• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රීකමත් දාලා අමෙරිකාවට යන කව්ද මේ මහින්ද?

November 26, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මන්ත්‍රීකමත් දාලා අමෙරිකාවට යන කව්ද මේ මහින්ද?
Share on WhatsAppShare on Facebook

වසර 33ක දේශපාලනයෙන් හා වසර 27ක පාර්ලිමේන්තු දිවියෙන් අද මට යම් සමුගැනීමකට පරිසරය නිර්මාණය වී තිබේ.

එය හුදෙක් මගේ රටත්, ජනතාවත් වෙනුවෙන් මිසක පෞද්ගලිකත්වය වෙනුවෙන් ගත් තීන්දුවක් නොවේ. එහෙයින් එකී පසුබිම ගැන රටට හා කළුතර දිසාවේ ජනතාවට කරුණු පැහැදිලි කිරීම වගකීමක් සේ සලකමි.

ඕස්ටේ්‍රලියාවේ ලාට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධියක් ලැබූ මා අධ්‍යාපනය අවසන් කළේ ආර්ථික විද්‍යාඥයකු ලෙසය. එසේම ජාත්‍යන්තර දේශපාලනය ගැනද දැඩි ඇල්මක් මා තුළ තිබූ හෙයින් විදේශ අමාත්‍යාංශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ ඕස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන ජිනීවා තානාපති කාර්යාලයේ කවුන්සිලර්වරයා ලෙසද කටයුතු කළෙමි. මා දේශපාලනයට එන්නට පෙරත් ජිනීවාහිදී ලංකාවට එරෙහිව පැමිණි මානව හිමිකම් චෝදනාවලට මුහුණ දී ලැබූ පළපුරුද්ද මා දේශපාලනයට පැමිණි පසු ඉතා ප්‍රයෝජනවත් විය.

යළිත් මවුබිමට පැමිණි පසු හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන්ගේ ඇරැයුමෙන් කළුතර දිසාවේ වතු කම්කරු ජනතා ප්‍රශ්න නිරාකරණය කිරීමේ වගකීම මා වෙත පැවැරිණි. 1988 පළමු පළාත් සභාවට වෙඩි බෝම්බ මැදින් තරග කොට දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස මා ජයග්‍රහණය කළේ එසේ නිර්මාණය වූ පසුබිම තුළය. විෂයන් 08ක් සහිත පළාත් සභා ඇමැති ධුරයක්ද මට ලැබිණි. පළාත් සභාවට අයත් බලතල මධ්‍යම රජයෙන් ලබා ගැනීමේ මෙරට පළමු ප්‍රඥප්තිය ගෙන එමින් මධ්‍යම රජයේ උදහසට ලක්වෙමින් (පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය නිර්මාණය කිරීමෙන්) අභියෝගාත්මකව ක්‍රියා කිරීමට ලැබීම මගේ දේශපාලන දිවියේ සුවිශේෂී කඩඉමක් බව විශ්වාස කරමි.

1989 මහ මැතිවරණයට තරග කිරීමට මා උත්සාහ කළද විවිධ දේශපාලන බාධක තුළ එය වැළකිණි. එහෙත් 1994දී මහ මැතිවරණය ජය ලබා මේ දක්වා වසර 27ක් අඛණ්ඩවම පාර්ලිමේන්තුව නියෝජනය කළා පමණක් නොව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක හා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුර දරමින් පාර්ලිමේන්තුවේ ඉහළම තනතුරු දෙකක අත්දැකීම් ලැබුවෙමි.

ඒ අතරතුර කම්කරු හා රැකීරක්‍ෂා, ආපදා කළමනාකරණ හා මානව හිමිකම්, වැවිලි කර්මාන්ත, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, මුදල් රාජ්‍ය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය හා වරාය හා නාවික යන ඇමැති ධුර රැසක් හරහා රටට හා කළුතර දිසාවට විශාල මෙහෙවරක් සිදුකිරීමට මට හැකි වූ බව විශ්වාස කරමි.

තවද ජිනීවාහි පිහිටුවා ඇති අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ සභාපති ලෙස රටවල් 168ක ඡන්දයෙන් මා තේරී පත්වීම ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජාත්‍යන්තර තනතුරකි. යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට එරෙහිව පැමිණි පළමු යෝජනාව පරාජය කිරීමට මූලිකත්වය ගැනීම මා මවුබිමට ලබා දුන් ජයග්‍රහණ අතර සුවිශේෂී අවස්ථාවකි. ඊට පෙර 83 කළු ජූලිය, 88-89 භීෂණය හා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි සටනේදීද රටේ ප්‍රතිරූපය කඩාවැටීම වළකා ගැනීමට මා උපරිම කැපවීමෙන් ක්‍රියා කළ බවද සිහිපත් කරමි.

