• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සෙංකෝලය තැනින් තැන කැඩිලා! හදන්න එංගලන්තෙට යන්න වෙයිද? යැව්වොත් පාර්ලිමේන්තුව වහන්න වෙයිද?

November 17, 2021
in Exclusive, News
Reading Time: 5 mins read
A A
සෙංකෝලය තැනින් තැන කැඩිලා! හදන්න එංගලන්තෙට යන්න වෙයිද? යැව්වොත් පාර්ලිමේන්තුව වහන්න වෙයිද?
Share on WhatsAppShare on Facebook

වෙස්මිනිස්ටර් ක්‍රමයේ පාලනයක් ක්‍රියාත්මක රටවල්හි පාර්ලිමේන්තුවල අනිවාර්ය අංග අතරින් මුල්තැනක් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයාට හිමිවෙයි. එම විශේෂ තනතුර තවත් විශේෂ වන්නේ පාර්ලිමේන්තුවේ සෙංකෝලය දැරීමේ හා එය ආරක්ෂා කිරීමේ වගකීමද ඔහුට පැවරෙන බැවිනි.

වේත්‍රධාරිවරයාට ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන හැඳින්වීම වන්නේ Sergeant-at-Arms යන්නයි. එහි ‘සෙංකෝලය දරන්නා’ යන අරුතද ගැබ්ව තිබේ.

මෙසේ සෙංකෝලය දැරුවෝ බි්‍රතාන්‍ය රජ දවසේ ආරක්ෂකයෝ වූහ. එසේත් නැතිනම් රජුගේ පණිවුඩකරුවෝ වූහ.

සෙංකෝලය දරා පැමිණෙන මේ පණිවුඩකරුවෝ කියන පණිවුඩ රටවැසියන් පිළිගනු ලබන්නේ ඔහුගේ වචනවලට වඩා ඔහු දරා සිටින රාජ්‍යත්වයේ සංකේතය වූ සෙංකෝලය පිළිබඳ ගෞරවය නිසාය.

ක්‍රි.ව. 1200 කාලයේ සිට බි්‍රතාන්‍යයේ රාජත්වයේ අධිකාරි බලය සංකේතවත් කළ සෙංකෝලය දායාදයක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව අපටද ලබාදී තිබේ.

සෙනට් මන්ත්‍රී මණ්ඩලයක් ක්‍රියාත්මක වූ පාලන කාලයේ මෙරට භාවිත වූ සෙංකෝලය නිමවා තිබුණේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි රන්කරුවකු වූ අසවේද නයිදෙලාගේ පියතිලක මහතාය. ඒ, කොළඹ පිහිටි හේමචන්ද්‍ර සහෝදරයෝ නමැති රන් භාණ්ඩ ආයතනයක දැනුම්දීමක් මතය.

ඊට අදාළ ලේඛන පරිශීලනය කිරීමේදී පහත ඡායාරුපයේ දැක්වෙන එම සෙංකෝලය ලලිත කලා ආයතනයේ ඩබ්ලිව්.ඒ. ආරියසේන මහතා සැලසුම් කර ඇති බව පැහැදිලි වේ. එය කොටස් 355කින් සමන්විත වන අතර, කොටස් 40කට ගලවා වෙන්කළ හැකිය. දිගින් අඟල් 52කි සහ බරින් රාත්තල් 7.5කින් යුතුය. මේ සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය අතර ඇත්දළ කොටස් දෙකක්, කැරට් 20 රන් පවුම් 45ක්, බරින් රාත්තල් 3.5ක් වූ රිදී කොටස් ද ඇතුළත් වේ.

මෙම සෙංකෝලයේ ඉහළ කොටසේ ‘සන්තින් ද්‍රියෝච නිපකෝච’ යන කරණීය මෙත්ත සූත්‍රයේ එන පාලි පාඨය කැටයම් කර තිබේ. කෙසේ වෙතත් දැනට භාවිතයට නොගන්නා එම සෙංකෝලය වර්තමාන පාර්ලිමේන්තුවේ සුරැකිව තැන්පත් කර තිබේ. දැනට භාවිත කරන සෙංකෝලයේද විශේෂතා ගණනාවක් පවතී. එය 1949 වසරේදී මෙරටට හිමිවුණේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිත්‍යාගයක් ලෙසිනි. කෙසේ වෙතත් එහි සැලසුම සකස් කර ඇත්තේ මෙරට ජාතික කොඩිය නිර්මාණය කිරීමටද දායකත්වය සැපයූ කලාකරුවකු වන එස්.පී. චාල්ස් මහතාය.

බි්‍රතාන්‍ය දායාදයක් ලෙස වෙස්මින්ස්ටර් ක්‍රමය ක්‍රියාත්මක වූ සියලු‍ රටවල සෙංකෝලවලට මෙන්ම ශ්‍රී ලංකාවේ සෙංකෝලයටද දේශීය කලා සම්ප්‍රදාය මුසුකිරීමට චාල්ස් මහතා කටයුතු කර ඇති අයුරු වර්තමාන සෙංකෝලය නිරීක්ෂණය කිරීමේදී මොනවට පැහැදිලි වේ.

මේ, 1947දී අඳින ලද එහි සැලසුමයි.

