තෙල්, වරාය, විදුලි සේවකයින් අද (08) කොළඹට පැමිණ විරෝධතාවක නිරතවීමට තීරණය කර තිබේ.
ජාතික සම්පත් විකීණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, අද (08) දහවල් 12.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැත්වෙන බවයි.
සේවකයින් ඒකාබද්ධව අත්සන් කළ පෙත්සමක්ද ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිතව ඇතැයි ද ඔහු පැවසුවේ ය.










