• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළෙ දේවල් ඇතුළේ කතා කරන්න ඕනේ..! එළියෙ බෑ! මුලු මන්ත්‍රී කණ්ඩායමම සුසිල් ඉවත් කිරීම අනුමත කරනවා! ආණ්ඩුවෙන් පළමු ප්‍රතිචාරය එයි! (VIDEO)

January 4, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇතුළෙ දේවල් ඇතුළේ කතා කරන්න ඕනේ..! එළියෙ බෑ! මුලු මන්ත්‍රී කණ්ඩායමම සුසිල් ඉවත් කිරීම අනුමත කරනවා! ආණ්ඩුවෙන් පළමු ප්‍රතිචාරය එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ඇතුළේ දේවල් ආණ්ඩුව ඇතුළේ කතා කළ යුතු බවත්, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා එය කඩ කොට ඇති බැවින් ඔහුගේ අස්කිරීම ආණ්ඩු පක්ෂයම අනුමත කර ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අද මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මෙසේද කීය.

අතිගරු ජනපතිතුමා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාව අස් කරලා තිබෙනවා. එතුමා රජයේ සහ රජයේ වැඩපිළිවෙළ වගේ ප්‍රතිපත්ති නොයෙකුත් අවස්ථාවන්හි විවේචනය කරලා තිබෙනවා. මෙ නිසා අතිගරු ජනාධිපතිතුමා විසින් ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා . රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ලෙස වගකීමක් තිබෙනවා රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. එම ප්‍රතිපත්ති වල වැරැද්දක් තිබෙනවා නම් ඒවා ගැන කතා කරන්න ස්ථාන තිබෙනවා. කැබිනට් එකේ දි ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය ඇමතිවරුන් ජනාධිපති තුමාව මුණගැහෙනවා . අවස්ථාවලදීත් ඒ අයට ඒවා ගැන කතා කරන්න පුළුවන්. තමන් යම් කණ්ඩායමකට ක්‍රීඩා කරනවා නම් ඒවා එම කණ්ඩායම ඇතුලේ කතා කරන්න ඕන. ඒවා එළියෙ කතා කරන එක නොවෙයි විය යුත්තේ.

ජේෂ්ඨ අමාත්‍යවරුන් හැටියට ඒ අය අනිත් අයට ආදර්ශයක් විය යුතුයි. කොන්ද කෙලින් තිබෙන්න ඕනේ ඇතුල කතා කරන්න. අතිගරු ජනාධිපතිතුමා මේ ගත්තේ හරි තීන්දුවක්. මේක මීට කලින් ගන්න තිබුණු තීන්දුවක්. කැබිනට් සාමුහික වගකීම ගැන අවබෝධයක් නැතිනම් ඇමති ධූරයක් දරන්න සුදුසු නැහැ. එලිය කරන දේශපාලනය කැබිනට් එක ඇතුල් කරන්න බැහැ. කැබිනට් එක ඇතුලේ ඕනෑම දෙයක් කතා කරලා විසඳාගැනීමට පූර්ණ නිදහසක් ජනාධිපතිතුමා දී තිබෙනවා.ඒ වගේමයි කණඩායම් රැස්වීම්වල කතා කරන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති මුණගැහෙන අවස්ථාවලදී කතා කරන්න පුළුවන්. හැබැයි ඒක එළියෙ ගිහින් විවේචනය කරනවා නම් ඒක වැරදියි. ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාස තබලා මේ රටේ බහුතර ජනතාව ලබාදුන්න ජනවරම අපි ආරක්ෂා කළ යුතුයි.

අපේ ඇමතිවරුන් අතර විනයක් නැත්තං රටේ ජනතාවගේ විනය අපිට හදන්න බැහැ. කැබිනට් රැස්වීම තුළ කතා කරන දේවල් එළියේ කතා කරන්නේ නැහැ. අපි කවුරුත් බය කරන්න නොවෙයි මේ දේවල් කරන්නේ . දේශපාලනය කල යුතු ආකාරය ගැන අපි දැන ගත යුතුයි. දේශපාලන කරද්දි පිළිපැදිය යුතු දේවල් ගැන අපි දැනුවත් විය යුතුයි. විපක්ෂයේ කාර්යභාරය තමයි ආණ්ඩුව විවේචනය කරන එක. ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කරන්න ඕනේ නැහැ. මේ සිද්ධිය හුවාදක්වමින් විපක්ෂය දැන් මෝඩ වින්දනයක් ලබනවා.

රජයේ සේවකයන්ට රු. 5000 ලබා දීම ඉතාමත් සැලසුම් සහගතව කළ දෙයක්. මේවා ගැන කලින් අණබෙර ගහන්නේ නැහැ . නියමිත වේලාවට ඒ දේවල් කරනවා. විපක්ෂය එය සෑම විටම මේ රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා . පක්ෂය මේ වෙද්දි කරපු කියපු කියපුවා සියල්ල බොරු වෙලා තිබෙනවා . ඔවුන් දන්නේ පුස් වෙඩි තියන්න විතරයි. රාජ්‍ය සේවකයන්ට වගේම රටේ සමෘද්ධිලාභීන්ටත් සහන ලබා දුන්නා . ගෙවතු වගාවට මුදල් වෙන් කළා . වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන ලබා දුන්නා. සෑම අංශයක්ම ආරක්ෂා වන ආකාරයට තමයි අපි මේ තීන්දු තීරණ ගත්තේ. මේවා මැතිවරණ ඉලක්ක කරගෙන කරන දේවල් නොවෙයි . මේවා රටේ ජනතාවට අවශ්‍ය මොහොතේ දී ලබාදෙන සහන. විපක්ෂය අපෙන් ඇහැව්ව මොනවාද ජනතාවට ලබාදුන් සහන කියලා . අපි කියනවා මේවා තමයි ජනතාවට ලබා දුන් සහන . ජනවාරි 15 රටේ ආර්ථිකය වැටෙනවා කිව්වා . නමුත් ජනවාරි 15 අපි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරනවා . බැසිල් ඇමතිතුමා ආපුහාම රට විනාශ වෙනවා කිව්වා. එයා ආර්ථිකය වැටෙනවා කිව්වා.මේ සහන ලබා දීමෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියන එක ඔප්පු වෙනවා .

SendShareShare
Previous Post

සුසිල්ව අස්කළාට ආණ්ඩුවේ පිපිරීම නවත්වන්න බෑ! මෛත්‍රී ප්‍රසිද්ධියේම ජනාධිපතිට එරෙහිව යයි! (VIDEO)

Next Post

පිපිරෙන ගෑස්වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වන්දි! බැසිල්ගෙන් නියෝගයක්!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.