අද (29) මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිදාන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පසුව ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමය වෙත පැමිණ රාජෝපවනාරාමාධිපති පූජ්‍යපාද කැප්පෙටිගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමටද විපක්ෂනායකවරයා කටයුතු කළේය.
මේ වන විට රටේ උද්ගත ව පවත්නා ගොවිජනතාව මුහුණ දෙන ගැටළු ඇතුළු කාලීන කරුණු කාරණා කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
එම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ශ්‍රී දළදා මාලිගාව හිටපු දියවඩන නිලමේ තැන්පත් නෙරංජන් විජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.










