• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉන්දීය යුද නැව්-රුසියන් සබ්මැරීන්-ජපන් ප්‍රහාරක යානා ඔක්කොම අපේ මුහුදේ! අන්තිමට ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙයිද?

October 25, 2021
in Exclusive, News
Reading Time: 8 mins read
A A
ඉන්දීය යුද නැව්-රුසියන් සබ්මැරීන්-ජපන් ප්‍රහාරක යානා ඔක්කොම අපේ මුහුදේ! අන්තිමට ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙයිද?
Share on WhatsAppShare on Facebook

‘ලොරෙන්සෝ ද අල්මේදා,
කොළොම්තොටට යහපත් නාවිකයා,
හන්දි කඩේ ලෑලි පුටින්,
ඩිනර් පාටි අතින් කටින්,
රට වටේට ණය වෙනවා,
සුදිය මිසක් වෙන වැඩ නෑ.’

මෙම අපූරු ‘බයිලා රිද්මයේ’ ගීතය ගයන්නේ අද අප ඇතර නැති ප්‍රවීණ, අදීන ගායන ශිල්පී සුනිල් පෙරේරාය. සිංහල ඉතිහාසයට එක්ව ඇති සත්‍ය කතාන්දරයක් වන ‘ලොරෙන්සෝ ද අල්මේදාගේ වගතුග’ ඔහු තම ගීතයෙන් කියන්නේ, වෙනත් හාස්‍යමය තොරතුරක් හරහාය. එනම් ලොරෙන්සෝ ද අල්මේදා නැමැති නාවික හමුදා නායකයා පෘතුගාලයේ සිට මෙරටට තම නාවික හමුදාවත් සමග ක්‍රි.ව. 1505 දී පැමිණි පසුව, එම පරපුර ආදි ලංකාව තුළ ව්‍යාප්ත වූ ආකාරයක් ගැනය. තවත් අයුරකින් කිවතහොත් ආදි ලංකාවේ පාලන බලය නතු කරගෙන සිටි පෘතුගීසීන් යනු සටනට මෙන්ම, විනෝදයටද අතිශයම බරවූ මිනිසුන් කණ්ඩායමක් ලෙස ඒත්තු ගැන්වීමටය. එසේම පසු කාලයකදී සිට මෙම සමය දක්වාම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව සිටින්නේ, එම පෘතුගීසී පරම්පරාවට නෑකම් කියූ ‘බර්ගර් ජාතික’ ජනතාවයි.

අද අප කියන්නට යන්නේ ඔවුන්ගේ කතාවක් නොව, එහෙත් එකල සිට මෙකල දක්වා දිගහැරෙන නාවික ඉතිහාසයේ යම් වගතුගකි. එනම් ආදී ලංකාවට මහා සාගරය තරණය කරමින් නැව් මගින් ගොඩබට පළමු වැනි විශාලතම නාවික හමුදා කණ්ඩායම ලෙස ඉතිහාසගතව ඇත්තේ, මෙම ලොරෙන්සෝ ද අල්මේදාගේ නාවික හමුදාවයි. ඔහු ආයුධ සන්නද්ධ නැවියන් 500ක් සමග රුවල් නැව්වල නැඟී ඉන්දියාවේ කෝචින් වරායේ සිට මෙහි පැමිණ ඇත. එකල ලංකාවේ වෙළෙඳාම් කරමින් සිටි මුස්ලිම් ජනතාවට පහර දී බියගන්වා පලවා හැර, එම වෙළෙඳාම් කටයුතු තමන් සතුකරගත් බැව් ලංකා ඉතිහාසය කරුණු කියයි. එකල සිංහල රජු පවා රැවටීමට, ලොරෙන්සෝ ද අල්මේදා කටයුතු කළ බැව් පැවසෙයි. එසේම පසු කාලයකදී ආදි ලංකාව තුළ පෘතුගීසී පාලනයද ස්ථාපිත විය. අදටත් විරාජමාන වන ගාලුකොටුව ඔවුන්ගේ අති දැවැන්ත නිර්මාණයක් විය.

