අනාරක්ෂිත ගෑස් සිලින්ඩර ලක්ෂ තුනත් හතරත් අතර ප‍්‍රමාණයක් තවමත් නිවෙස් තුළ තිබෙන බව ගෑස් අනතුරු පිළිබදව සෙවීමට පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජික විශ‍්‍රාමික මහාචාර්ය ඩබ්.ඩී.ඩබ් ජයතිලක මහතා පවසයි.
මෙම අනාරක්ෂිත ගෑස් සිලින්ඩර නැවත කැදවිය යුතුව තිබුණත්, ගෑස් සමාගම් මෙතෙක් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නැති බවටද මහාචාර්යවරයා චෝදනා කරයි.
ගෑස් අනතුරු පිලිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කමිටුව ලබා දුන් වාර්තාව ජනාධිපති කාර්ය මණ්ඩලය මගින් අධ්‍යයනය කළ යුතුව තිබුණත්, මෙතෙක් ඔවුන් එම වාර්තාව අධ්‍යයනය කර තිබෙන බවක් නොපෙනෙන බවද මහාචාර්යවයා පවසයි.
ගෑස් සංයුතිය වෙනස් කළද, මර්කැප්ටන් ප‍්‍රමාණය නිසි ලෙස පැවතියානම්, සිද්ධ වුණු අනතුරුවලින් 50% ක්වත් වළක්වාගත හැකිව තිබුනු බවද මහාචාර්යවරයා පවසා තිබේ.










