කොළඹදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ උද්ඝෝෂණ ව්‍යාපාරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අද මාධ්‍ය වාර්තා කොට ඇත.
ඒ අනුව දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත සහ සීනිව්ස් වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබුණේ මෙසේය.
සීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබූ ආකාරය
විපක්ෂය විසින් අද කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට ත්‍රස්ත ප්‍රහාරයක් හෝ සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්ෂක නිලධාරීන පොලිසිය පැමිණිලි කර ඇත.
මෙම පැමිණිල්ල විපක්‍ෂ නායකවරයාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා විසින් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 29 වනදා බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.
අදාළ විරෝධතා නැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කුරුදුවත්ත පොලිසිය කර තිබූ ඉල්ලීමේ මේ ගැනද සදහන් කර තිබින.
මෙම ප්‍රහාර තොරතුර සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ විමර්ශනයක් පැවැත්වෙන බවද පොලිසිය අධිකරණයට සඳහන් කරන ලදී.
දෙරණ ආයතනයේ අරුණ පුවත්පත වාර්තා කර තිබූ ආකාරය
සමගි ජන බලවේගය මගින් අද (16 වැනිදා) පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට’ විරෝධතා පාගමනට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ස්ථාන රැසක්, අධිකරණය වෙත ඊයේ (15 වැනිදා) දැනුම් දී තිබේ.
අදාළ විරෝධතා රැලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ යම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක කිරිමැටිදෙනිය විදානලාගේ සමන්ත දිලුක් දිල්ෂාන් කුරුඳුවත්ත පොලිසිය වෙත ඉකුත් 09 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගය අද විරෝධා රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය වළක්වාලන ලෙස ඉල්ලමින් පොලිස් ස්ථාන රැසක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ රැසකින් ඉල්ලීම් කර තිබිණි.
එම ඉල්ලීම් ඉදිරිපත් කරමින් පොලිසිය, විරෝධතා පා ගමනට එල්ල විය හැකි බව කියන ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් පවත්වන බවද අධිකරණය වෙත දන්වා සිටියේය.
ඒ පිළිබඳව බොරැල්ල පොලිසිය, කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් පී.ඩී. පෙරේරා වෙත කරුණු ඉදිරිපත් කළ අවස්ථාවකදී ජනාධිපති නීතිඥ ගුණරත්න වන්නිනායක මෙසේ පැවැසීය.
‘‘පාස්කු ප්‍රහාරය එල්ල වනතුරු නිහඬව සිටි පොලිසිය අද ඇවිත් කියනවා මෙම විරෝධතා රැලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකියි කියලා’’
මෙහිදී පොලිසිය පැවැසුවේ,










