• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කින්නියාවේ හුළගෙ පැටලී අනේ පාරුව පෙරළුණා… සුදු නෙළුම් මල් දෑස් පියවී එහා ඉවුරට පාවුණා…!

November 30, 2021
in Exclusive, Politics
Reading Time: 3 mins read
A A
කින්නියාවේ හුළගෙ පැටලී අනේ පාරුව පෙරළුණා… සුදු නෙළුම් මල් දෑස් පියවී එහා ඉවුරට පාවුණා…!
Share on WhatsAppShare on Facebook

පුතේ අපි හරි දියුණු රටක්. මේ සතියේ මැද දවසක අපි කොළඹ හයිවේ එකේ අලුත් කොටස විවෘත කළා. ඒක දෙපැත්තෙ ලස්සනට ලයිට් දාලා තියෙනවා. ඒ පාර යටින් ගලාගෙන යනවා කැලණි ගඟ. ඒ ගඟට ඒ බල්බ් එළිය වැටුණම හරි ලස්නනට තියේවි. දැන් ඉස්සර වගේ නෙවෙයි. කොළඹ යන එන මාමලාට හුඟක් ලේසියි. අපේ රටේ ගාල්ලෙ ඉඳන් කොළඹ එන්නයි, එයාර්පෝට් එකේ ඉඳන් ආයෙත් පෑලියගොඩට එන්නයි අපි අධිවේගී පාරවල් හදලා ඉවරයි. ළඟදිම දවසක අධිවේගී පාරක් නුවර යනවා. ඒ පාර දිගේ අපට පුළුවන් දළදා පෙරහැර බලන්න යන්න. අපි අලුතෙන් ගොඩක් ගොඩනැගිලි හදලා ඉවරයි. අපි අලුත් දේවල් ගැන හිතමින් ඉන්නේ. කොළඹ නම් හුඟක් දේවල් වෙනවා පුතේ. සමහර තැන්වල දෙවැටේ පාරවල්වලටත් කාපට් දාලා. පාලම් බෝක්කු හදලා. අපි හිතන් හිටියේ අපි දැන් දියුණුයි කියලා. කින්නියාවල ඉන්න ඔයාලට කොළඹ පෙන්නන නෙලුම් කුලුන බලන්න එන්න ඉඩ ලැබෙයි කියලා අපි හිතුවෙ නෑ. කවද හරි දවසක කොළඹ ඇවිල්ලා අධිවේගී පාරෙන් එහෙට මෙහෙට යන්න හිටපු ඔයාලා අද වෙනකොට ජීවතුන් අතර නෑ. මේ කතාව මේ විදියට ලියන්න හිතුණේ ඒක හින්දා.

අපි රටක් විදියට ඉන්නේ හුඟක් උස තැනක කියලා හිතන් හිටියට තාමත් පාලම් පාරු එහෙට මෙහෙට යනවා කියන එක දැන් තමයි මිනිසුන්ට මතක් වුණේ. යාපනේ තිරිකුණාමලේ නැත්නම් උතුරෙ නැගෙනහිර විතරක් නෙවෙයි කොළඹින් එහා පැත්තට පැන්න ගමන් පාලම් පාරුවලින් ජීවිතේ පරදුවට තියලා එගොඩවෙන මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒ මිනිස්සුත් කාටහරි කෙනකුට ඡන්දෙ දීලා තියෙනවා. ඒ මිනිසුන්ගෙ ඡන්දෙනුත් කවුරු හරි කෙනෙක් පාර්ලිමේන්තු ඇවිල්ලි තියෙනවා. ඒ මිනිසුන්ගෙ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු කෙනාට රජයේ වියදමින් කෝටි ගානක වාහනයක් හම්බවෙනවා. ඒ විතරක් නෙවෙයි පහසුකම් ගොඩක් හම්බවෙනවා. කොළඹින් ගේකුත් ලැබෙනවා. ඒ මහත්තුරු නෝනලා ඔයාලව තිරිකුණාමලේ දාලා, යාපනේ දාලා කොළඹ ඇවිල්ලා සැප විඳිනකොට පුංචි පුතේ ඔයාලා හැමදාම පාලම් පාරුවෙන් එහෙ මෙහෙ යන්න ඇති.

