කෘෂිකාර්මික කටයුතු සඳහා නිර්දේශිත නැනෝ නයිට්‍රජන් ද්‍රව පොහොර ප්‍රවාහනය කිරීමට ඉන්දීය ගුවන් හමුදාව එකඟ වූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවනින් ආනයනය කිරීමට තීරණය කළේ නැව් ප්‍රවාහනය ප්‍රමාද වීම හේතුවෙන් බව ඔහු පැවසීය.
ඒ අනුව නැනෝ නයිට්‍රජන් පොහොර රැගත් ඉන්දීය ගුවන් යානා හයක් අද ශ්‍රී ලංකාවට පැමිණෙන බව මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.










