මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත්තේ කිසියම් කලකිරීමකින් යුතුව බව දැනගන්නට තිබේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැදවීමට පියවර ගෙන ඇත.
නමුත් ඒ සදහා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරද්දී ඉහළින් ආ නියෝගයකින් එම හමුව අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා කිසියම් කලකිරීමකින් සිට ඇති බවත්, ඒ අනුව එදිනම රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යාමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගත් බවත් වාර්තා වේ.
එමෙන්ම මැතිඇමැතිවරුන් ඒ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වී ඇති බව ද දැනගන්නට ඇත.










