• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමනල අඩවියට ජන ගඟ ගලන මැදින් පෝයේ අබිරහස…

December 11, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
සමනල අඩවියට ජන ගඟ ගලන මැදින් පෝයේ අබිරහස…
Share on WhatsAppShare on Facebook

ශ්‍රීපාද වන්දනාව ජීවිතයේ එක් වරක් හෝ කළයුතුය යන්න දෙස් විදෙස් බෞද්ධ ජනයා අතර මහඟු විශ්වාසයක් වෙයි. ඒ අනුව වසරක් පාසා ශ්‍රීපාද වන්දනාවට සම්බන්ධ වන්නන් විශාල වශයෙන් සිටින අතර වර්තමානයේ වසර විසිපහ තිහ ආදී ලෙස නොකඩවා ශ්‍රීපාද වැන්දෝ අනන්තවත් හමුවෙති. එයින් තමන්ට අපමණ පිහිටක් පිනක් සේම ආරක්ෂාවක් ලැබෙන බවද බොහෝ අය විශ්වාස කරති.

උදාවන නව වසර සඳහා ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙමින් තිබෙන මේ මොහොතේ ඉහත කියූ බහුතරයක් දෙනාත් ඉස් ඉස්සරෝම ශ්‍රීපාද වන්දනාවට යන්නට සිතන පතන කිරිකෝඩුලාත් ගමනට පිඹුරුපත් සකසනවා විය යුතු. සති ගණනක්, මාස ගණනක් පේවී ගමනට සූදානම් වන්නෝ ඊට කල්යල් බලා දින යොදාගන්නේ පෙර අත්දැකීම් අනුවය. කිරිකෝඩුලා වන්දවන්නට යන නඩේ ගුරාලාට ඇත්තේ මහා වගකීමකි. තමාගේ නඩේ කිරිකෝඩුලාගේ කායික සංවරය, ශරීරික සංවරය පවත්වා ගන්නට නඩේ ගුරුගේ සිතට මහත් වගකීම් සම්භාරයක් ඇත්තේය. එනිසා කිරිකෝඩුලා වැඩි ප්‍රමාණයක් එක්වරකදී රැගෙන යන්නට ඇතැම් නඩේගුරාලා කැමැත්තක් නොදක්වන බවක්ද පෙනෙන්නට තිබේ.

කිරිකෝඩුලාට මෙන්ම සියලු වන්දනාකාරුවන්ට ශ්‍රීපාද වන්දනාවට ආරක්ෂාව සපයා දීමේ මහත්වූ වගකීම භාරව ඇත්තේ සුමන සමන් දෙවියන්ටය. උන්වහන්සේ සිය රාජකාරිය අකුරටම කරති. ශ්‍රීපාද වන්දනාවට බැති සිතින් එන කිසිවකුට අබැටක් තරමේ හෝ හානියක් වන්නට සුමන සමන් දෙවියන්ගෙන් කිසිදු ඉඩක් නොලැබේ. එවැනි අත්දැකීම් ලද්දෝ රාශියක් වර්තමාන සමාජය තුළින්ද හමුවෙති.

එක් වතාවක් නඩයක් සමග පැමිණි මැදි වියේ පුද්ගලයකු තමාගේ ශරීරික අපහසුතාවක් හේතුවෙන් සිරිපා කරුණාව නොකර නතර වන්නට තීරණය කර ඇත්තේ ශ්‍රීපාද මළුව දක්වා ඇති ගමනේ හරි අඩක් ගෙවා දැමුවාට පසුවය. ඉතා භක්තිමත්ව වසරක් පාසා ශ්‍රීපාද වන්දනාවට සම්බන්ධ වීම පුරුදුව සිට ඇති මේ තැනැත්තා සිය අපහසුතාව පවසා විශ්‍රාම ශාලාවක නතරවී ඇත්තේ අනෙක් අය ආපසු පැමිණෙන තුරුය. ඒ අනුව නඩේ පිරිස ගමන පිටත්ව තිබේ. මේ පුද්ගලයා විශ්‍රාම ශාලාවේ කොනක නින්දට වැටී තිබේ. විනාඩි කිහිපයකට පසු එතැනට පැමිණි සුදු හැඳගත් උපාසක මහතකු මේ පුද්ගලයාට කතාකොට අපහසුතාව විමසා තමා සතුව පිරිත් පැන් ඇති බව පවසා ඉන් ස්වල්පයක් පානයට දී තිබේ. පසුව ශරීරයේ අපහසුතාව සුවවූ බව දැනී මේ පුද්ගලයා අර උපාසක ඇත්තන් සමග ශ්‍රීපාද මළුව දක්වා ගමන් කර තම නඩයත් සමගම ශ්‍රීපාදය වන්දනා කර තිබේ. ඔහු ලද අත්දැකීම ඇසූ සැවොම පුදුමයට පත්ව තිබේ. තමාට පිරිත් පැන් දුන් ඇත්තා නඩේ අයට හඳුන්වා දීමට සිතුවත් ඔහුව යළි දැකගන්නට නොහැකි වී තිබේ. මෙම සිදුවීමද සමන් දෙවියන්ගේ හාස්කමක් බවට බොහෝ දෙනකු විශ්වාස කරයි.