අපට තේරෙන්නේ නෑ ඔයාලගෙ දුකේ දිග පළල. අපට තේරෙන්නෙ නෑ ඔයාලගෙ අම්මලගෙ තාත්තලගෙ දුකේ දිග පළල. ඒත් මේ රටේ දුක් විඳින මිනිස්සු තවමත් ජීවත් වෙනවා කියලා විතරක් ඔයාලා අපට ආයෙත් මතක් කළා. මේ රටේ දේශපාලනය අපට අප්‍රසන්න වෙන තැනකට පත්වෙලා ඉවරයි. පාට පක්ෂ භේදවලින් තොරව සියලු දේශපාලකයො තමන්ගෙ පවුල්වලට තමන්ගෙ ගේදොරවලට තමන්ගෙ ළඟ මිනිසුන්ට විතරක් සුඛිත මුදිත ජීවිත හදල දීලා ඔයාලයි අපියි අපි හැමෝම අන්ත අසරණ කරලයි ඉන්නේ.

එදා උදේ පාන්දර ඉර මල පිපුණට පස්සේ පුංචි පුංචි කුරුලු කිරිලියො වගේ ඔයාලා සුදු ඇඳුම් ඇඳගෙන ඉස්කෝලෙ යන්න එන්න ඇති. ඉස්සර වගේම පාලම් පාරුව ඈත ඉඳන් ඔයාලව එක්කන් එනකන් එයාල බලාගෙන ඉන්න ඇති. ඔයාලට පාලම් පාරුව පේන්න ඇත්තේ යාළුවෙක් වගේ. මොකද හැමදාම ඔයාලව එගොඩ කළේ පාලම් පාරුව. ඔයාට එගොඩ යන්න පාලමක් හදලා දෙන්න බැරි රතම් අපේ රටේ දේශපාලනය දුප්පත්. ඒත් පුතේ ඔයාලා දන්නවද දන්නෙ නෑ අපේ රටේ ‘ජොගින් පාත්’ කියලා ජාතියක් තියෙනවා. ඒ ජොගින් පාත් හදන්න රුපියල් බිලියන ගණන් සල්ලි වෙන් කරලා දේශපාලකයො එක එක සංවිධානත් එක්ක හරියට රණ්ඩු වෙනවා. ඒ රණ්ඩු වෙන්නේ ජොගින් පාත් එක හදන්න ඉඩ දෙන්න කියලා. අපේ රටේ දේශපාලකයො තමන්ගෙ ලයිට් බිල ගෙවන්න, තමන්ගෙ ටෙලිෆෝන් බිල ගෙවන්න කෝටි ගණන් සල්ලි වියදම් කරනවා. ළඟදි දවසක හම්බන්තොටට කාර් රේස් පදින්න අලුත් පාරක් එනවා. ඒක හරි ෂෝක්. එතකොට ඒකෙ කාර් රේස් පදින මාමලාට නැන්දලාට මාර ජොලියක් තියේවි. ඒත් පුතේ ඔය කාටවත් ඔයාලව එගොඩ කරන්න පාලමක් හදලා දෙන්න බැරි වුණා. ඔයාලා එදා ගියෙත් ඉස්කෝලෙ යන්න. පුංචි හිත්වල හුඟක් හීන තියෙන්න ඇති. අම්මලගෙ තාත්තලගෙ හිත්වල බලාපොරොත්තු පොදියක් තියෙන්න ඇති. අපේ පුංචි කෙල්ල, පුංචි කොල්ලා මේ පාලම් පාරුවේ ජීවිතේ මරණය අතේ තියාගෙන කවදා හරි දවසක ලොකු මහත්තයෙක් වේවි, එහෙම ලොකු මහත්තයෙක් වෙච්ච දවසක අපේ විඳින දුකට තිත තියයි, අපේ ජීවිත ලස්සන වෙයි කියලා. ඔයාලත් පුංචිකමට මොන මොනව හරි හිතන්න ඇති. ජීවිතේ කියන්නෙ ලස්සනම ලස්සන දෙයක් කියල තමයි පුංචි කොල්ලො කෙල්ලන්ට තේරෙන්නේ.

