සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට අපේ ජන බල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස අපේ ජන බල පක්ෂය, එහි ලේකම් නිශාන්ත රත්නායක, සභාපති සමන් පෙරේරා, විජයධරණී ජාතික සභාවේ ලේකම් සමන්ත කීර්ති බණ්ඩාර, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයින්, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ,පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු 11 දෙනෙකු නම් කර ඇත.
පෙත්සම්කාර රතන හිමියන් කියා සිටින්නේ තමන් වහන්සේ අපේ ජන බල පක්ෂ සාමාජිකයෙකු නොවන හෙයින් විනය කඩ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හෝ විනය කමිටුවට බලයක් නොමැති බවය.










