සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් අනතුරුවද අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු බාධාවක් නොමැති බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇති බවකි.
ඊයේ (07) දින සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එජාප මහලේකම්වරයා මේ බව සදහන් කර ඇත.










