25,000කට ආසන්න සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති සියල්ලම පාහේ එක්ව ලංවිම සේවක සංගමය (CEBEA) ය නමින් වෘත්තීය සමිති එකමුතුවක් පිහිටුවාගෙන ඇත.
එහි සභාපතිවරයා වශයෙන් ලංවිම ව්‍යාපාර සහ මෙහෙයුම් උපාය මාර්ග නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පත්ව ඇති අතර සමලේකම්වරුන් වශයෙන් උපුල් ශාන්ත සහ එස්.ඩී. නිශාන්ත.යන මහත්වරුන් පත්ව තිබේ.
විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයින් පාහේ නියෝජනය කරන වෘත්තීය සමිති 13ක් පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කිරීමට මෙහිදී ප්‍රතිඥා දී ඇත.
ලංවිම මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම, අඩු වියදම් විදුලි උත්පාදනය වැඩි දියුණු කිරීම, දැරිය හැකි ගාස්තුවකට මුළු රටටම විදුලිය සැපයීම, පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ විදුලි සැපයුම සහ සේවාවන් සහතික කිරීම, බාහිර පාර්ශ්වකරුවන් සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගැනීම, සේවක සහභාගීත්වය වැඩි දියුණු කිරීම, නවීන තාක්‍ෂණය සමඟ මෙහෙයුම් විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සහ හරිත බලශක්තිය ඒකාබද්ධ කිරීම ප්‍රශස්ත කිරීම මෙම වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රධාන අරමුණු වේ.











