• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාබනික ලණුව ජනපතිට දුන්නේ පාදෙණිය සහ යාපාද? දයාසිරි කරපු චෝදනාවට පාදෙණියයි යාපායි දුන් උත්තරේ!

November 3, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කාබනික ලණුව ජනපතිට දුන්නේ පාදෙණිය සහ යාපාද? දයාසිරි කරපු චෝදනාවට පාදෙණියයි යාපායි දුන් උත්තරේ!
Share on WhatsAppShare on Facebook

මේ දිනවල පොහොර හිඟය ගැන රටපුරා ගොවි උද්ඝෝෂණ රැල්ලක් පවතිනවා. ඒ අතර පසුගිය අවස්ථාවන් කිහිපයක සිට උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදුණු ගොවීන්ගේ කේන්තිය පිරිමසා ගත්තේ කෘෂිකර්ම ඇමැතිවරයාගේ ඡායාරූපය යොදල පඹයින් හදල ඒකට ගිනිතියලයි. මෙහෙම උණුසුමක් රටපුරා ඇති වෙමින් තිබියදී ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදන්න 2020 කෘෂිකර්ම ඇමැතිවරයා පත්කර තිබූ 13 දෙනකුගෙන් සමන්විත කමිටුවෙන් පේරාදෙණිය විශ්වවිiාලයේ කෘෂිකර්ම විiා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහඒ ගැන ‘මව්රට’ එදිනම උදේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගෙන් අහපුවාම ඔහු කිව්වෙ, ඇමැතිවරයා විසින් තමන්ව ඒ කමිටුවෙන් ඉවත් කළා කියල දන්නේ උදේ පත්තරේ බලපු විට බවයි. ඒ ගැන ඒ මොහොත වනතුරු ලියුමක් ලැබිල තිබුණෙ නැහැ කියලත් ඔහු කීවා.

ඒ ගැන පත්තරවල විස්තර යද්දි තවත් පැත්තකින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්තය කළ ආන්දෝලනාත්මක කතාවත් සමග වෙබ් අඩවිවල පළවුණා. එයා ඒවට කියලා තිබුණා එහෙම උද්ගතවෙලා තියෙන මේ කාබනික පොහොර ප්‍රශ්නය ගැන රජයට වැරැදි අර්ථකථන දීල තියෙන්නෙ ආණ්ඩුව නොමඟ යවල තියෙන්නෙ සබරගමුව විශ්වවිiාලයේ කෘෂිකර්ම විiා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහත්තයයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර පාදෙණිය යන මහත්වරුයි කියලයි. ඒ හින්ද පඹයො පුච්චන්න ඕනෑ ඒ දෙන්නගෙ කියලයි දයාසිරි ජයසේකර මහත්තයා කියල තිබුණෙ.

ඒ කියන ඒවා ගැන දැනගන්න අපි මුලින්ම කතා කළේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කරන්න ගිහින් කමිටුවෙන් විසිවෙලා හිටිය මහාචාර්ය බුද්ධි මාරඹේ මහත්තයාටයි. එයා අපිට පළකළේ මෙවන් අදහසක්.

‘ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කරන්න කෘෂිකර්ම ඇමැතිවරයා 2020දි 13 දෙනෙකුගේ කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ මමත් හිටියා. කමිටුව මාස 09ක් තිස්සෙ රැස්වෙලා සාකච්ඡා කළා. දළ කෙටුම්පතක් හදල අවසන් ලියැවිල්ලක් සකස් කරල ඒක ඇමැති මණ්ඩලය දැනුවත් කරන්න කෘෂිකර්ම ඇමැතිට භාර දීලයි තිබුණෙ. කාබනික පොහොර වැඩේ ඉක්මනින් කළ හැකි දෙයක් නොවන බවයි මගේ මතය වුණේ. ඒ පිළිබඳව මගේ විiාත්මක මතවාද ඉදිරිපත් කළා. රජයක් වැරැදි මගක යනවා නම් එය හොඳ මගට ගැනීමයි අප කළ යුත්තෙ. කාබනික කෘෂිකර්මාන්තය තුළින් රටේ සුරක්‍ෂිතභාවය සපුරාලන්නට බැහැ.

