ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 07කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.
මෙහිදී මාධ්‍යවේදීන් ට අදහස් දක්වමින් පියතුමන් සඳහන් කර සිටියේ, හෙට දිනයේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිය යුතු බවය.
“කිසි ප්‍රශ්නයක් නෑ. බොහෝම සුහදව සහයෝගයෙන් යුතුව සිටිය සෑම නිලධාරියෙක් ම අපිට උදව් වුණා. නීතිඥතුමාට ඇතුළට යන්න ඉඩදුන්නා. අපි හෙට බලමු. දීර්ඝ කාලයක් අද ගියාට වෙබ් සෙමිනා එකේ මම දුන්න උත්තරය සටහන් කරගත්තා නැවත. ප්‍රශ්න කිහිපයක් පමණයි අද අහන්න ඉඩ තිබුණේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ තියෙන තොරතුරු දෙන්න කියන එක නෙමෙයි. මම එදා දීලා තිබුණ පිළිතුර සම්පූර්ණයෙන් ම පදනම් වෙලා තියෙන්නේ ජනාධිපති කොමිසම් වාර්තාවෙත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාවේ. ඒවා ප්‍රසිද්ධ වාර්තා දෙකක්. ඒවා අපි කියන්න ඕනේ නෑ CIDයට. ඒක ජනාධිපතිතුමා නීතිපතිවරයාට භාරදුන්න එකක්. ඒවා ප්‍රසිද්ධ දේවල්. කොමිසන් සභාවල සාක්ෂි විමසලා ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ අඩු ගානේ ක්‍රියාත්මක වෙන්නේ නැතිකම. ඒක නීතිපතිවරයාගේ අතේ තියෙන්නේ. නීතිපතිවරයා මීට වඩා වගකීමෙන් යුතුව වැඩකරන්න ඕනේ.”
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාදීමට සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.