තවද මඩකළපු ජනතාවට සහන සැලසීමට තානාපතිවරු 17 දෙනෙකු සමග එහි ගිය අවස්ථාවේ කොටි මෝටාර් ප්‍රහාරයකට ලක්ව මා දිවි ගලවා ගත්තේ ඉතා අසීරුවෙනි. එහිදී ඇමෙරිකානු හා ඉතාලි තානාපතිවරුන් තුවාල ලැබූ බවද සිහිපත් කරමි. එවැනි මාරාන්තික අභියෝග හමුවේද මා දේශපාලනයට සමුදුන්නේ නැත.

මවුබිම හමුවේ ජාත්‍යන්තර අභියෝග පවතින පසුබිමක ලොව දේශපාලන හා ආර්ථික මහදෙවොල ලෙස සැලකෙන ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් මා පත්කිරීමෙන් මා ගැන තැබූ විශ්වාසය ගැන එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. තවද මෙක්සිකෝව හා ටි්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ රටවල් යුගලයෙහි තානාපති වගකීම්ද විසින් මට පැවරී තිබේ.

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු ප්‍රබල ලාංකීය ඩයස්පෝරාවක් ඇමෙරිකාව තුළ ඉහළ රැකියා හා සාර්ථක ව්‍යාපාර කරන හෙයින් ඔවුන්ගේ දායකත්වනය මවුරටට ලබා ගැනීමටද, එරට ආයෝජකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කරගැනීම හා ශ්‍රී ලංකාවේ අපනයනවලින් 25%ක් ඇමෙරිකානු වෙළෙඳ පොළට යන පසුබිම තවත් වර්ධනය කිරීම මෙන්ම දෙරට අතර ඇති සමීප මිත්‍රකම තවත් වර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් එරට ආණ්ඩුව දැනුවත් කිරීම හා සහයෝගය ලබා ගැනීම මගේ මූලික වගකීම්ය. එසේම ශ්‍රී ලංකාව පුළුල් සංහිඳියාවකට යන ගමනේදී මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ ඉදිරි පියවරවල් ගැන ඇමෙරිකානු රජය හා දේශපාලනඥයන් දැනුවත් කිරීමද මගේ ප්‍රමුඛ කාර්ය භාරයකි. ඇමෙරිකාව ලබන ජනවාරියේ සිට ජිණීවා මානව හිමිකම් කමිටුව තුළ ක්‍රියා කිරීම යළි අරඹන නිසා එම අවශ්‍යතාව වඩාත් පැහැදිලි වේ.

‘මගේ දේශපාලනයට මේ අයුරින් යම් සමුදීමක් කරන්නේ මවුබිමට වඩාත් ඵලදායී සේවයක් සිදුකිරීමටයි. ජාත්‍යන්තර දේශපාලනය තුළ මා ලබා ඇති අත්දැකීම් හරහා මවුබිම ඉහළටම ඔසවා තැබීම එකම අරමුණයි. තවද දේශපාලනයේදී සැමදා මා ඉහළටම ඔසවා තැබූ කළුතර දිස්ත්‍රික් ජනතාවට ගෞරව කරනවා පමණක් නොව ඉදිරියේදීද ඔවුන් වෙනුවෙන් දිගටම කැපවෙන බවද පවසනවා.

අද (25දා) මා පාර්ලිමේන්තුවට සමුදුන් අතර, 29දා වොෂින්ටනයේදී ඇමෙරිකානු තානාපති ධුරයේ වැඩ බාරගෙන එරට ජනපතිට නිල අක්තපත්‍ර බාරදී රට වෙනුවෙන් කැපවීම මගේ ඒකායන අභිප්‍රායයි. වසර 03ක මෙම විදේශ සේවය නිමවූ පසු යළිත් පැමිණ ජනතාවට දේශපාලන නායකත්වය දෙමින් කළුතර දිසාවට හා රටට සේවය කිරීම මගේ වගකීමක් බවද සිතනවා…’

මහින්ද සමරසිංහ.

SendShareShare
Previous Post

පොලොන්නරූවේත් ගෑස් ටැංකියක් පුපුරලා! තුවාල වූ තරුණියක් අද මියයයි!

Next Post

වම්බොට්ටා වනචරයා… හෙණ ගහපන් හෙණ ගහපන්…! රට වටේම උද්ඝෝෂණ! (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.