රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි.මම ඇමතිවරයෙක් වුණේ 2000 අවුරුද්දේදී ජනාධිපතිවරු තුන්දෙනෙකු යටතේ මම වැඩකරලා තියෙනවා.මට වෘත්තියක් තියෙනවා. ඒක තමයි නීතිඥ වෘත්තිය. මම හෙට ඉඳලා එම වෘත්තියේ කටයුතුවල යෙදෙනවා…. යැයි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍යවලට අදහස් දක්වමිනි.
එදා දෙල්කඳ පොළේදී ගත් ලොතරැයිය තමාට ඇදුණු බවද හෙතෙම සඳහන් කළේය.










