තමා හා විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අතර කිසිදු ගැටලුවක් නොමැති බවත්, අප දෙදෙනා ඉතාම සමගියෙන් කටයුතු කරන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ යම් යම් මාධ්‍ය අප දෙදෙනා අතර ගැටුමක් ඇති බව කියා සිටියත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවකි.
කෙසේවෙතත් අමාත්‍යවරයා හා අමාත්‍යංශ ලේකම්වරයා අතර ස්කොට්ලන්ත සංචාරය අතරතුරදී මතබේදයක් මතුව ඇති බවත්, අමාත්‍යවරයාගේ නම් ලයිස්තුවෙන් එක් පුද්ගලයකු ඉවත් කිරීම ඊට හේතුව බවත් මාධ්‍ය මීට පෙර වාර්තා කොට තිබිණ.
ඒ සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් මහතා බැසිල් රාජපක්ෂ මහතාට ස්කොට්ලන්තයේ සිටම පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබූ බවද එම මාධ්‍ය වාර්තා අනාවරණය කොට තිබිණ.









