පසුගිය සති කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෙවල් බිඳුම්, සොරකම්, මංකොල්ලකෑම් වැනි සිදුවීම්වල වැඩිවීමක් වාර්තා වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කල්ලි විසින් පෞද්ගලික නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල සිදුකරන සොරකම් ඉහළ යාම හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පොලිස් ආරක්ෂාව තර කර ඇති බව එම පොලිස් ආරංචිමාර්ග සදහන් කළේය.
මත්ද්‍රව්‍යවල මිල ඉහළ යාම මේ සදහා බලපා ඇති එක් හේතුවක් බවද වාර්තා වේ.
දැනට හෙරොයින් පැකට්ටුවක් රුපියල් 3,000 ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බව පැවෙසේ









