• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෑඩ් මෑන් මුරුගානන්දන් සහ සජිත්

November 9, 2019
in Exclusive
Reading Time: 1 min read
A A
පෑඩ් මෑන් මුරුගානන්දන් සහ සජිත්
Share on WhatsAppShare on Facebook

සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන්, අයන් මෑන් මේ අපූරු මිනිසුන් පෙළහරයි. සිංහල බසින් ඔවුන් ඇමතිය හැක්කේ සුපිරි මිනිසා, වවුල් මිනිසා, මකුළු මිනිසා සහ යකඩ මිනිසා ලෙසය. මේ සුවිශේෂී මිනිසුන්ගෙන් සිදුවන ක්‍රියාදාමය සාමාන්‍ය මිනිසුන් අභිබවා යයි. එසේ නම් ඔවුන් නිර්මාණය කළේ කවුරුන්ද? මේ මිනිස් පෙළහර තනා ලොවට දායාද කළේ ඇමෙරිකාවේ හොලිවුඞ් සිනමාවය. එනම් මේ විරයන් සියල්ලම මනඃකල්පිත චරිතයන්ය. එහෙත් සිනමා රසිකයෝ ඔවුන් වීරත්වයෙන් හා ආදරයෙන් වැළඳගත්හ. එම කතාන්දර ලොව ගලාගෙන යන අතරවාරයේ යාබද ඉන්දියාවෙන් ඇසෙන්නට ගත්තේ තවත් අපූරු මිනිසකුගේ කතාවකි. එයද සිනමා නිමැවුමකි. මේ මිනිසා “පෑඞ් මෑන්” (ඡ්ා ඵ්බ) ය. සිංහලයෙන් කියනවා නම් “පෑඞ් මිනිසා” යන්නය. පෑඩයක් යනු යම් පිරවුමකි. එසේ නම් මේ කතාව කුමක්ද? “පෑඞ් මෑන්” යනු හින්දි බසින් නිර්මිත වෘත්තාන්ත චිත්‍රපටයකි. හෝරා දෙකකුත් විනාඩි විස්සක් පුරා ගලා යන මෙම දීර්ඝ චිත්‍රපටයේ වගතුග කුමක්ද? ඇමෙරිකාව මනඃකල්පිත සුපරි වීරයෙක් ගැන කියන අතරවාරයේ මෙසේ ඉන්දියාව කියන්නට සැරසෙන්නේ සැබෑ තාත්වික විරයකුගේ සත්‍ය කතාන්දරයකි. ඒ “පෑඩ මිනිසා”ගේ වගතුගයි. සිනමා නිර්මාණයක් ලෙස එය බිහිවුවත්, මෙය මුළු මහත් භාරතයත්, ලොවත් එකසේ වැළඳගත් කතා පුවතක් විය. එසේ වන්නට වූයේ එම සිනමා කතාන්දරය එක්තරා සුවිශේෂී මිනිසකුගේ සත්‍ය ජීවිත කතාවක්වූ හෙයිනි. “පෑඞ් මෑන්” ඔහුය.
අරුණාචලම් මුරුගානන්දන් (්රමබ්ජය්ක්ප ඵමරමට්බ්බඑය්බ) නමැති මෙම අපූරු මිනිසාගේ කතාව, ලොවටම ඇත්තේ එකම එකක් පමණි. එසේ වන්නේ එය කිසිදු කාලයකින්වත් අසන්නට නොලැබෙන දුර්ලභ, සුවිශේෂී කතාන්දරයක් හෙයිනි. එසේ වූයේ සත්‍ය ලෙසම එය මානුසිකත්වය අභිබවා ගිය වෘත්තාන්තයක් හෙයිනි. අද ලොව බොහෝ දෙනකු හඳුනන අරුණාචලම් මුරුගානන්දන් දැනට 58 වැනි වියෙහි පසුවන දකුණු ඉන්දියානු ජාතිකයෙකි. තමිල්නාඩුවේ කොයිම්බදෝරය ඔහුගේ උපන් ගම වන අතර, ඔහු උප්පත්තියෙන් දමිළ ජාතිකයෙක් වෙයි. සිනමා නිර්මාණයක් තනන්නට තරම් ඔහුගේ ජීවිත කතාව සුවිශේෂී වූයේ ඇයි?