ලොරෙන්සෝ ද අල්මේදා එදා ලංකාව ආක්‍රමණය කර අදට වසර 500ක් ගතවී ඇත. මෙය අප රටේ නාවික ඉතිහාසයේද සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇතිය. මෙම ගතවූ ශතක 05ක කාලයට මෙරට නාවික ඉතිහාසයේ නොයෙකුත් වැදගත් වූ සිදුවීම් රාශියක් සිදුවී ඇත. එවැනි වටාපිටාවක් තිබියදී අද ඔබට කියන්නට යන්නේ, මෙලෙස ශ්‍රී ලාංකික නාවික ක්‍ෂේත්‍රය තුළ පසුගිය කාලය තුළදී සිදුවූ අපූරු සිද්ධීන් සමුදායක් ගැන වගතුගකි. ශ්‍රී ලංකාවට ලොව නන්දෙසින් විවිධ නාවික යාත්‍රා සිය, දහස් ගණනක් පැමිණෙයි. මේවා අතරින් බහුතරයක්ම වන්නේ භාණ්ඩ ප්‍රවාහන වෙළෙඳ යාත්‍රායි. නාවික හමුදාවන්ගේ යාත්‍රා දැකිය හැක්කේ බොහෝ අල්ප වශයෙනි. එහෙත් පසුගිය මෑත කාලයක සිට මෙම තත්ත්වය බොහෝ වෙනස්ව ඇත. එනම් පසුගිය වසරකට ආසන්න කාලයක සිට ලෝකයේ විවිධ රටවලින් නාවික හමුදා යාත්‍රා රැසක් ශ්‍රී ලංකාවට පැමිණෙන අයුරු ඉතා පැහැදිලිව දක්නට හැකිය. එම තත්ත්වය තවද පසුගිය මාස 06ක පමණ කාලයේදී තවත් උත්සන්නව ඇත. මෙම තත්ත්වය කුමක්ද?

මේ අනුව පසුගිය ආසන්න මාස කිහිපයක කාලය තුළදී ලෝකයේ රටවල් කිහිපයකට අයත් නවීන, බලගතු යුද්ධ නැව් රැසක්ම ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම යුද්ධ නැව්වලට අමතරව ඉතාමත් බලගතු නවීන පන්නයේ යුද සබ්මැරීන් යාත්‍රාද මෙරටට පැමිණීම අතිශය විශේෂත්වයකි. එසේම මෙම විදෙස් නාවික යුද යාත්‍රා සියල්ලම අතිශය නවීන යුද උපකරණවලින් සමන්විත වීමය. එසේම එම සුවිශාල නැව් මතට ගුවන් යානා සහ හෙලිකොප්ටර් බැස්සවීමේ පහසුකම්ද තිබිණි. තවද මෙම යාත්‍රාවල විදෙස් නාවික හමුදා නිලධාරීන්ද සිය, දහස් ගණනින් වූයේය.

ඉන්දියානු නාවික හමුදාව සතු විශාලතම යුද්ධ නෞකාවක් වන ‘එන්එස් රන්විජේ යුද්ධ නැව පසුගිය 2021 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. මීටර් 146.2ක දිගකින් යුත් මෙම නෞකාව ඉතාමත්ම නවීන යුධෝපකරණවලින් සමන්විත අතර, මිසයිල සහ සබ්මැරීන් ප්‍රහාරක අවිවලින්ද සමන්විතය. මෙහි ‘සුපර් සොනික්’ වර්ගයේ නවීන මිසයිල පද්ධතියක් ඇත. මෙම යුද්ධ නෞකාවේ කාර්ය මණ්ඩලය 425කින් සමන්විත වෙයි. මෙම යුද නෞකාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡා කිහිපයක්ද ශ්‍රී ලංකාවේදී පැවැත්වීය. ඉන්දියානු නාවික කලාපයට සහ ශ්‍රී ලාංකික නාවික කලාපයට අදාළ වූ වැදගත් තොරතුරු එහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

ඉන්දියානු නාවික හමුදාවට අයත් අතිශය නවීන ජලවිද්‍යා සමීක්‍ෂණ නෞකාවක් වන, එන්එස් සර්වේක්ෂාක් නෞකාව පසුගිය 2021 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම නවීන පර්යේෂණ නෞකාව මගින් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ සැතැපුම් 800ක පමණ ප්‍රමාණයක මුහුද යට තොරතුරු සොයා බැලීම් සිදුකර ඇත. විශේෂයෙන්ම කොළඹ වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය මේ අනුව පර්යේෂණයන්ට ලක්වී ඇත. මෙම මුහුදු කලාපය තුළ ආරක්‍ෂාකාරීව නැව් ගමනාගමනය සිදුකිරීම සහ ධීවරයන්ට තිබෙන ආරක්‍ෂාව ගැන සොයා බැලීම මෙහි අරමුණ වී ඇත. නවීන ‘සොනාර් තාක්‍ෂණය’ ආධාරයෙන් මෙම පර්යේෂණය දිවා සහ රාත්‍රී කාලයේද සිදුකර ඇත.