මේ ජීවිතේ නරකයි, මේ දේශපාලකයො නරකයි, මේ රටේ සිද්ධ වෙන දේවල් නරකයි කියලා ඔයාලට කවුරුවත් කියා දීලා තියෙන්න නැතිව ඇති. උතුරෙද දකුණෙද කියලා නෑ පුතේ. අපි ඔක්කොම එකයි. අපි ඔක්කොගෙම ඇඟවල්වල දුවන්නෙ එකම ලේ. අපි ඔක්කොම බිව්වෙ එකම මවු කිරි. මේ ඉර හඳ යට ජීවිතේ බෙදාගන්න උඹලට අපිට බැරි කළේ මේ රටේ දේශපාලකයො. උඹලවයි අපිවයි ඈත් කළේ මේ රටේ දේශපාලකයො. උඹලා කියන කඳුළු කතාවල් අපට නොතේරෙන්න උඹලගෙ භාෂාව අපට උගන්වන්නෙ නැතිව ඉඳලා, අපි කියන කතාව උඹලට නොතේරෙන විදියට උඹලට අපේ භාෂාව උගන්වන්නෙ නැතිව ඉඳලා උඹලවයි අපිවයි ඈත් කරලා උඹලගෙ ගමේ දේශපාලකයො උඹලගෙ ඡන්දෙන් පාර්ලිමේන්තු ආවා. එහෙම කාලකණ්ණි දේශපාලකයො තමයි පුතේ ඔයාලගෙ පාලම හදන එක මඟහැරියෙ.

පත්තරකාරයෙක් විදිය මමත් ඒ වරදට හවුල්කාරයෙක්. මෙච්චර කල් මේ රටේ එහෙට මෙහෙට ඇවිද්ද මට, උඹලට එගොඩ වෙන්න පාලමක් නෑ කියන අඩුව දැනුණෙ නෑ. ඒ අඩුව නොදැනෙන විදියට උඹලා වැඩ කළා වෙන්න ඇති. අඳුරට සාප කර කර ඉන්නව වෙනුවට එක පහනක් හරි පත්තු කරන්න ඕනෙ කියලා හිතාගෙන මේ කොවිඩ් අස්සෙත් උඹලා ඉස්කෝලෙ යන්න පිටත් වෙනවා. ඒත්, එදා පාලම් පාරුව උඹලත් එක්ක පෙරළුණා. හයදෙනෙක් මියගියා. මේ ලියන මොහොත වෙනකොට තවත් දෙන්නෙක් ඉන්නේ දැඩි අධීක්ෂණය යටතේ. ඒ දෙන්නගෙ ජීවිත ආරක්ෂා වෙන්න කියලා මම උඹලගෙ දෙවියන්ගෙනුත්, අපේ දෙවියන්ගෙනුත් දෙගොල්ලන්ගෙන්ම ඉල්ලනවා. ජාති, ආගම්, කුල භේදයකින් තොරව අපට හරි දුකයි. ඒ දුක උඹලව පරිස්සම් කරගන්න බැරිවෙච්ච එක ගැන.

ලෝකය දියුණු වෙනකොට, හඳට යන්න පාරවල් හදනකොට, අඟහරු ලෝකෙ පදිංචියට යන්න සැලසුම් හදනකොට උඹලව එගොඩ කරන්න පාලමක් හදන්න අපට බෑ. අපේ රටේ දේශපාලකයො කෝටි ගණන් සල්ලි නාස්ති කරනවා. තවදුරටත් මේ රට සංවර්ධනය වෙලා කියලා හරි තව දුරටත් මේ රට දියුණු වෙලා කියලා හරි, තව දුරටත් මේ රටේ මාර්ග පද්ධතිය මාරම තැනක තියෙනවා කියලා හරි පංපෝරි ගහන දේශපාලකයෙක් ආවොත් අතට අහුවෙන එකකින් ගහලා එළවලා දාන්න. ජාති, කුල, ආගම් භේද අපට තියෙන්න ඕනෙ නෑ. සිංහලද දෙමළද කියලා නෑ.

තීන්දුව තියෙන්නේ අපේ අතේ. අපේ දරු පැටව් අනාරක්ෂිතයි නම්, ඒ දේශපාලකයො අපට වැඩක් නෑ. එදා කින්නියාවෙදි පෙරළුණු පාලම් පාරුවෙ හිටපු පුංචි පැටව් අපට කියල ගිය පාඩම ඒක.

සමාවෙයං පුතේ… උඹලව පරිස්සම් කරගන්න බැරි වුණාට…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගංජා ගහන අයට සුබ ආරංචියක්! ආණ්ඩුව වවන්න අවසර දෙන්න යයි!

Next Post

තිස්සගේ වම්බටු කතාවෙන් මන්ත්‍රීවරියෝ කැළඹුණේ ඇයි? කුට්ටි ඇනගත්තාද? නැත්නම් කොටාගත්තාද?

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.