• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරණ දණ්ඩනේ බල රහිත කළ හැකි සඟරාජ කුටියේ සැඟවුණු බලය…

November 29, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
මරණ දණ්ඩනේ බල රහිත කළ හැකි සඟරාජ කුටියේ සැඟවුණු බලය…
Share on WhatsAppShare on Facebook

පරිසරයේ ගිගුම් දුන් මළබෙර හඬ කඳු පන්ති අතරේ ගැටෙමින් ඒ ආසන්නයේ හුන් සියල්ලන්ගේ සිත් තුළ මරණයක ආරංචියක් සනිටුහන් කළේය. බෙර, තම්මැට්ටම්, නළා හඬවමින් සෙංකඩගලපුර වීදි ඔස්සේ ඉදිරියට ඇදෙන පිරිස අතරේ අත් පිටුපසට කොට බැඳ මල් මාලාවක් පලඳවා වරදකරුද අවිනිශ්චිත දුක්මුසු බැල්මකින් මුහුණ පුරවාගෙන ඉදිරියට ඇදෙමින් උන්නේය. ඔහුගේ පිටුපසින් ගමන් කළේ කඩුවක් අතැතිව ඉණෙහි පොරවක් ගසාගෙන සිටි ගහලයාය.

රාජකීය සම්ප්‍රදායට අනුව මරණයට කැපවූවකු රැගෙන යන ක්‍රමයක් තිබේ. ඒ සම්ප්‍රදායට අනුව රැගෙන ගිය මේ පුද්ගලයා විටින් විට වටපිටද බැලුවේය. අහලපහළ මඟ දෙපස රැඳී සිටියවුන් යම් පසුතැවීමකින් ඔහු දෙස බලා අනේ අපොයි කීවේය. මළබෙර හඬ නඟන පෙරහැර නුවර වීදි දිගේ ගමන් කරමින් තිබිණි. මරණයට කැපකර හිසගසා දැමීමට රැගෙන යන අයකුට කටට කෑමක් බීමක් දැමීම එකල එක්තරා චාරිත්‍රයකි. ඉන් අසීමිත පිනක් ලැබෙන බවට බොහොමයක් විශ්වාස කළහ.

බෙර හඬ පතුරවමින් වීදි පුරා සැරිසැරූ පෙරහැර පෝය මළු විහාරය පසුකළේ ඔය ඇසිල්ලේය. ඊළඟට පෙරහැර ළඟාවිය යුතුව තිබුණේ මල්වතු විහාරය දෙසටය. එම ඉසව්වේ මඟ තරමක් තෙත බරිතය. එම කාලයට මල්වත්ත ප්‍රදේශයේ බිම තෙතබරිත වීම සාමාන්‍ය සංසිද්ධියක්ව පැවැතිණි. අම්පිටියේ කඳු පන්තිය හරහා පහළට ගලන ජලය මල්වතු විහාරය අවට මග තෙත් කිරීමට සමත් විය.

එකල මිගොල්වෙල සීසෑමේ කටයුත්තට යොදාගත් ගවයන් නිතරම ලැග සිටියේද මේ බිම් තීරයේය. එහෙයින් වගුරු සහිතව මඩ ස්වභාවයක් පෙන්වූ බිමේ ඇවිද යෑම පහසු කටයුත්තක්ද නොවේ. මේ අසල වූ කුඩා කැලෑව එවකට හඳුන්වනු ලැබුවේද මීගොන් අරඹ යනුවෙනි.

කෙමෙන් කෙමෙන් එම ඉසව්වට පෙරහැර එද්දී බෙර දවුල් තම්මැට්ටම් හඬ පරිසරයේ ගිගුම් දුන්නේය. ඒ අවට සිටියෝද පන්සල්වල වැඩවිසූ හිමියෝද පාරට එබී බලා පසුතැවීමෙන් බලා සිටියහ.

මඩ සහිත බිමේ ඇවිද යෑමේ අපහසුවෙන් කටුපුල්ලේවරු මඳක් පසුබට වෙද්දී ගහලයාද ගමන අඩාළ කර පසුබැස්සේය. ඒ ඇසිල්ලේ පෙරහැර මල්වතු විහාරයේ සඟරාජ කුටිය සමීපයෙන් ගමන් කරන්නට පටන් ගත්තේය.

මරණයට කැපව දෑත් පිටුපසට බැඳ දමාගෙන ගිය පුද්ගලයා වහා ක්‍රියාත්මකව සඟරාජ කුටිය දෙසට දිවගියේය. ලිස්සන මඩේ අඩි තබමින් ඔහු පසුපස පන්නා යෑමට ගහලයාට සෑහෙන වෙලාවක් ගතවූ අතර කටුපුල්ලේවරුන්ටද සිදුවූයේ එයමය. ගහලයා කරන්නට දෙයක් ගැන මතකය අවදි කරමින් දිව ගියේ වරදකරු පැනගත්තොත් දඬුවම තමන්ට බව දන්නා නිසාය. අවසානයේ කළ යුත්තක් නොවූ තැන ගහලයා සිය ඉණෙහි රඳවාගෙන සිටි කෙටේරි පොරොව ගෙන වැරැදිකරුට එල්ලය අල්ලා මාරක පොරෝ පහරක් එල්ල කළේ නිසි ඉලක්කය අල්ලාය. පොරොව ගුවනේ ඇදී යද්දී වරදකරු සඟරාජකුටියට වැදී දොර වැසුවේය. වේගයෙන් ඇදීගිය පොරොවේ තලය සඟරාජ කුටියේ දොරෙහි ලෑල්ලක් පසාරු කරමින් එහි රැඳුණේ වරදකරුට එය වැදුණා නම් සිදුවන දේ ගැන ඉඟියක්ද පළකරමිනි.