මේ අතර පසුගිය කාලයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධීය ඔක්සිජන් මෙටි්‍රක් ටොන් 100ක් මෙරටට රැගෙන ආවේය. එසේම ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න නිවීම සඳහා ඉන්දියානු නාවික යාත්‍රා දෙකක්ද සහභාගි විය.

මේ අතර පසුගියදා ඉන්දියානු හමුදාව සහ ශ්‍රී ලාංකික හමුදාව එක්වී දින 12ක ඉතාමත් සුවිශාල ‘මෙගා’ යුද හමුදා අභ්‍යාසයක් ශ්‍රී ලංකාව තුළදී පැවැත්වීය. පසුගිය ඔක්තෝබර් මාසයේ 04 සිට 15 දක්වා මෙය පැවැත්වූයේ අම්පාරේදීය. ‘මිත්‍රා ශක්ති’ නම් මෙම යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනය ආශ්‍රිත කරගෙනය. ආයුධ සන්නද්ධ ඉන්දියානු සෙබළුන් 120ක් මේ සඳහා සහභාගි වී ඇත.

පසුගිය 2020 අගෝස්තු මාසයේදී නවීන, බලසම්පන්න රුසියානු යුද්ධ නෞකා දෙකක් හම්බන්තොට වරායට පැමිණියේය. ආසියානු පැසිපික් කලාපීය යුද මෙහෙයුම් කටයුතුවලට අදාළව මෙම යුද නැව් ශ්‍රී ලංකාවට පැමිණියේය. ‘අද්මිරාල් ටි්‍රබියුට්ස්’ සහ ‘අද්මිරාල් විනෝග්‍රාඩොව්’ ලෙසින් නම් කෙරෙන මෙම යුද යාත්‍රා දෙක අතිශය නවීන මිසයිල නාශක පද්ධතිවලින්ද සමන්විත වෙයි. එසේම සබ්මැරීන් නාශක ප්‍රහාරක පද්ධතිවලින්ද සමන්විත වෙයි. මෙම රුසියානු යුද නෞකා දෙක ආසියානු – පැසිෆික් කලාපයේ පුරා මාස දෙකක කාලයක් යුද අභ්‍යාස මෙහෙයුම් කටයුතුවල නිරතව ඇත.

මෙයට දින කිහිපයකට පෙරදී ආරංචි වූ තවත් අලුත්ම පුවතක් වූයේ, පසුගිය ඔක්තෝබර් 16 වැනිදා ශ්‍රී ලංකාවට රුසියානු යුද්ධ නැවක් සහ යුද්ධ සබ්මැරීන් යාත්‍රා දෙකක් පැමිණීමය. මීටර් 107ක දිගින් යුත් නෞකාවක් සහ එකක් මීටර් 73ක දිගින් යුත් සබ්මැරීන් යාත්‍රා දෙකක්ද මේ අනුව කොළඹ වරායට පැමිණ ඇත. මෙම රුසියානු යුද්ධ යාත්‍රාවල බලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා බලධාරීන් අතර සුහද සාකච්ඡාවන් පවත්වා ඇති අතර, දින දෙකක් කොළඹ වරාය තුළ යාත්‍රා ස්ථානගතව තිබී ඇත.

කෙසේ හෝ පසුගිය වසර 02ක පමණ කාලය තුළදී කිසිදු චීන යුද නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ නැත. එහෙත් පසුගිය 2019 වසරේ ජූලි මාසයේදී චීනයෙන් ශ්‍රී ලංකාවට ටොන් 2,300ක් බරැති යුද නැවක් තෑගි ලැබුණේය. ‘ටොන්ග්ලින්ග්’ නැමැති මෙම නවීන යුද නැව පරිත්‍යාග කරනු ලැබුවේ චීනයේ මහජන රජයේ විමුක්ති නාවික හමුදාව විසිනි. මෙම නෞකාව ලබාදීමට ප්‍රථම ශ්‍රී ලාංකික නාවික නිලධාරීන් 110කට චීනයේදී විශේෂ මාස 02ක පුහුණුවක්ද ලබාදී ඇත.

