පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන අතරතුරදී හම්බන්තොට ගොවීන් පෙන්වා දුන්නේ කොම්පෝස්ට් පොහොර කියා වැව්වල පස් හම්බන්තොට ගොවීන්ට ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරන බවකි.
ගොවියන් මේ අයුරින් රැවටීමට නොහැකි බවත්, ගොවිතැනට හානි වුවහොත් වන්දි දෙන බව මුද්දරයක් උඩ අස්සන් තබා පොරොන්දුවක් ලබා දිය යුතු බවත් ගොවීහු පෙන්වා දුන්හ.
ඉදිරියේදී ගමේ ජනතාව සමග හම්බන්තොට ගොවීන්ද පාරට බසින බව එම ගොවි ජනතාව සදහන් කර සිටියහ.
දැනට තියෙන දෙමුහුන් බීජ කාබනික වගාවෙන් සාර්ථක නොවන බව කී ගොවීහු චීීනයේ අසූචි පොහොර ගොවිබිම්වලට දැමිය නොහැකි බවද සදහන් කර සිටියහ.