කෙසේ නමුත් සඟරාජ කුටියට වැදී සඟරජුගේ දෙපා වැලඳ වැතිරී සිටින වැරැදිකරු දෙස කේන්තියෙන් බලා සිටි ගහලයා දොරේ ඇමිනී තිබූ පොරොව ආයාසයෙන් ගලවාගෙන ආපසු හැරුණේ සඟරාජ කුටියට වැදුණු වරදකරුවකුට හෝ මහා අපරාධකාරයකුට වුවද ජීවිත දානය ලැබිය යුතුය යන නියමය දාන්නා නිසාවෙනි.

කටුපුල්ලේවරුද ගහලයාද ඊළඟට තමන්ට උරුම වන රාජකීය දඬුවම ගැන සිතමින් පසුතැවෙමින් ආපසු එද්දී එදා සඟරාජ කුටියට වැදී දිවි ගලවාගත්තේ මල්වතු විහාරය අසල පන්සලේ සිටි ඇබිත්තයෙකි. ඔහු මරණයට කැප වූයේද අහඹුවකිනි.

ඒ කතාව මෙලෙසය. ලංකාවේ අවසන් සඟරජු වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ සඟරාජ පදවියට පත්ව සිටි වැලිවිට සරණංකර සඟරජුය. එකල මල්වත්ත පන්සලේ භූමියේ සඟරාජ කුටිය සහිත පන්සලේ වැලිවිට සරණංකර සඟරජු වැඩවිසූහ. එවකට සඟරාජ කුටිය අසල තවත් පන්සලක ඉක්මනින් කේන්ති ගන්නා ඇබිත්තයකු සිටියේය. ඉතා සුළු දෙයකින් මහත්සේ කිපෙන මේ ඇබිත්තයා කුඩා සමණේර සහ අනෙකුත් හිමිවරුන්ගේ විහිළු තහළුවලටද කිපුණේය. බැණවැදුණේය. ගල් කැටවලින් දමාගැසුවේය. ඇතැම් විට කෝපය නිමවන තුරු බැණවැදුණේය. මෙය සවස් කාලයේ සාමාන්‍ය දසුනක් වන තරමටම ප්‍රසිද්ධ කාරණයක් වූ අතර දිනක් හදිසියේම කීර්ති ශ්‍රී රාජසිංහ රජු සඟරාජ කුටිය වෙත ආවේ සඟරජු බැහැදැක කතාබහ කර යන අදහසිනි. එහෙත් වැඩි වේලාවක් යන්න පෙරම කවුදෝ ඉකිබිඳ හඬන හඬ ඇසී රජු කලබල විය. තතු සොයා බලද්දී හෙළි වූයේ වෙනත් හිමිනමකගේ විහිළුවකින් කිපුණු ඇබිත්තයා සාමණේ හිමිනමකට පහරදී ඇති බවයි. ඒ මොහොතේම සියලු සාමණේර හිමිවරුන්ට කතා කළ රජු, ඇබිත්තයාට විහිළු තහළු කිරීම සුදුසු නැති බව පහදා දී ඔහු කළ වරදට දඬුවමක් ලෙස හිසගසා මරා දැමීමට අණ කළේය. එම තීන්දුව පසුදාම ක්‍රියාත්මක කිරීමටද තීන්දු කළ්ය. ඒ අනුව මේ ඇබිත්තයා මරණයට කැප වුවද සඟරාජ කුටියේ ඇති බලය ශක්තිය ගැන දැන සිටි නිසාම තැනට සුදුසු නුවණ පෑදීමෙන් එදා සඟරාජ කුටියට වැදී දිවි ගලවා ගත්තේය.

එදා ශ්‍රී දළදා මැඳුරටද එම බලය සහ අවසරය ලැබී තිබුණු අතර කිසියම් ප්‍රාණ බයකින් දළදා මැඳුරට එන ඕනෑම අයකුට ජීවිත ආරක්ෂාව සැපයිය යුතු බවත් අභයදානය ලැබිය යුතු බවත් රාජ නියමය විය. එලෙසින් දරුණු අපරාධකරුවකුට වුවද ජීවිත දානය ලබන්නට අවසර ලැබිණි.

මේ බලයම එවකට සඟරාජ කුටියටද හිමිව තිබුණු අතර දරුණු ගණයේ අපරාධකරුවකුට හෝ වරදකරුවකුට වුවද සඟරාජ කුටියට පැමිණි කල ආරක්ෂාව කැපවීමට නියමව තිබිණි. එහෙයින් සඟරාජ කුටියට හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි.

එදා අවසන් සඟරජු වූ වැලිවිට සරණංකර සඟරජු භාවිත කළ සියලු දේත් සඟරාජ කුටියත් මල්වත්ත විහාරයේ එක් අංගයක් ලෙස සඟරාජ කටුගෙය නමින් අදද දැකගත හැකි අතර එදවස ගහලයා එල්ල කළ දරුණු පොරෝ පහරින් දොරෙහි ඇතිවූ කැළල අදද එහි යන්නකුට දැකගත හැකිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

දියුණුවට පාර කියන ශනි මංගල…

Next Post

පිරිවැය කාර්යක්ෂමතාව තුළින් කොමර්ෂල් බැංකුව පසුගිය මාස 09 තුළ වර්ධනයක් වාර්තා කරයි…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.