කෙසේ හෝ පසුගියදා තවත් සුවිශේෂී පුවතක් ලෙස වාර්තා වූයේ, ජපානයේ නවීන යුද නැව් 03ක් ශ්‍රී ලංකාවට පැමිණීමය. ජපානයේ නාවික හමුදාව යටතේ ඇති ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බළකායට අයත් මෙම යාත්‍රා තුනම ප්‍රහාරක වර්ගයේ නෞකාවන් වෙයි. ‘කගා, මුරසාමේ සහ ෆුයුසුකි යන නම්වලින් යුත් මෙම යුද නැව් 03 අතරින් විශාලතම නෞකාව වන්නේ ‘කගා’ වන අතර, එය මීටර් 248ක දිගින් යුක්තය. අනෙක් යාත්‍රා දෙකම එකක් මීටර් 151ක දිගින් යුක්ත වන අතර, යාත්‍රා තුනෙහිම කාර්යය මණ්ඩලය 630ක් වෙයි. මෙම ජපාන ප්‍රහාරක යුද නෞකා 03 ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඕස්ටේ්‍රලියාවේ සිට වන අතර, ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකිරීමට නියමිතය.

දැන් අප මොහොතක් නැවැතී හැරී බලමු. මෙලෙස ඉතා මෑත කාලයක සිට ශ්‍රී ලංකාවට මෙතරම් යුද්ධ ප්‍රහාරක නෞකා පැමිණෙන්නේ ඇයි? මෙය ශ්‍රී ලංකාවට ඉදිරියේදී විනාශයක් ගෙනදෙනු ලබන ක්‍රියාවලියක්ද? එම නැව් ආගමනයෙන් අප රටට ඇති වන සෙත කුමක්ද? එසේම වෙනත් විදේශ රටවල් ආශ්‍රිතව සිදුකෙරෙන යම් යුදමය වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව ‘ඉත්තකු’ කරගෙන තිබෙන්නේද? මෙම පැනයන් ගැන සොයා බැලීමට දැන් කාලය පැමිණ ඇතැයි සිතමි.

මෙවැනි තත්ත්වයක් ඇතිවීමට අද ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝකයේ බලවතුන්ගේ මහා බල අරගලයයි. වෙනත් කිසිදු සමයකට වඩා අද වර්තමානයේ මෙම ලෝක බලවතුන් තම බලය රැකගැනීම උදෙසා මහා ව්‍යායාමයක නිරතව සිටියි. මෙහිදී අද මහත් කතාබහට ලක්වී ඇති ප්‍රධානතම දේශය වන්නේ චීනයයි. එනම් චීනය මේ වන විට ලෝකයේ රටවල් රාශියක්ම තමන්ට නතුකර ගැනීම සඳහා ඉතා සූක්‍ෂ්ම ක්‍රමවේදයන් රැසක් අනුගමනය කර ඇත. එම තර්ජනයන්ට එරෙහි වීම සඳහා දැනට ඉන්දියාව ඇතුළු බටහිර රටවල් කිහිපයක්ම එකට, එක්ව යුදමය ක්‍රියාවලියක් දියත් කිරීමට තීරණය කර ඇත. දැනට දශක ගණනාවක සිට ඉන්දියාවේ සතුරකු ලෙස චීනය කටයුතු කරමින් සිටියි. චීනය තම උපරිම සහයෝගය දක්වන්නේ පාකිස්තානයටය. මේ අනුව චීනයට එරෙහිව ඇමෙරිකාව ඉන්දියාවට සහාය දක්වන අතර, මේ වන විට දෙරට එක්ව යුද අභ්‍යාස පවා රැසක් සිදුකර ඇත.

