ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් අද (04) දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
අද සවස 6ට අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
මේ ආකාරයට පොදු ජන පෙරමුණ පමණක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් අගමැතිවරයා සමග සාකච්ජාවක් පවත්වන්නේ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව පළමු වතාවටය.
ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුලු කිසිවකුටත් මෙම සාකච්ජාවට ආරාධනා කර නොමැති බව වාර්තා වේ.










