ඉන්ෆ්ලුවන්සා සහ කොරෝනා වෛරසය එකවර ආසාදනය වූ රෝගියකු මේ වනවිට වෛද්‍යවරුන් විසින් හදුනාගෙන ඇති අතර එම තත්ත්වය නම්කර ඇත්තේ “ෆ්ලෝරෝනා” යනුවෙනි.
මෙම රෝගී තත්ත්වයේ පසුවූ කාන්තාවක් ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබේ. ඇය ගැබිනියක් බව වාර්තා වෙයි.
එය මෙවැනි රෝගී පුද්ගලයෙක් හමුවූ පළමු අවස්ථාව ලෙස සඳහන් විය.
ඇයගේ රෝගී තත්ත්වය හඳුනාගෙන ඇත්තේ දරු ප්‍රසුර්තිය සඳහා ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව බව සඳහන් විය.
එසේම ඇය කිසිදු වෛරසයක් සඳහා එන්නත් ලබාගෙන නොමැති බවද බලධාරීන් පවසයි.
වෛද්‍යවරුන් සැක පළ කරන්නේ “ෆ්ලෝරෝනා” රෝග තත්ත්වය පහසුවෙන් පැතිරයා හැකි බවට ය.










