• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද නත්තල් දවසේ මම රන්ජන්ව බලන්න ගියා! රන්ජන්ටත් නත්තල්! ඒත් අද ඔහු ඉන්නෙ වැලිකඩ! මට කිව්වා සමස්ත ජනතාවටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන්න කියලා!

December 25, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
අද නත්තල් දවසේ මම රන්ජන්ව බලන්න ගියා! රන්ජන්ටත් නත්තල්! ඒත් අද ඔහු ඉන්නෙ වැලිකඩ! මට කිව්වා සමස්ත ජනතාවටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන්න කියලා!
Share on WhatsAppShare on Facebook

මගේ හිතාදර මිත්‍රයා ,දයාබර සටන් සගයා රංජන් රාමනායක බලන්නට අද මම වැලිකඩ සිර ගෙදරට ගියා.

මොන තරම් දුෂ්කර කටුක අත්දැකීමක් වුණත් ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉතාමත් ධෛර්ය සම්පන්න ලෙස රන්ජන් ඉන්න බව මේ මොහොතේ මතක් කළ යුතුමයි.

වචනයකින් සිදු වූ වරදක් බරපතල දඬුවමක් ලෙස විඳිමින් රන්ජන් සිරගතව ඉන්නවා.

මේ රටේ මෑත ඉතිහාසය කම්පා කරපු පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නිදැල්ලේ ඉන්නකොට,මේ රටේ ජීවත්වන අහිංසක මනුස්සයගෙ සීනි ටිකෙන් පවා කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරපු වංචාකාරයෝ නිදැල්ලේ ඉන්නකොට,අහිංසක ගොවියට පොහොර වෙනුවට අසූචි ගෙනත් ඒ අසූචි වලටත් කෝටි ප්‍රකෝටි ගණන් වන්දි ගෙවන්න තීන්දු කරපු අය නිදැල්ලේ ඉන්නකොට, රන්ජන් වචනයකින් වෙච්චි වැරැද්දකට හිරගෙදරක් ඇතුලේ වන්දි ගෙවනවා.

අද උතුම් නත්තල් දවස.සාමයේ පණිවිඩය ප්‍රේමයේ වචනවලින් ලෝකයට රැගෙන ආව ශාස්තෘවරයෙකු ගේ උපන්දිනය දවස.

ඇත්තටම රන්ජන් මගෙන් අද ඉල්ලීම් කලා .

රන්ජන් සියලු කිතු බැතිමතුන්ටත්,ලංකාවේ සියලුම ජනතාවටත් සුභ නත්තලක් ප්‍රාර්ථනා කළා.

දෙවැන්න, ඔහුට උසස් අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩකඩ තමන් අපේක්ෂාවෙන් ඉන්න බවත් රංජන් සංවේදීව සඳහන් කළා .

ඔහුගේ නිදහස වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට වගේම නිහඬව මේ වෙනුවෙන් සහය දෙන සියලු දෙනාටත් තමන්ගේ කෘතවේදීත්වය පුද කරන බව රංජන් ප්‍රකාශ කළා.

ඇත්තටම රන්ජන්ගෙ නිදහස වෙනුවෙන් අපි 2022 අවුරුද්ද වඩාත් අරගලකාරී ලෙස වෙන් කරනවා.

ඒ මගේ පොරොන්දුව.

එවගේම රංජන් නිදහස් වුනොත්, මගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රංජන්ට පරිත්‍යාග කරන්නත් මම දෙපාරක් නොහිතන බව රංජන්ට පොරොන්දු වුණා.

“යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද වපුරන බව” බයිබලයේ සඳහන්‍ වෙනවා.

අපි මේ රටේ සියලුම සාධාරණත්වය අගයන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

“විනිසුරු” කියන වචනයට රන්ජන් අවුරුදු හතරක සිර දඬුවමකට ලක් වෙලා.

ඒ “මහ වරදට” ඔහුට මෙතරම් සිර දඬුවම් දීම සාධාරණද?.

ඔබ හෘද සාක්ෂියට එකඟව හිතලා බලන්න.

මේ උතුම් නත්තල් දවසේ මම දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලීමක් කරනවා.

“දෙවියන් වහන්ස, මොවුන් නොදැන කළ කරන වරදට සමාව දෙන සේක්වා!”

SendShareShare
Previous Post

කොස්තාපල් 4 දෙනෙක්ට වෙඩි තියලා මරපු හේතුව එළියට එයි!

Next Post

තිස්ස කුට්ටි ජාතිය අමතයි! ගෝඨාට බනින්න එපා කියයි! ආණ්ඩුවට බනින්න එපා කියයි! ඉතුරු ටික අහලම බලන්න! (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.