• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදවතේ ඉඳී ඔබ හැමදාම නැවතිලා… චතූ අපි ආයේම හිනාවෙමු හමුවෙලා…!

October 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
හදවතේ ඉඳී ඔබ හැමදාම නැවතිලා… චතූ අපි ආයේම හිනාවෙමු හමුවෙලා…!
Share on WhatsAppShare on Facebook

ආදරණීය චතූ, ඔබ පැතූ ආකාරයටම අවසන් හුස්ම හෙළුවා. ජීවිතයේ අවසාන තත්පරය දක්වාම පිළිකාවත් සමග සටන් කළා. පිළිකාවට අභියෝග කරමින් ඔබ ජීවිතය හැර ගියේ සතුටෙන්. පිළිකා රෝගයෙන් පීඩා විඳින සුවහසක් මිනිසුන්ට ඔබ මහත් වූ ධෛර්යයක් ලබාදුන්නා. ඔවුන්ගේ පෑරුණු හදවත් ඔබේ වචනවලින් සුවපත් කළා.
වරක් ඔබ ඔබේ ධෛර්යය ලොවට කිව්වේ මේ විදියට,

‘මට මේ ලෝකේ දරුණුම කැන්සර් එකක් හැදිලා තියෙන්නේ. අපි ජීවිතය දිහා බලන හැටි, ජීවිතය දකින හැටි ජීවිතයේ වැටෙන තැන්, මිනිසුන්ට ජීවිතයේ වැරදෙන තැන්, මොනවා කරත් මිනිසුන්ට යන්න තැනක් අන්තිමට හැමෝටම හම්බවෙනවා. කවදාවත් ජීවිතයේ පිළිකා රෝගියෙක් කියලා නම්කරන්න එපා. පිළිකා වැලඳුණු කෙනෙක්ට දැනෙන දේවල් වෙන කාටවත් දෙන්න බැහැ. මම මැරෙන්න බය නැහැ. මට ජීවිතයේ ගොඩාක් අත්දැකීම් තියෙනවා. ගොඩක් හැලහැප්පීම් එක්ක මම ජීවිතයේ ඇවිත් තියෙන්නේ. බෙල්ලේ වැලදාගෙන ඉඳිද්දි අයියයි තාත්තායි ඇවිත් ගලවගෙන ගිහින් තියෙනවා. ඇයි මම මැරෙන්න බය? ඇයි අන්තිම මොහොතේ කලබල වුණේ? මම මට දැනිච්ච දේ මම තේරුම් ගත්තු විදිය තව කාට හරි තේරෙනවා නම්, ඒ කෙනා ජීවිතය හැර යනකොට හිනාවෙලා සතුටින් යන්නේ. ඒ සතුට අනෙකුත් පිළිකා වැලඳුණු අයටත් දෙන්න ඕනේ….’

‘මාව තේරුම් ගත්තු මාත් එක්කම ඉන්න හස්බන්ඩ් කෙනෙක් තමයි මට ලැබිලා තියෙන්නේ. ගෑනියෙක්ට ආදරේ කියන එක නැත්නම් මානසික නිදහසක් නැහැ. මට ඔහුව සැනසීමක් වුණා. ඒ වගේම මගේ ලොකු දුව ලොකුයි. එයාට තේරෙනවා. මාව මතක නැතිවෙන එකම කෙනා මගේ චූටි දුව, අවුරුදු පහයි. එයා මම අඬනකොට, වැටිලා අමාරුවෙන් ඉන්නකොට මට කියනවා මගේ බැංකුවේ සල්ලි තියෙනවා. අලුත් අම්මා කෙනෙක් සල්ලිවලට ගේනවා කියලා. එතකොට මගේ හිතට දැනෙන දේ… මගේ දරුවට මාව මතක තියෙයිද කියලා හිතෙනවා. දරුවෝ කිව්වාම මම පුදුම කෑදරයි… හරිම ආදරෙයි. මට එතැනදි හිත හදාගන්න අමාරු වුණා. මම දරුවාව දකිනකොට දුක හිතෙනවා. මට මුලදි දරුවාව මඟහැරියා. පස්සේ මමම හිත හදාගත්තා. මම දුවලා දෙන්නට කියලා තියෙන්නේ අම්මා කොයි වෙලාවේ යයිද දන්නේ නැහැ, ඉන්නකන් මාත් එක්ක සතුටෙන් ඉන්න කියලා…’

මේ, මීට මාස දෙකකට පෙර සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්වුණු උදාරි චතුරිකා මුණසිංහගේ අදහස්. ඇගේ කතාව අපි ‘මව්රට’ පුවත්පතේද පළ කළා. ඇය අද වෙනකොට ජීවිතය හැරගොස්. ඇගේ ස්වාමිපුරුෂයා වූයේ අර්ජුන් මුණසිංහ. චතුරිකා දියණිවරුන් දෙදෙනකුගේ මවක්. ඒ දරුවන්ගේ වයස අවුරුදු පහක් සහ අවුරුදු පහළොවක්. පිළියන්දල උපන් චතුරිකාගේ පාසල කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය. ඇයට තවත් සහෝදරයකුද සිටිනවා.

