ආණ්ඩුව කියන දේ අසා සිටීමට ඒ අය අපේ බාප්පලාදැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දුන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.
කුට්ටිආරච්චි මහතා කියා සිටියේ තාච්චියට අවශ්‍ය ලෙස ආප්පය හැසිරිය යුතු බවත්, ආප්පයට අවශ්‍ය පරිදි තාච්චිය නොහැසිරෙන බවත්ය.
ඉකුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ආප්ප කා ආණ්ඩුවෙන් එළියට බැස්ස බව ප්‍රසිද්ධ කතාවකි.