එම සැලසුම බි්‍රතාන්‍යයට යැවීමෙන් අනතුරුව එංගලන්තයේ බකිම්හැම් මාලිගයට ආභරණ සපයන එම්.එස්. ගැරට්ස් සමාගමට භාරදී ඇති අතර එහි නිමැයුම්කරු ලෙස හැඳින්වෙන්නේ ප්‍රසිද්ධ රන්කරුවකු වන ඩැනියෙල් ගැරට්ස් නමැත්තෙකි.

එය වැඩදැමීමට රන්, රිදී මෙන්ම රිදී මාණික්‍යයක්ද භාවිතයට ගෙන තිබේ. යෂ්ටිය නිර්මාණය කර තිබෙන්නේ කරුවර ලීයෙනි. එම කරුවල ලී කැබැල්ලත්, නිල් මණිකත් සපයා තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. වර්තමාන සෙංකෝලයේ ඉහළ ඇති රිදී ගෝලය නිමවා ඇත්තේ රනින් නිම කළ නෙලු‍ම් මලක් මතයි. එම ගෝලය දෙපැත්තේ උත්තලව සිටින ලෙස නිමවූ සිංහ රූප දෙකක්ද වෙයි. මෙම සෙංකෝලය පාර්ලිමේන්තුවට රැගෙන ඒමද සම්ප්‍රදායික සහ අභිමානවත් අයුරින් සිදුකරනු ලැබේ.

වේත්‍රධාරිවරයා සෑම විටම පාර්ලිමේන්තුවට සෙංකෝලය රැගෙන එනු ලබන්නේ නියෝජ්‍ය වේත්‍රධාරිවරයා පෙරටු කරගෙන පාර්ලිමේන්තු සභාවේ ප්‍රධාන දොරටුවෙනි. එමෙන්ම ඔහු සෑම විටම සෙංකෝලය පාර්ලිමේන්තුවට රැගෙන එන්නේද එය සිය දකුණු උරමත තබාගෙනය.

සෙංකෝලය පාර්ලිමේන්තුවේ සෑම විටම තැන්පත් කරන්නේ එහි පලිඟු‍ මුහුණත ආණ්ඩු පක්ෂය දෙසට පිහිටන අයුරිනි. කතානායකවරයා මුලසුනේ රැඳී සිටින විට ඉහළ ආධාරකයකත්, කතානායකවරයා කාරකසභා අවස්ථාවේ නිරතවන විට පහළ ආධාරකයකත් සෙංකෝලය රඳවනු ලැබේ.

අභිනව කතානායකවරයකු තෝරා පත්කර ගනු ලබන අවස්ථාවකදීද පහළ ආධාරකයක රඳවන සෙංකෝලය, කතානායකයා තේරීපත්වූ පසු වේත්‍රධාරිවරයා ඉහළ ආධාරකයේ රඳවයි.

පාර්ලිමේන්තුව සෙංකෝලය නොමැතිව කිසි විටෙකත් රැස් නොවන අතර එසේ රැස්වෙන පාර්ලිමේන්තුවට නිසි බලයක්ද හිමිවන්නේ නැත.

සභා ගැබේ බොහෝ විරෝධතා අතරතුර මන්ත්‍රීවරු සෙංකෝලය උදුරාගෙන දුවන්නට උත්සාහ කරන්නේ මේ හේතුවෙනි. වර්තමාන පාර්ලිමේන්තුවේ සෙංකෝලය ඔසවාගෙන දිවූ අයකු ලෙස වාසුදේව නානායක්කාර මහතා පිළිබඳ අදටද බොහෝ දෙනා කතාබහ කරති.

එම ආදර්ශය ගත් තවත් අයද මේ කටයුත්තට පෙලඹෙන නිසා වේත්‍රධාරිවරයා සෑම විටම ඒ පිළිබඳ සුපරික්ෂාකාරී වේ. පාර්ලිමේන්තුවේ සුළු හෝ කලබලකාරී තත්ත්වයක් ඇතිවෙද්දී වේත්‍රධාරිවරයා සෙංකෝලය වෙත දිවයන්නේ එබැවිනි.

ඇතැම් විට සෙංකෝලය පැහරගැනීමට මන්ත්‍රීවරු තැත්කරද්දී එය ආරක්ෂා කිරීමට වේත්‍රධාරිවරයා කටයුතු කරද්දී දෙපසට ඇදීම හා වැටීම නිසා මෙම වටිනා සෙංකෝලයේ තැළීම් කිහිපයක් මේ වන විට දක්නට ලැබේ.

එහෙත් එය අලු‍ත්වැඩියා කිරීමට මෙරට ශිල්පීන්ට හැකියාවක් නැත. ඒ, සෙංකෝලය කොටස් කිරීමට සිදුවන බැවිනි.

ඒ අනුව සෙංකෝලයට සිදුව ඇති හානි අලු‍ත්වැඩියා කිරීමට නම් නැවතත් එය නිර්මාණය කරන ලද එම්.එස්. ගරට්ස් පෞද්ගලික සමාගම වෙත යැවිය යුතුව ඇති බවයි පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියකු පැවැසුවේ.

කමල් දාබරේ

SendShareShare
Previous Post

බන්දුල සර්ගෙ අලුත් ආර්ථික විද්‍යාව මුල සිට අගටම කියවමු!

Next Post

පාස්පෝට් 2ක් අයිඩෙන්ටි 2ක් මුහුණු 2ක් ‌තියෙන ආණ්ඩුවේ ඉන්න ඇමැති කව්ද? (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.