ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙකක් මේ වන විට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.
අදාළ නැව් දෙකෙහි ඉන්ධන මෙරටට ගොඩබෑම සඳහා ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කර ගැනීමේ අර්බුදයක් මේ මොහොතේ පැන නැගී ඇති බව දැනගන්නට ඇත.
මෙම නැව් දෙකෙහි ඉන්ධන තොගය වහා ගොඩ බා නොගත්තොත් මෙරට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි බව ද දැනගන්නට තිබේ.