ඉන්දියාවේ දමිළ දුප්පත් පවුලක උපන් මුරුගානන්දන් කුඩා කළ සිටම ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවීය. ඔහුගේ පාසල් කාලයේදීම තම පියා මාර්ග අනතුරක් හේතුවෙන් මියගිය හෙයින් වයස අවුරුදු 14 වන විටම ඔහුට පාසල් අධ්‍යාපනය පවා අතහරින්නට විය. ඉන්පසු ඔහු විවිධ සාමාන්‍ය රැකියාවල නිරත වෙමින් තම පවුලට උදව් උපකාර කිරීමේ රැකියාවන්ද සිදුකළේය. ඔහුට සහ පවුලට තිබුණු අගහිඟකම් නිසාම ඔහුට තරුණ වයස පසුකර මැදි වයස එනතෙක්ම නිසි විවාහයක් සිදුකර ගැනීමටද නොහැකි විය. අවසානයේදී ඔහු විවාහ දිවියට පත්වූයේ ඔහුට 37 වැනි විය එළඹි විටදීය. එනම් 1998 වසරේදීය. ශාන්ත නම දමිළ තරුණියක් සමඟ මුරුගානන්දන් විවාහයට පත්විය. ඇයද දුගී පවුලක උපන් තරුණියක වූවාය. කෙසේ හෝ නව යුවල බොහෝ අගහිඟකම් මැද සතුටින් විවාහ දිවිය ගතකළේය. ලොව ස්වභාවධර්මයේ කාන්තාවට පමණක් අදාළවූ එක්තරා ශාරීරික ක්‍රියාවලියක වගතුග කතාවට නැඟෙන්නේ මෙතැන සිටය. එනම කාන්තාවන්ගේ “ආර්තව චක්‍රය” නොහොත් “ඔසප් චක්‍රය” එම විෂය විය. විවාහයෙන් දින කිහිපයක් ගෙවී යද්දී මුරුගානන්දන්ට දැකගැනීමට හැකි වූයේ තම තරුණ බිරිය දින කිහිපයක් එක දගට එක්තරා පරණවූ රෙදි කැබලි රැසක් විටින් විට සෝදන ආකාරයය. ඇය එම ක්‍රියාව සිදුකරන්නේ බොහෝ රහසිගතව වන අතර, පසුව සේදූ රෙද කැබලි වේලෙන්නට වැලේ වනා එය මතින් නොපෙනෙන සේ සාරියක් සෝදා එල්ලන ආකාරයද මුරුගානන්දන් දුටුවේය. මෙම දසුන් මුරුගානන්දන්ගේ සිත මහත් කලබලයට සහ ශෝකයට පත්කළේය. එහෙත් ඔහු එය පෙන්වූයේ නැත.
මෙම ශෝකීය හද කකියවන කතාන්දරය සිදුවන්නේ අම්මා, මුත්තාගේ කාලයකදී නොවේ. මෙයට හරියටම වසර 20කට පෙර සමයකදීය. එනම් ලොව කෙතරම් දියුණුවක් කරා ළඟාවී ඇති සමයක්ද? එහෙත් මෙම දුක්ඛිත මිනිසුන් එම අවාසනාවන්ත අද්දැකීමවලට මුහුණ දෙමින් සිටියේය. තම බිරිය ශාන්තී ඇයගේ ආර්තවයට මුහුණ දෙන ආකාරය මුරුගානන්දන් දුටුවත් ඔහුට කළ හැකි දෙයක් නොවී්‍ය. නාගරික සහ යමක් අතේ මිටේ ඇති පවුල් එම අවස්ථාවකදී සිදුකරන්නේ කඩපිලට පැමිණ යහමින් මුදල් ගෙවා සනීපාරක්‍ෂක තුවා පෙට්ටි මිලදී ගැනීමය. එහෙත් ඉන්දියාවේ බහුතර ජනතාව වෙසෙන්නේ දරිද්‍රතාවයේ මහමෙර මතය. තමන්ගේ බිරියට තමන් සෙතක් සලසන්නේ කෙසේදැයි ඔහු දිවා රෑ කල්පනා කළේය.