මේ ආකාරයට හාස්කම් පිරුණු ශ්‍රීපාද වන්දනා වාරය දෙසැම්බරයෙන් ඇරඹුණද ශ්‍රීපාද වන්දනා ගමනේ තවත් විශේෂිත රහසක් තිබේ. එනම් මාර්තු මාසයේ මැදින් පුර පසළොස්වක පෝයට අසීමිත ජන ගංගාවක් ශ්‍රීපාදය වෙත ළඟාවීමය. මෙය එදා මෙදා ඉතිහාසයේ නොවෙනස්ව පවතින වාර්තාවක් බඳුය. මේ කාලයේ කොතරම් ජන ගංගාවක් ශ්‍රීපාදයට පැමිණෙන්නේ දැයි කියන්නේ නම් ඇතැම් විට එක පඩිය මත පැයකටත් ආසන්න කාලයක් නොසෙල්වී රැඳී සිටින්නට තරම් ජනයාට ඉවසිලිවන්ත වන්නට සිදුවේ. මේ කාලයේ ශ්‍රීපාද වන්දනාවට ගතවන කාලය එකට දෙකකින් වැඩි වන්නේය. වෙනදාට සවස ගමන පටන් ගෙන උදේට බහින වන්දනා නඩවලට අඩුම තරමින් දින දෙකක් හෝ තුනක් මේ සඳහා කැප කරන්නට සිදුවෙයි.

වන්දනාකරුවන්ගේ වැඩි අවධානයක් සහිත මේ කාලයේ ඇතැම් නඩවලට සිය වාහනයේ ගමන ශ්‍රීපාදයට කිලෝමීටර් දහයක් හෝ පහළොවක් දුරින් නවතා දමා ඉතිරි දුර පයින්ම ගමන් කරන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඇතැම් විට මේ අධික තදබදය නිසා පීඩාවට පත්ව ශ්‍රීපාද වන්දනාව නොකර ආපසු එන්නට සිදුවන්නන්ද සිටිති.
මෙතරම් වන්දනාකරුවන් මැදින් පෝයට පමණක් ශ්‍රීපාද වන්දනාවට එකතු වන්නේ ඇයිද යන්න තවමත් බොහොමයක් දෙනා පුදුමයට පත්කරවන රහසකි. මේ මතය හා බැඳුණු ජන විශ්වාස රැසකි. ඒ අතරින් බහුතරයක් දෙනාගේ අදහස වී ඇත්තේ බුදුන් වහන්සේ සමනල සිරස මත ශ්‍රීපාද සටහන තබා සමන් දෙවියන්ගේ ඉල්ලීම ඉටුකළේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ බවයි. මෙය වැරැදි මතයක්ය යන්න විද්වත් මතය වුවද බුදුන්වහන්සේ මැදින් පෝදින සමනල සිරසට වැඩි නිසාම ශ්‍රීපාද අඩවියේ පරිසරය මේ කාලයේ සිසිල් සුවදායී බවක් ලබන බවට බොහොමයක් දෙනා තුළ තවත් විශ්වාසයක් වෙයි.

