රෝයල් පාක් ඝාතකයාට ජනපති සමාව දීම පසුපස විශාල මුදල් ගනුදෙනුවක් සිදුව ඇති බවට සැක මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අනාවරණය කළේය.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙසේ ඝාතකයකුට ජනාධිපති සමාව දීම බරපතළ වැරැදි පූර්වාදර්ශයක් බවත්, ඒ හරහා ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හුදකලා වීම වැළැක්විය නොහැකි බවත් කී රත්නායක මහතා, මීට බලපෑ සැබෑ හේතුව ජනාධිපතිවරයා විසින් රටට කිව යුතු බවත් සදහන් කර සිටියේය.
එමෙන්ම මෙම ක්‍රියාව කළේ හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් ඉටු කිරීමකටද යන්නත් ජනාධිපතිවරයා පැහැදිලි කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.










