් නැත.

එසේ වුවද, තිරුපති වන්දනාවේ යන දේශපාලනඥයන් සිදු කරන ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටු වූ බවක් නම් අපට පෙනෙන්නට නැත. ඒ සඳහා හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ මහතාමය. 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර තිරුපති වන්දනාවේ යෙදුණද, ඒ අවස්ථාවේ ජයග්‍රහණය කිරීමට ඒ මහතාට නොහැකි විය. එමෙන්ම තම ශරීරයේ බරට පුද පූජා පැවැත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තු අසුන පවා අහිමි වී ගියේය. මෙවර තිරුපති ගොස් මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ උදවිය කළ ප්‍රාර්ථනා මොනවාදැයි අප දන්නේ නැත. එබැවින් ඒවා ඉටු වුණාද, නැද්ද කියා දන්නේද ඔවුන්ම පමණය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඇමැති රොෂාන් එක්සත් රාජධානියේදී කොරෝනා හදාගනී!

Next Post

තෙල් මිල නැග්ගුවාට මිනිස්සු පාරට බැස කැරලි ගහයි! කසකස්ථාන ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.