ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනතා අයිතියට පත් කරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.
කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.
ඉන් අනතුරුව නැවතත් අද පස්වරුවේ මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.