අරුණාචලම් මුරුගානන්දන් එතැන් සිට සිදුකළේ ලොව මෙතෙක් පිරිමියකු සිදුකරන ලද පුදුමාකාර ක්‍රියාදාමයකි. ඔහු තමන්ට සොයාගත හැකි විවිධ අමුද්‍රව්‍ය භාවිත කරමින් තම බිරිය සඳහා භාවිත කළ හැකි සනීපාරක්‍ෂක තුවායක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඔහු තම නිෂ්පාදනය තම බිරියටත්, ඇයගේ සොයුරියන්ටත් ඉදිරිපත් කර සිටියේය. එහෙත් එම ඇඟළුම පැළඳි එම කාන්තාවන් එයට රුචි බවක් නොදැක්වීය. ඔවුහු එය තමන්ට සුදුසු නැතැයි කියමින් ප්‍රතික්‍ෂේප කළහ. එහෙත් මුරුගානන්දන් තම උත්සාහය අතහැරියේ නැත. තම බිරිය සහ ඇයගේ සොයුරියන් මුරුගානන්දන්ට දෝෂාරෝපණය කරමින් කියා සිටියේ කාන්තාවන්ගේ එවැනි ඇඟළුම් සෑදීමට උනන්ද නොවන ලෙසය. ඔවුන් මුරුගානන්දන්ට පැවසුවේ මින් ඉදිරියට තමන්ට එවැනි නිෂ්පාදන අත්හදා බැලීමටද නොදෙන ලෙසටය. අසරණ වූ මුරුගානන්දන් ඉන්පසු ඔවුනට කිසිවක් පැවසීමට ගියේ නැත. ඔහු තවත් නිෂ්පාදන භාවිත කිරීමට පෙර පර්යේෂණ මට්ටමින් එය අත්හදා බැලිය යුතුය. මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි තරුණියන් කිහිප දෙනකු ගැන ඔහුට අවධානය යොමු විය.
නිෂ්පාදනය පිළියෙල කරගත් මුරුගානන්දන් එම තරුණියන් කිහිපදෙනාට ඒ ගැන පවසා සිටියේය. මුලින් මේ සඳහා සහභාගි වීමට එම තරුණියන් කැමැත්ත ප්‍රකාශ කළද පසුව තමන්ගේ “ආර්තවය” නොහොත් “මාස් ශුද්ධි”යේ රහසිගත තොරතුරු මුරුගානන්දන් සමඟ සාකච්ඡා කිරීමට ලැජ්ජාශීලී වූවාය. අවසානයේදී එම තරුණියන්ද ඔහුගෙන් බැහැර වූ අතර, මුරුගානන්දන්ට කිසිවක් කරකියාගත නොහැකිව අසරණ විය. එහෙත් මේ මිනිසා සැබැවින්ම අතිශය අරුමපුදුම මිනිසකු වූ අතර, තම උත්සාහය අතහැරියේ නැත. ඉන්දියාවේ ග්‍රාමීය, දුගී දුප්පත් පවුල්වල කාන්තාවන්ට මෙවැනි සනිපාරක්‍ෂක පැළඳුමක් අඩු මුදලකට ලබාදෙන්නේ කෙසේ දැයි ඔහු නිතර සිතන්නට විය. වෙළෙඳපොළේ ඇති මෙම සනීපාරක්‍ෂක තුවා ඉතාමත්ම මිලෙන් අධිකය.
මුරුගානන්දන් සිදුකළේ අරුම පුදුම ක්‍රියාවකි. තමන් නිෂ්පාදනය කළ සනීපාරක්‍ෂක තුවා තමන්ම පළඳා අත්හදා බැලිය යුතු යැයි අන්තිමේදී ඔහු තීරණය කළේය. එහෙත් තමන් කාන්තාවක් නොවේ. තමන්ට ආර්තවයක් සිදුවන්නේ කෙසේද? ඔහුට අදහසක් පහළ විය. ඔහු පාපන්දුවක කොටසක් ගෙන එයට එළුවකුගේ රුධිරය පුරවා වෑහෙන සේ සකස් කර කෘත්‍රීම ගර්භාෂයක් සාදාගත්තේය. එළු රුධිරය කැටි නොගැසෙන්නට එයට යම රසායනිකයක්ද එක්කළේය. එතැනින් නොනැවතුණු ඔහු සාදාගත් කෘත්‍රීම ගර්භාෂය තමන්ගේ ශරීරයේ රහස්‍ය කොසේ සඟවාගෙන, එය මතින් තමන් නිෂ්පාදනය කළ සනීපාරක්‍ෂක තුවාය සහ යට ඇඳුමස පැළඳවූයේය. එළු රුධිරය විටින් විට පිටතට පිටකර හරින තෙරපන බටයක්ද සාදාගත්තේය. එසේ සියල්ල සකසාගත් පසුව ඔහු එදිනෙදා තම කටයුතුවල නිරත වූයේය. ඇවිදීම, බයිසිකල් පැදීම, දිවීම වැනි ක්‍රියාවන් සිදුකරන අතරවාරයේ රුධිර පිටකිරීමේ ක්‍රියාවලියද පනගන්වන ලදී. දින ගණනක් මෙම පර්යේෂණයේ නිරතව එදිනෙදා කරුණු අධ්‍යයනය කළේය.