ආහාර සුරක්‍ෂිත කළ යුතුයි. ආහාර සුලබතාව ඇති කළ යුතුයි. සුලභතාව වැඩි වීමට නම් වැඩි නිෂ්පාදනයක් අවශ්‍ය වෙනවා. වැඩි නිෂ්පාදනයක් සම්පූර්ණ කාබනික කෘෂිකර්මාන්තය ලබා ගැනීමට තරමක් අපහසුයි. ඒ නිසා කෙටිකාලීනව කාබනික පොහොර ක්‍රමවේදයෙන් ඵලදැරිය හැකිදැයි යන්න තවත් විiාත්මක මතයක්. අද (අඟහරුවාදා) ඔබ අහන මම කමිටුවෙන් ඉවත් කිරීමේ ලියුම ලැබුණෙ නැහැ. නමුත් මට ආරංචි වුණා මාව ඇමැතිවරයා විසින් ඉවත් කළා කියලා. මම හිටපු ඔය ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කමිටුවේ කෘෂිකර්ම ලේකම්වරයා ඇතුළු දැන් ඉහළ නිලතල දරන අයත් හිටියා. කෙහොම වුණත් මම අද (අඟහරුවාදා) රාත්‍රි විදේශගත වෙනවා. තවත් දේශගණික ජාත්‍යන්තර සමුළුවකට.

‘මව්රට’ ඊළඟට සම්බන්ධ වූයේ සබරගමුව විශ්වවිiාලයේ කෘෂි විiාපීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා සමගයි. ඔහුද මෙම සැලසුම් කමිටුවට අයත් සාමාජිකයෙක්. දයාසිරි කියපු කතාව ගැන යාපා මහත්තයා කිව්වේ මෙහෙම කතාවක්.

‘මටත් ආරංචි වුණා එතුමා එහෙම කතාවක් කිව්වා කියලා. මම නම් දන්නෙ නෑ ඒ මොකද කියලා…’‘සෞභාග්‍ය දැක්ම පොතේ පිටු 39 සහ 40 මමයි ඉදිරිපත් කළේ. කෘෂි රසායනික පොහොර සියයට සියයක්ම ආනයනය කරන්නෙ අන්තර්ජාතික වෙළෙඳපොළෙන්. මිල ඉහළ නැංවීම තියෙන්නෙත් ඒ අයගෙ අතේ. ඉතින් ඒ මිල ගණන්වලට ගෙනත් අපේ ගොවියට දෙන්නත් බැහැ. ඇරත් එයින් ඇති වන අනිටු විපාක බලපාන්නේ ඊළඟ පරම්පරාවටයි. ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික ආහාර යටතේ වස විසෙන් තොරව ලබා ගැනීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් මම සෞභාග්‍යයෙ දැක්මෙන් පෙන්වා දුන්නා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ යෝජනා කළා. දැනට පරිසරයටත් හානි කරමින්, විනාශ කරමින් ගෙන යන කෘෂිකර්මාන්තයෙන් ඉවත් විය යුතුයි. පරිසරහිතකාමී කෘෂිකර්මාන්තය තුළින් ආහාර නිෂ්පාදනය අඩුවකින් තොරව කිරීම අවශ්‍යයයි. ආහාර නිෂ්පාදනයේදී පස මෙන්ම ජල සම්පතද ආරක්‍ෂා කළ යුතු වෙනවා. පරිසර හිතකාමී කාබනික පොහොර යෙදවීමේ දීර්ඝ කාලීන සැලැස්මක්ද අවශ්‍ය වෙනවා. අපේ ගොවි බිම් ආත්මාර්ථකාමීත්වයෙන් තොරව අනාගත පරපුරට ඉතිරි කළ යුතු වෙනවා. කෘෂි රසායන තෙල් සමග බද්ධ වෙන දෙයක්. තෙල් මිල ඉහළ යන විට කෘෂි රසායනවලත් මිල ඉහළ යනවා. රසායනික පොහොර අපේ රටේ නිෂ්පාදනය කළා නම් එයට විරුද්ධ වෙන්න බැහැ. ඒත් අපි කෘෂි රසායන විදේශ රටවල්වලින් ගෙන්වා ගෙන මේ සරු පොළොව විනාශ නොකිරීමේ පළමු පියවර තමයි මේ කාබනික පොහොර නිපදවීමට දිරිගැන්වීම. මම පොළොන්නරුව, අම්පාර, අනුරාධපුර, මඩකළපුව යන දිස්ත්‍රික්කවලට ගිහින් පර්යේෂණ කිහිපයක් සිදු කළා. ඒ පළාත්වල ගැමි තරුණයන් දේශීය පොහොර නිෂ්පාදනයට නැඹුරු වෙලා ඉන්නවා. රසායනික පොහොර මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කලා කියලා මම දැනගත්තෙත් කෘෂිකර්ම ඇමැතිතුමා කීවට පස්සෙයි. කොවිඩ් අර්බුදය නිසා ලෝකයේ රසායන පොහොර නිෂ්පාදනය සියයට 50කින් විතර පහත වැටිලා.