අවසන් හුස්ම හෙළන තුරුම සතුටින් ජීවිත්වී, ධනාත්මක සිතුවිලි තුළින් හෙට දවස දකින්න’ යැයි කියාදෙමින්, එය ලෝකයාට ප්‍රායෝගිකව සිදුකර පෙන්වන්නට චතුරිකා දක්ෂ වුණා. ඇගේ ඔවදන් බොහෝ රෝගී ජනතාවට ඉමහත් අස්වැසිල්ලක් ගෙන දුන්නා.

මීට මාස කිහිපයකට පෙර කොවිඩ් වෛරසයද වැලඳී ඉන් සුවය ලැබූ චතුරිකා පසුගිය 11 වැනිදා සදහටම දෙනෙත් පියාගත්තේ සිය ජීවිතයේ 34 වැනි වියේදී.
සමාජයේ බොහෝ දෙනා ඇයව ඇඳින්වූයේ ‘පිළිකාවට අභියෝග කරන යකඩ ගැහැනියක්’ ලෙසයි. ඇය ලෝකයාගෙන් ඉල්ලා සිටියේ පිළිකා රෝගියකුට සියලු දෙනාගේම ආදරය ලබාදෙන ලෙසයි.

‘හෙට නැතිවෙන ජීවිතය ගැන හිතන්න එපා. මේ තත්පරේ තියෙන ජීවිතය විඳින්න. හිනාවෙලා ජීවිතයට මුහුණ දෙන්න. විඳවන්න එපා. පරෙස්සම් වෙන්න. හික්මීම තියෙන්නේ ඔයාලා ළඟ.’ ඇගේ ඒ වදන් බොහෝ ජීවිත සුවපත් කළා.

ඇගේ රෝගී තත්ත්වයට ප්‍රතිකර කළ වෛද්‍යවරුන් පවසා තිබුණේ අග්න්‍යාශයේ ඇලදිව කියන කොටසේ හටගත් පිළිකාව ඇගේ අක්මාව දක්වාම පැතිර ඇති බවයි. එය වැලඳී අවුරුද්දක කාලයක් ජීවත් විය හැකි බව ඔවුන්ගේ මතය වී තිබුණා. ඒ බව දැනගත් මොහොතේ පටන් ඇය ජීවිතයෙන් සමුගත් දවස දක්වාම ඇය නොබියව පිළිකාව සමග සටන් කළා. ඒ අභියෝගයට එරෙහිව සිනාමුසුව මුහුණ දුන්නා.

පිළිකාව නමැති ඒ දරුණු අභියෝගයෙන් ඇය පරාජය වුණත්, දිරිය ගැහැනියක් ලෙස සුවහසක් පිළිකා රෝගීන්ගේ සිත්වලට ශක්තියක් ලබාදුන් ඇය සැබෑ ලෙසම ජයග්‍රාහී වනිතාවක්.

ජීවිතයේ යථාර්ථය වටහා ගන්නට ඇය පිළිකාව ආශීර්වාදයක් බවට පත්කරගත්තා. මරණය ඉදිරියේ නොසැලී සිනාමුසු මුහුණින් ලොවටම ආදර්ශයක් ලබාදුන්නා.
‘ජීවිතය වින්දා… හරිම ලස්සනයි…’ ඇගේ මේ අවසන් වදන් පෙළ මරණය ඉදිරියේ නොසැලුණු ඇගේ ආත්මශක්තියේ තරම ලොවට හඬගා කියනවා.

උපදින මතු භවයේදී මෙවන් අකල් මරණවලට ගොදුරු නොවන්නට, අපි හැමගේ සිත්වල ජනිත වන පින් ආදරණීය චතූ ඔබට අනුමෝදන් කරමු…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

24 රෑ ආණ්ඩුවට රජ කෑමක්! මන්ත්‍රීවරු ටිකක් අප්සට්!

Next Post

විමලරත්න හදපු ගජබා බළකොටුවට ගෝඨා හදිසියේම ඇතුල් වූයේ ඇයි?

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.