පර්යේෂණය අතිශයින්ම සාර්ථක විය. මෙලෙස තමන් කාන්තාවක් සේ කටයුතු කරන විටදී ඔහුගේ බිරිය සිතුවේ තම සැමියා විටෙක උමතුවෙන් සිටින්නේ දැයි යන්නය. තමන් අඩු මුදුලට නිපදවූ සනීපාරක්‍ෂක තුවා (ී්බසඑම්රහ භ්චනසබි) භාවිතයට පෙරදී සහ පසුවත් සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට සමත් විය. ඉන්පසුව ඔහු සිදුකළේ මෙම ඇඟළුම් කෙසේ හෝ සැබෑ කාන්තාවන්ට පළඳවා පර්යේෂණයක් සිදුකිරීමටය. එම ගමේ හෝ නගරයේ කිසිදු තරුණියක් එයට කැමති වූයේ නැත. අවසානයේදී ඔහුට ඒ සඳහා නිසි අවස්ථාවක් ලැබිණි. යාබද නගරයක පිහිටා තිබුණු වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය සිසුවියන් 10 දෙනකු මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති විය. මුරුගානන්දන් මෙම තරුණියන්ට මාස කිහිපයක්ම තම නිෂ්පාදන නොමිලයේ සැපයූවේය. ඊට පසු ඔහු කළේ කිසිද පිරිමියකු නොකරන තවත් අපූරු ක්‍රියාවකි. එනම් එම වෛද්‍ය සිසුවියන් මෙම සනීපාරක්‍ෂක තුවා පැළඳීමෙන් පසුව භාවිත කරන ලද තුවා නැවත රැගෙන ඒමය. පර්යේෂණය සඳහා සිසුවියන් එම තුවා නැවත ඔහුට ලබා දුන්නේය. වෙනත් තරුණියන් මෙන් ඔවුන් එයට ලජ්ජාසහගත වූයේ නැත. මුරුගානන්දන් කළේ මෙම භාවිත කරන ලද රුධිරය උරාගත් තුවා ගෙදර රැගෙන විත් එක් ස්ථානයක තබා පරීක්‍ෂා කිරීමය. එය සිදුකරන්නට හැකි වූයේ දින දෙක තුනක් පමණි. මහත් ජංජාලයක් සිදුවූයේය. මුරුගානන්දන්ගේ බිරිය සහ මව මෙය දැක මහත් කෝපයට පත්ව ඔහුට බැනවැදී නිවෙස හැර ගියේය.
එහෙත් ඒ වන විට ගමේ මිනිසුන්ද මුරුගානන්දන් සිදුකරන මේ ක්‍රියාවලිය දැන සිටියේය. ගමේ මිනිසුන්ද සිතුවේ මුරුගානන්දන්ට “ලිංගික කාම පිස්සුවක්” වැළඳී ඇති ලෙසය. මිනිසුන්ගේ පරිභව, නින්දාවන්ද ඔහුට දිගට හරහට එල්ල වූයේය. කෙසේ වුවද දැන් මුරුගානන්දන් තමන්ට අවශ්‍ය හැරවුම් ලක්‍ෂයට පැමිණ ඇත්තේය. තමන්ගේ ඉලක්කය සපිරෙන බැව් දැනගත්තේය. කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක තුවා පර්යේෂණය හරියටම හරිය. දැන් කළයුත්තේ මේ නිෂ්පාදනය යම් පරිමාණයක් නිෂ්පාදනය කිරීමය. ඒ සඳහා තමන් යන්ත්‍ර-සූත්‍රවල රැකියාව කරද්දී ගත් දැනුම උකහා ගත්තේය. අවසානයේදී සනීපාරක්‍ෂක තුවා නිෂ්පාදනය කරන යන්ත්‍රයක් තමන් නිර්මාණය කළේය. එයින් නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර, එවට වෙළෙඳපොළේ විකිණීමට තිබූ බහුසමාගම් නිෂ්පාදනය කළ කාන්තා සනීපාරක්‍ෂක තුවාවල වටිනාකමට වඩා සිවු ගුණයක් අඩුවෙන් තමන්ගේ නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට හැකි විය. තමන්ගේ හැරවුම් ලක්‍ෂය සාර්ථක විය. එහෙත් එය එතැනින් නැවතුණේ නැත. තමන් මෙම නිෂ්පාදනය සිදුකරන අතරවාරයේ එම කටයුතු සඳහා භාවිත කරනු ලබන යන්ත්‍ර-සූත්‍ර නිෂ්පාදනයද ආරම්භ කරන ලදී. අවසානයේදී ඔහු සනීපාරක්‍ෂක තුවා පමණක් නිෂ්පාදනය කරනු ලබන අංගසම්පූර්ණ විශාල කම්හලක් බිහිකළේය. සුළුවෙන් පටන්ගත් ව්‍යාපාරය මහා පරිමාණය දක්වා ව්‍යාප්ත වන්නට විය.

