කොළඹ වරායේ බටහිර පර්යන්තය මිලදී ගත් ඉන්දීය අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදානි ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.
මෙම පිරිස ඊයේ රාත‍්‍රියේ පෞද්ගලික ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණ ඇති බව සදහන්ය.