කෙසේ නමුත් ශ්‍රීපාද වන්දනා සමය යෙදෙන හය මාසය තුළ මැදින් පෝය යනු මධ්‍යම කාලය ලෙසද හඳුන්වා දිය හැකිය. මේ කාලයට ශ්‍රීපාද මළුව අවටත්, සමනල අඩවිය පුරාත් දේශගුණය ඉතා සෞම්‍ය සුවදායී බවක් ගනී, සවස් කාලයේ වෙනදාට අති අධික ශීතල මේ කාලයේදී අවම වෙයි. එමෙන්ම දහවලට වෙනදා දැනෙන අධික හිරු රශ්මිය මේ කාලයේදී තරමක් අඩුවෙයි.

මේ නිසාය පරිසරයේ ඇත්තේ ඉතා හිතකර ස්වභාවයකි. මේ ස්වභාවය නිසාම ජනයා එදා සිටම මාර්තු මාසය තෝරාගත්තා විය යුතු යැයි සිතන්නටද හැකියාව තිබේ.
එහෙත් ඇතැම් ජනප්‍රවාද සහ ජන විශ්වාස අනුව බුදුන්වහන්සේ ශ්‍රීපාදයට වැඩම කළ දිනවලදී සමන් දෙවිඳු ශ්‍රීපාද අඩවියට සේම ශ්‍රීපාද මළුවට ගමන් කිරීමට ඇති සියලු මාර්ගවලත් ගමන් කරමින් විවිධ වේශයන්ගෙන් පෙනී සිටිමින් ජනයාට පිහිට වන හෙයින් බැතිමතුන් අතිවිශාල ලෙස පැමිණීමේ පෙලඹවීම ඉබේම සිදුවන්නක් බවටත් විශ්වාසයක් වෙයි.

මේ සියල්ල සිදුවන්නේ ශ්‍රීපාද පද්මයේ අනුහසටත් සමන් දෙවිඳුගේ බලමහිමයටත් බව බොහෝ බැතිමත්හු විශ්වාස කරති. ශ්‍රීපාද වන්දනාවට සිතා සිටින සියලු බැතිමතුන්ට මේ කාලය තෝරාගන්නට සිතෙනුයේ එම අනුහස නිසා බවට ජනයා අතර විශ්වාසයක්ද වෙයි.

ශ්‍රීපාද පද්මයේ අනුහස ගැන ඇති සජීවීම අත්දැකීම ඇත්තේ මීට වසර ගණනාවකට ඈත අතීතයේය. ඒ ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය ඇරඹි කාලයේය. මේ යෝජනා ක්‍රමය අරඹා ටික දිනෙකින්ම ඊට විවිධ බාධක කරදර ආවේය. සියල්ල අතරමඟ නතර වන්නට තරම් කරුණු යෙදුණේය. එහි කටයුතු කළ කිහිප දෙනකුටම ජීවිත අහිමි විය. අන්තිමේ ලක්ෂපාන විදුලි යෝජනා ක්‍රමය නතර කරන්නට ඔන්න මෙන්න තිබියදී කාර්යභාර ඇමැති සර් ජෝන් කොතලාවල මහතා ලක්ෂපාන පළමු විදුලි ආලෝකය ශ්‍රීපාද පද්මයට ලබාදෙන්නට පොරොන්දු වී සමන් දෙවියන් වෙනුවෙන් භාරයක් වී තිබේ. එතැන් පටන් කිසිදු ආපදාවකින් තොරව ලක්ෂපාන ව්‍යාපෘතිය අවසන් කර 1950 මාර්තු මාසයේ 04 වැනිදා ලක්ෂපාන කුලුඳුල් විදුලි ආලෝකයෙන් ශ්‍රීපාද පද්මය ඒකාලෝක කරන්නට හැකිවී තිබේ.

මෙම සිදුවීමද මාර්තු මාසයටම යෙදී ඇත්තේ යම් හාස්කමක් නිසා නොවේ යැයි කිසිවකුට තර්ක කළ නොහැකි අතර කිසිවකු කිසිදා මේ විශ්වාසය ගැන තර්ක නොකර පිළිගන්නේ ශ්‍රීපාද පද්මයේත්, සමනල අඩවියේත් සමන් දෙවිඳුගේත් අනුහස් ගැන දන්නා නිසාමය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

එයාගෙ පව් ඔයාට ගෙවන්න බැහැ…

Next Post

රුමේනියාවේ රැකියා ශ්‍රමිකයන්ට මහජන බැංකුවෙන් බැංකු පහසුකම්…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.