ඉන් අනතුරුව පඹයො පුළුස්සන කතාව ගැන හොයන්න කුරුණෑගල දිස්ත්‍රික් (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්තයට දුරකතනයෙන් කතා කළා.

මන්ත්‍රිතුමා ඇත්තද මේ පඹයින්ගෙ කතාව.
පඹයින්ගෙ කතාව කිව්වෙ…

පසුගියදා ඔබතුමා කියල තිබුණා උද්ඝෝෂණය කරන ගොවීන්ට පුච්චන්න තිබුණෙ අර විශ්වවිiාල මහාචාර්ය යාපා මහත්තයාගෙයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙණිය මහත්තයගෙයි පඹයො දෙන්නෙක් මිසක් කෘෂි ඇමැතිගෙ නෙවෙයි කියල… ඒක ඇත්තද?
ඔව්… ඔව්.. මම කිව්වෙ රජයට වැරැදි අදහස් දුන්නට ඒ අය තමයි වගකියන්න ඕනෑ කියල.

ඇයි ඉතින් ඔය කතාවට වෛi පාදෙණිය ගාවල තිබුණෙ?
ඇයි එයානෙ කියල තිබුණෙ වකුගඩු නරක්වෙනව කියල.

පඹයින් පිලිස්සීමේ ප්‍රශ්නයේදී ඇඟිල්ල දික්වුණු වෛi පාදෙණිය මහතා සමග අවසන්වරට දුරකතනයෙන් ‘මව්රට’ සම්බන්ධ වුණා. එහිදී ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

පසුගියදා පාදෙණිය මහත්තයට දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා චෝදනාවක් එල්ල කර තිබුණා. ඒ ගැන අවධානයක් යොමු වුණාද?
ඔව්… ඔව්… මම දැක්කා එයාගෙ චෝදනා. ඒකට අපේ සංගමයේ සහකාර ලේකම් වෛi නවීන් ද සොයිසා ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවා. ඒක අපි මාධ්‍යයට මුදාහරිනවා.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

සජිත්ට එරෙහිව කුමන්ත්‍රණය කරන සර්පයා ගැන කතාව දිග්ගැස්සෙයි! සර්පයෝ දමනය කරන හැටි පෙන්නන්න සජිත් ලෑස්ති වෙයි! (VIDEO)

Next Post

හම්බන්තොට ජනතාවනි ලෑස්ති වෙන්න! රේස් බලන්න චාන්ස් එකක් ළඟදීම එනවා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.