• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවකයන් රටට බරක් බවට බැසිල් කළ අපහාස කතාවට සජිත්ගේ විරෝධය!

November 14, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
රාජ්‍ය සේවකයන් රටට බරක් බවට බැසිල් කළ අපහාස කතාවට සජිත්ගේ විරෝධය!
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම් පුළුල් වී ඇති බවත් එය රටට බරක් යනුවෙනුත් පවසමින් මුදල් අමාත්‍යවරයා රාජ්‍ය සේවකයින්ට කළ අපහාසය පිලිකුලෙන් යුතුව හෙලා දකින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

රාජ්‍ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම් පුළුල් වී ඇති බවත් එය රටට බරක් බවත් මුදල් අමාත්‍යවරයා පවසා තිබේ. එය ආණ්ඩුවේද ස්ථාවරය බවද අප විශ්වාස කරන අතර එම ප්‍රකාශය අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

 ආණ්ඩුව නියමින් හෝ අනියමින් සූදානම් වන්නේ මෙරට රාජ්‍ය සේවය දියකර හරින්නට බව පැහැදිලිය. රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 65 දක්වා ඉහළ නංවන බවට ජනප්‍රිය යෝජනාවක් අයවැයට ඉදිරිපත් කරන අමාත්‍යවරයා, ඊට පසුදා ම පවසා සිටින්නේ මෙරට රාජ්‍ය සේවය රටට බරක් බව ය. තමන් විසින්ම ඉදිරිපත් කරන මතය ඊට පසු දින තමන් විසින්ම උල්ලංඝනය කරන අමාත්‍යවරයා ස්වකීය විහිලු සහගත අයවැය යෝජනාවලියටම උචිත ලෙස කටයුතු කරමින් සිටී.

මැතිවරණයන් අවස්ථාවලදී කූඨප්‍රාප්තියට නංවා පූජාසනයක හිඳුවන රාජ්‍ය සේවකයින්ට, ස්වකීය අරමුණ ඉටු කර ගැනීමෙන් පසු ආණ්ඩුව විසින් මෙලෙස සැලකීම පිළිබඳව අප විමතියට පත් නොවන්නේ, එය මේ කලගුණ නොදත් ආණ්ඩුවේ ස්වරූපයම නිසාය.

 කොරෝනා ඇතුලු ව්‍යසනකාරී තත්ත්වයන් තුළදී රාජ්‍ය සේවයේ ප්‍රශංසනාත්මක සහ අනභිභවනීය මැදිහත් වීම, ව්‍යසනය අවසන්වන් වන්නටත් පෙර අමතක කළ ආණ්ඩුව අද ඔවුන් රටට බරක් සේ සැලකීම ආණ්ඩුවේ අවස්ථාවාදී බව මොනවට පසක් කරයි.

 කොරෝනා වෛරසය අබියස රාජ්‍ය පරිපාලන අංශ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය, ආරක්ෂක, ප්‍රවාහන, තැපැල්, සතොස, සමෘද්ධි, ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය, පාරිභෝගික සේවා ඇතුළු අංශ ගණනාවක රාජ්‍ය සේවකයින් තම යුතුකම් කොටස රට වෙනුවෙන් ඉටු නොකරන්නට අද රට විශාල අර්බුදයකට මුහුණ දෙනු නොඅනුමානය.

කෙසේ වෙතත්, කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොමැතිව හිතු මනාපයට රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සිදු කළේ කවුරුන්ද යන්න රටම දනී.

 සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රධාන පොරොන්දුවක් මත, රාජ්‍ය සේවයට අලුතින් ලක්ෂයක් බදවා ගත්තේය. ඊට අමතරව උපාධිදාරීන් 50,000ක් බදවා ගනු ලැබීය. මෙයින් සිදුවූයේ එතෙක් රාජ්‍ය බදු ආදායමෙන් 47%ක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ලෙස කලමනාකරණය කොට තිබූ වැය ප්‍රතිශතය 86%ක් වීමය. රටේ තරුණ පරම්පරාවට රැකියා ලබාදීම පිළිබඳව අප එක පයින් එකඟ නමුත්, ඊට මුවාවී අන්තනෝමතික ලෙස, සැලසුමකින් තොරව, දේශපාලන බල න්‍යාය පත්‍රය සකස් කර ගැනීම උදෙසා රාජ්‍ය සේවයේ ඔළුගෙඩි පිරවීමේ ආදීනව අද රටට අත් විදින්නට සිදුව තිබේ.

 අයවැය යෝජනා ප්‍රකාරව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වර්ධනය කිරීමෙන් එය තවත් ඉහළ නැංවෙනු ඇත.

මේ සියල්ල ආණ්ඩුව විසින් කරනු ලැබූ අත්තනෝමතික, අවස්ථාවාදී කටයුතු විනා, සැලසුම් සහගත ක්‍රියාමාර්ග නොවේ.

එකිනෙකට නොගැලපෙන විකාර සහගත ප්‍රතිපත්ති හේතුකොටගෙන රාජ්‍ය සේවය බරක් බවට පත් කොට ඇත්තේ ආණ්ඩුව මිස අන් කිසිවෙක් නොවේ.

ආණ්ඩුව වහාම කළ යුත්තේ කුමක්ද?

 රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව ප්‍රකාරව සිදු කළ යුත්තේ, ඵලදායීතාවයෙන් යුක්ත රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම.

ඵලදායී බව වර්ධනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලනමය මූලධර්මය හා ව්‍යුහය වෙනස්කිරීම.

 ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඵලදායි අන්දමින් සම්පාදනය කිරීම සහ ඇගයීම් සිදුකරන බවට සහතික කරන රාජ්‍ය පරිපාලන පද්ධතියක් නිර්මාණය කිරීම සහ, නූතනත්වයට ගැලපෙන පරිදි, රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය තාක්ෂණික සහ සැලසුම් සහගත ලෙස ප්‍රතිනිර්මාණය කිරීම ය.

 මේ කිසිවක් පිළිබඳව මායිම් නොකොට, තමන් වෙතින් සිදුවූ වරද මෙරට රාජ්‍ය සේවකයින්ගේ පිට පටවා අත සෝදා ගැනීමට ආණ්ඩුව ගනු ලබන නිර්ලජ්ජිත උත්සාහය පිළිබඳව අප බලවත් විරෝධය ආණ්ඩුවට පල කරන අතර, වර්තමාන ආණ්ඩුව බිහි කිරීම වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකළ මේ රටේ අති බහුතරයක් වූ රාජ්‍ය සේවකයින්ට ද එම ප්‍රකාශය හරහා එල්ල කරනු ලැබුවේ බලවත් අතුල් පහරක් සේ අපි දකිමු.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

බොර තෙල් ගෙන්වා නෑ! ඉතිහාසයේ පළමුවරට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි!

Next Post

හොම්බෙන් යන ශ්‍රී ලන්කන් උඩට ගන්න සුද්දෙක්ට බාරදෙයි!

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.