රත්නපුරයෙන් සොයා ගැණුනු කිලෝ 510 ක් බරැති මැණික් පොකුරට එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ලන්සුවක් ඉදිරිපත්ව ඇත.
කෙසේවෙතත් එම මැණික් පොකුරේ හිමිකරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයින් ඒ සදහා එකගත්වය පළ කර නොමැති බව මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැවසීය.
එම මැණික් පොකුර සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ලන්සුවක් ඉදිරිපත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්තේ වැඩිදුරටත් සඳහන් කළේය.