අරුණාචලම මුරුාගනන්දන්ගේ කතාව තවත් බොහෝ දිගුය. එහෙත් එම ඉතිරි වගතුග කතාකරන්නට ප්‍රථම මෙම කතාන්දරය අපි ශ්‍රි ලංකාව තුළ කතා කරන්නට ගත්තේ ඇයි? එයට එක්තරා සුවිශේෂී හේතුවක් ඇත. එනම් දැනට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මැතිවරණ වේදිකාවකදී සිදුකරන ලද යම් ප්‍රකාශයක් හේතුවෙනි. එනම් තමන් බලයට පත්වූ පසු කාන්තාවන්ට සනිපාරක්‍ෂක තුවා නිෂ්පාදන නොමිලයේ ලබාදෙන බැව් ප්‍රකාශ කිරීමය. මෙම ප්‍රකාශය සිදුකර දිනයක් යත්ම, එය විරුද්ධවාදී දේශපාලනික පාර්ශ්ව විවේචනයට සහ සමච්චලයට ලක්කරන ලදී. මෙම සනීපාරක්‍ෂක තුවා භාවිත කිරීමේදී අද පැහැදිලිවම ශ්‍රී ලංකාවේ තරුණියන් සහ කාන්තාවන් බහුතරයක් මුහුණදී ඇත්තේ ඉතාමත්ම ශෝචනීය තත්ත්වයකටය. ගැහැණිය යනු ලොවට දරු සම්පත බිහිකරන සැබැවින්ම උත්තරීතර වූ මනුෂ්‍ය පාර්ශ්වයකි. එසේම ඔවුන් තමන්ගේ ජීවන රටාවේදී පිරිමියාට වඩා නොයෙකුත් දුක්ගැහැටවලට මුහුණ දෙන්නීය. මෙයින් ප්‍රධානතම සහ අංක එකේ ස්වාභාවික සෞඛ්‍ය ගැටලුව වන්නේ ඔවුන්ට මාසිකව මුහුණ දෙන්නට සිදුවන “ආර්තව” නොහොත් මාසික ඔසප් චක්‍රය වෙයි. ඔවුනට සනීපාරක්‍ෂක නිෂ්පාදන අවශ්‍ය වන්නේ එවිටය. එහෙත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් වෙළෙඳපොළේ ඇති සනීපාරක්‍ෂක තුවා භාවිත කරන්නේ 40%ක පමණ ප්‍රමාණයක් බැව් සමීක්‍ෂණවලින් හෙළිවී ඇත.
මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම නිෂ්පාදන මිල ඉතා අධික වීමත් ඒවා නිරන්තරයෙන් භාවිත කිරීමට බොහෝ කාන්තාවන්ට මිල මුදල් නොමැති වීමත්ය. මෙය සැබැවින්ම අතිශය කනගාටුදායක තත්ත්වයක් අතර, මම තත්ත්වය බොහෝ දරුණු ලෙස උද්ගතව ඇත්තේ දුගී, දප්පත් ජනයා සහ ග්‍රාම්‍ය ජනයා අතරය. එසේ වූ විට එම කාන්තාවන් වෙනත් විකල්ප ක්‍රම භාවිත කරමින් එම තත්ත්වයන්ට මුහුණ දෙයි. එම ක්‍රම සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන හෙයින් එම කාන්තාවන් තවත් වෙනත් රෝගී තත්ත්වයන්ටද මුහුණ දෙන්නීය. මේ හෙයින් මෙය අද ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දරුණු සමාජයීය සහ මානසික වදවේදනා ගෙනදෙන ප්‍රශ්නයක් බවටද පත්වී ඇත. එය කිසිසේත්ම සමච්චලයෙන් සමච්චලයට ලක් කරන්නේ පිරිමි පාර්ශ්වයයයි. එය සම්පූර්ණයෙන්ම ඉතාම නිහීන, අධම කාරියක් වන අතර, එසේ ගැරහීම දැන් දේශපාලනික පාර්ශ්ව සිදුකරනු ලබයි. ඒ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්‍ෂකයා වෙතය. ඔහු බලයට පත්වූ පසු සියළුම කාන්තාවන්ට මෙසේ සනීපාරක්‍ෂක නිෂ්පාදන ලබා දෙන්නේ කෙසේ දැයි අපි නොදනිමු. එසේ වන්නේ ඒ සඳහා මහා ධනස්කන්ධයක් වැයවන හෙයිනි. එහෙත් ඔහු පොද ජනතාව ඉදිරියේ දුන් එම පොරොන්දුව ජුගුප්සාවෙන් බැහැර කළ හැකි එකක් නොවේ. මෙම කාන්තා සනීපාරක්‍ෂක නිෂ්පාදන මෙතරම මිල අධික වන්නේද, පවතින රජය එම භාණ්ඩ නිෂ්පාදනයේදී අය කරනු ලබන අධික බදුබර හේතුවෙනි. එනම් එම නිෂ්පාදන ආයතන කෙරෙහි පනවා ඇති බදු මුදල් හේතුවෙන් එම නිෂ්පාදන වෙළෙඳපොළට පැමණෙන විටදී අධික මුදලකට අලෙවි කිරීම සිදුකරනු ලබයි. මෙම සමාජයීය අර්බුදය ගැන ඉංග්‍රීසි මාධ්‍යක වූ ලිපියක සිංහල පරිවර්තනයෙහි මෙසේ සඳහන් වෙයි.
“ශ්‍රී ලාංකික කාන්තාවට මෙම සෞඛ්‍යාරක්‍ෂිත නිෂ්පාදන භාවිතය සඳහා වියදම දැරීමේ නොහැකියාවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එම සෞඛ්‍යාරක්‍ෂිත නිෂ්පාදන ආයතන උදෙසා ශ්‍රී ලංකාවෙන් පනවා ඇති බදුය. එම නිෂ්පාදන මත බදු පනවන්නේ එච්.එස්. කේතයෙන් හඳුන්වන එච්.එස්. 96190010 යන කාණ්ඩය යටතේය. මෙම නිෂ්පාදන උදෙසා අය කරන බදු අනුපාතය සියයට 62.6කි. 2018 සැප්තැම්බර් දක්වා සනීපාරක්‍ෂක තුවා උදෙසා අයකළ බද්ද සියයට 101.2ක් විය. එහෙත් මෙම අධික බදු අයකිරීම උදෙසා සමාජ මාධ්‍යවලින් විවේචන, චෝදනා එල්ල විය. ඉන්පසුව මෙම බදුවලින් “සෙස් බද්ඳ’ ඉවත් කරනු ලැබිණි. එහෙත් මේ තාක් දක්වා එම නිෂ්පාදනවල මිල විශාල ලෙස පහත බැසීමක් සිදුවී නොමැත. අන්තර්ජාතික වශයෙන්ද සනීපාරක්‍ෂක නිෂ්පාදන උදෙසා බදු පැනවීම ඉවත් කරන ලෙස උද්ඝෝෂණ මේ වන විට වැඩිවෙමන් පවතී.”