මේ ආකාරයට කිසිදු කාලයක නොවූ ලෙසින් ලෝක භූ දේශපාලනය ඉතා සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇත. පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීනයට එරෙහිව කටයුතු කිරීමට ප්‍රබල සංධානයක්ද ගොඩනැඟුවේය. ඇමෙරිකාව, එංගලන්තය, (මහා බි්‍රතාන්‍යය) සහ ඕස්ටේ්‍රලියාව එක්ව මෙම යුදමය සන්ධානය බිහිකර ගන්නා ලදී. මෙය AUKUS (අයුකුස්) යන නාමයකින් හඳුන්වනු ලබන අතර, රටවල් තුනෙහි නාමයන්ගේ අකුරුවලින් එය සෑදී ඇත. මෙම රටවල් තුන ප්‍රධානව දැනට ඉන්දු – ශාන්තිකර කලාපයේදී විවිධ මෙහෙයුම් රැසක් සිදුකරමින් සිටියි. තවද මෙම සංවිධානය තවත් රටවල් කිහිපයක් හා එක්වද මෙවැනි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඉන්දු-ශාන්තිකර කලාපයේදී මේ වන විට චීනය සිදුකරමින් සිටින විවිධ යුදමය ක්‍රියාවලීන්ට එරෙහිව, මෙම බටහිර සංවිධානය කටයුතු කරනු ඇතිය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පැමිණි සමහර යුද්ධ නෞකාවන් පවා මෙම කටයුතුවලට අදාළව ඉන්දු-ශාන්තිකර කලාපයේ යාත්‍රා කරන ලද ඒවාය. එසේ වන්නේ දැන් ජපානයද චීනයට එරෙහිව මෙම සංවිධානය සමග එක්ව කටයුතු කිරීම හේතුවෙනි. එමෙන්ම දැන් ජර්මනියද එයට එක්ව ඇති අතර, ජර්මන් යුද නැව්ද මෙම කලාපයට පිවිස ඇත. ‘චීන මකරාට’ එරෙහිව බටහිර බලවත්හු කඳවුරු බඳිමින් සිටිති.

මහින්දගේ ආණ්ඩු කාලෙ චීන සබ්මැරීන් 2ක් ඇවිත් වෙච්ච යුද්ධය!

පසුගිය රාජපක්‍ෂ පාලන සමයේදී, එනම් 2014 නොවැම්බර් මාසයේදී චීනයේ නාවික හමුදාවට අයත් යුද ප්‍රහාරක සබ්මැරීන් යාත්‍රා දෙකක් සහ යුද නැවක් ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම යුද යාත්‍රා දින 05ක් කොළඹ වරායේ නවතා තිබූ අතර, එහිදී මෙම සිදුවීමට ඉන්දියාව තම බලවත් විරෝධය ප්‍රකාශ කර සිටියේය. යුද නෞකාවට වඩා සබ්මැරීන් යාත්‍රා පැමිණීමට එරෙහිව එකල ශ්‍රී ලංකාව තුළින්ම බලවත් විරෝධයන් එල්ල විය. මෙම අර්බුදයේදී එකල සිටි නාවික මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය කියා සිටියේ, මෙසේ නාවික යුද යාත්‍රා විදේශ රටවලින් පැමිණීම අලුත් දෙයක් නොවන බවත්, 2010 වසරේ සිට ඒ තාක් දක්වා රටවල් ගණනාවකට අයත් විවිධ යුද යාත්‍රා 230ක් ශ්‍රී ලංකා වරායන්ට පැමිණි බවයි. කෙසේ හෝ ඉන්පසුව 2015 ආරම්භයය්දී රාජපක්‍ෂ රජය පරාජයට පත්ව නව යහපාලන රජය බලයට පැමිණියේය. එසේම එම නව රජය යටතේ 2017 වසරේ මුලදී චීනය නැවැත සබ්මැරීන් යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලා සිටියත්, එම රජය ප්‍රතික්‍ෂේප කර සිටියේය. කෙසේ හෝ දැන් මෙම රාජපක්‍ෂ රජය යටතේදීද අනේක වර්ගයේ යුද යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණෙමින් ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහින්දානන්දගෙන් නාමල් මිලියන 500ක් ඉල්ලයි!

Next Post

ප්‍රයිවට් ජෙට් 2ක් අරන් අදානි ලංකාවට ඇවිත්! ගෝඨාවත් හමුවන්න සූදානම්!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.