ඉකුත් කාල වකවානුවේදී ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ විපක්ෂයේ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන් හත් දෙනා මේ වනවිට අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති වන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ මෙම මන්ත්‍රීවරු නියෝජනය කරන ගම්වල ජනතාව මෙම මන්ත්‍රීවරුන්ට සිය ගම්පළාත්වලට නොපැමිණෙන ලෙස දැඩිව දැනුම් දී තිබීමය.
ආණ්ඩුව සිදුකරන ජනතා විරෝධී කටයුතුවලට මෙම මන්ත්‍රීවරුන්ද සහාය දැක්වීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් හත් දෙනා ඊයේ දිනයේදී සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීමට සැලසුම් කර තිබූ බවක්ද දැනගන්නට ඇත.
මෙම මන්ත්‍රීවරුන් රවුෆ් හකීම් මහතාගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන්නෝ වෙති.









