2008 වසරෙන් පසු ඉපදුණ පුද්ගලයන්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.
විදෙස් මාධ්‍ය අනාවරණය කළේ දුම්බීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත්වීමේ නවසීලන්ත වැඩසටහනට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.
මෙම නව නීතියත් සමග 2008 වසරෙන් පසු උපන් කිසිවකුට සිය ජීවිත කාලය තුළදී නවසීලන්තයේදී දුම්වැටි මිලදී ගැනීමට අවස්ථාව හිමි නොවනු ඇත.
මෙය ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
දුම්වැටි භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් නවසීලන්තය මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම නවසීලන්තය ක්‍රමයෙන් දුම්බීමෙන් ඉවත්වීමේ රටක් ලෙසට පත්වීමට කටයුතු කරමින් සිටින අතර, 2025 වන විට දුම්බීම සියයට 5කින් අඩු කිරීමට නවසීලන්තය අපේක්ෂා කරයි.