මෙම සමාජයීය ප්‍රශ්නය ලොව වටා කෙතරම් ප්‍රබල ආකාරයට බලපා ඇතැයිද කිවතහොත් මෙම ලිංගික අසාමානතාව “ආර්තව දරිද්‍රතාවය” නොහොත් “මාස් ශුද්ධි දරිද්‍රතාව” (ඡැරසදා ඡදඩැරඑහ) ලෙසින් හඳුන්වා ඇත. සනීපාරක්‍ෂක නිෂ්පාදන උදෙසා දැනට ශ්‍රී ලංකාවේ පවතින අධික මිල ගණන් හේතුවෙන් බාලිකා අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා සනීපාරක්‍ෂාවන්ට දැඩි අහිතකර බලපෑම එල්ලවී ඇත. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ගැහැනු ළමයින් ආශ්‍රයෙන් සිදුකළ සමීක්‍ෂණයකදී පෙනීගොස් ඇත්තේ එම ආර්තව දිනවලදී 1/3කට වඩා ළමයින් පාසල් නොයන බවය. මෙම තත්ත්වය අතිශය ශෝකජනකය.
මෙවැනි බැරෑරුම් තත්ත්වයක් යටතේ ඉදිරි අනාගතයේදී කවුරු හෝ මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය. ඉන්දියාවේ “පෑඞ් මෑන්” බිහිවුණා සේ ශ්‍රී ලංකාවේද “පෑඞ් මෑන්” කෙනකු බිහිවන්නේද? සජිත් ප්‍රේමදාස මහතා තම අදහස ප්‍රකාශ කරන්නේ මෙවන් වටාපිටාවකදීය. තමාද “පෑඞ් මෑන්” යන නමින්ම හඳුන්වා ගත් ඔහු ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක්ද නිකුත්කර තිබිණි. යටකී ප්‍රශ්නය වෙනුවෙන් වෙනත් ස්ථිරසාර විකල්ප විසඳුමක් ලැබෙනතුරු ඔහු කිසිද මුදල් අයකිරීමකින් තොරව, එම සෞඛ්‍යාරක්‍ෂක නිෂ්පාදන කාන්තාවන් සඳහා නොමිලයේ ලබාදෙන බවට ඔහු තම පණිවුඩයයන් සඳහන් කර තිබිණි.
ඉන්දියාවේ අරුණාචලම් මුරුගානන්දන් නොහොත් “පෑඞ් මෑන්” මේ වන විට ලොව සිටින සුවිශේෂී පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබේ. ඔහු පසුකාලයකදී ඉන්දියාවේ ප්‍රාන්ත රාශියක තමන්ගේ කර්මාන්ත ශාලා අරඹනු ලැබීය. එසේම ඒ මඟින් තරුණියන් දහස් ගණනකට රැකියාවද ලබා දුන්නේය. ඔහු සිදුකළ සේවය අගැයීමක් වශයෙන් ඉන්දියාවේ ඇති උසස්තම ජාතික සමමානයක් වන “පද්ම ශ්‍රී” (ඡ්ාප් ීරස ්අ්රා) සම්මානය, 2016 වසරේදී ඉන්දීය ජනාධිපතිනි ප්‍රතී පතෙල් මහත්මිය අතින් පිරිනැමිණි. 2014 වසරේදී ඇමෙරිකාවේ “ටයිම්” (ඔසපැ) සඟරාව ප්‍රකාශ කළ ලොව සිටින ප්‍රබලතම පුද්ගලයන් 100 ලැයිස්තුවට ඔහුගේ නමද ඇතුළත්ව තිබිණි. තවත් විවිධ සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබූ මුරුගානන්දන් ඇමෙරිකාවේ ඇති ගෞරවනීය හාවාර්ඞ් විශ්වවිද්‍යාලයේ (්‍ය්ඩ්රා ඹබසඩැරිසඑහ) ආරාධිත දේශකයකුද වූයේය. ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතනවලද ඔහු දේශකයෙක් වෙයි. මුරුගානන්දන් ගැන සිනමා නිර්මාණ තුනක් බිහිවී ඇත. එයින් ඔහුගේ ජීවිත කතාව පැහැදිලිව විවරණය කළ “පෑඞ් මෑන්” චිත්‍රපටයට 66 වැනි ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලැබිණි. මෙම චිත්‍රපටයේ මුරුගානන්දන් ලෙස රඟපාන්නේ සුප්‍රකට හින්දි රංගන ශිල්පී ආක්ශේ කුමාර් වන අතර, ඔහු ඉතා ප්‍රබල රංගනයක යෙදෙයි. ඔහුද හොඳම නළුවා ලෙසට එහිදී නිර්දේශ කෙරිණි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

හැත්තෑහතේ අලි මන්තරය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

2015 ජන්ද ගත්ත හැටි: 2019 ජන්ද දිනන හැටි: විග්‍රහය ‌මෙන්න

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.