ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබ ඇතැයි ද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි.
එසේ වුවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දින කිහිපයේම සේවයට වාර්තා කර ඇතැයි ද දැනගන්නට ඇත.
ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ඉකුත් දින කීපයේ සේවයට වාර්තා කර නැති අතර, ඔහුගේ නිල රථය රියැදුරු ද සමග ආයෝජන මණ්ඩල කාර්යාල වෙත එවා ඇතැයි ද වාර්තා වේ.










