සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව රුපියල් 1005 ක් ලෙස පැවතුණු සිමෙන්ති කොට්ටයක මිල සිමෙන්ති නිෂ්පාදකයන් විසින් රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇත.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ රුපියල් 1375 දක්වා ඉහළ දමා ඇති සිමෙන්ති සමාගම් එම මිල රුපියල් 100කින් අඩු කිරීමට පොරොන්දු වූ බවයි.










