• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමලරත්න හදපු ගජබා බළකොටුවට ගෝඨා හදිසියේම ඇතුල් වූයේ ඇයි?

October 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විමලරත්න හදපු ගජබා බළකොටුවට ගෝඨා හදිසියේම ඇතුල් වූයේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යුද හමුදාව අද වන විට ජාතියට ඉටුකරන්නේ සුළුපටු සේවයක් නොවේ. එදා තිස්වසරක් පැවැති ත්‍රස්තවාදී ගිනිදැල් මානුෂීය මෙහෙයුමකින් නිවාදමා ජාතියට නිදහස් හසරැල් උදාකරදී මුළු ශ්‍රී ලංකාවම ඒකච්ඡත්‍ර කිරීමේදී ශ්‍රී ලංකා යුද හමුදාව දැක්වූ දායකත්වය කොතරම්දැයි කියා නිමකළ නොහැක. 1949 වර්ෂයේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාව අද වන විට වසර 72ක් පුරාවට ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් සේවය කර ඇත.

යුද්ධය අවසන්වීමෙන් අනතුරුව ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතිවලදීද ශ්‍රී ලංකා යුද හමුදාව පුහුණු විනයගරුක ශ්‍රම බළකායක් ලෙසින් දැක්වූ දායකත්වය අතිමහත්ය. මෙලෙස සුවිශේෂ සේවාවක් කළ ශ්‍රී ලංකා යුද හමුදාව අද වන විට රෙජිමේන්තු 25කින් සමන්විතය. ඒ රෙජිමේන්තු අතරින් සුවිශේෂම රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සරය ඔක්තෝබර් 14 දිනට යෙදී ඇත. ගජබා රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සුවිශේෂම රෙජිමේන්තුවක් ලෙස හැඳින්වීමටද හේතුවක් ඇත. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයන් වීමත් නම ඇසූ පමණින් ත්‍රස්තවාදීන් සලිත වූ ගජබා රෙජිමේන්තුවේ සැබෑ රණකාමීන් වීමත් නිසාය. ඒ අනුව ජනාධිපතිවරයකු, ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනකු මෙන්ම යුද හමුදාපතිවරයකු බිහිකළ එකම රෙජිමේන්තුව ගජබා රෙජිමේන්තුවයි.

1983 වර්ෂයේදී 1 වැනි රජරට රයිෆල් බළඇණිය හා 1 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව එකාබද්ධ කර නව ඒකකයක් ස්ථාපනය කරන ලදී. මෙම බළඇණිය රජරට පුරාණ රජවරුන්ගේ රාජධානියෙහි පිහිටුවූ බැවින්, ඒ සඳහා සුදුසු නාමයක් ලබාදීමේදී යුද ශිල්පයේ නිපුණ රණශූරයකු වූ “ඇතකුට සමාන ශක්තිමත් හස්තයක් ඇති” යන අරුත ඇති ලංකා ඉතිහාසයේ රණ ශූරත්වයෙන් කෙළ පැමිණි රජකු වූ ගජබා නරේන්ද්‍රයාණන්ගේ නාමයෙන් “ගජබා” නමින් නම්කොට, 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව නමින් 1983 ඔක්තෝබර් මස 14 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවටට එක්විය. මෙහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් එවකට ලු‍තිනන් කර්නල් විජය විමලරත්න පත්කරන ලදී. අරාලි තුඩුවේදී එල්.ටී.ටී.ඊ.ය ඇටවූ පීඩන බෝම්බයකට ගොදුරුවී ජීවිතක්ෂයට පත්වූ මේජර් ජෙනරල් විජය විමලරත්න ගජබා රෙජිමේන්තුවේ පියා වශයෙන් පිදුම් ලබයි.

ගජබා රෙජිමේන්තුව බළඇණියක් වශයෙන් උපත ලැබුවද, ගජබා සෙබළු‍න් ලෙස හඳුනාගැනීම සඳහා සිරස්ක ලාංඡනයක් සහ උදෘත පාඨයක අවශ්‍යතාව ඇතිවූ බැවින් මෙම නව බළඇණිය වෙනුවෙන් සිරස්ක ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ රෙජිමේන්තුවේ නිර්මාතෘ එවකට ලු‍තිනන් කර්නල් විජය විමලරත්නගේ සංකල්පයක් අනුව, උදෘත පාඨය වශයෙන් “සමගිය ශක්තියයි” යන්න භාවිත කරන ලදී.

සිරස්ක ලාංඡනය සඳහා ගජබා රජු යුද කටයුතු සඳහා භාවිත කළ කෙටේරිය, පළිහ සහ බෙහෙත් අඟ ඇතුළත් කර කලාත්මක නිර්මාණයක් සිදුකිරීමෙන් අනතුරුව, සිරස්ක ලාංඡන පැලඳවීම 1984 මාර්තු මස 30 වැනි දින සාලියපුර කඳවුරේදී උත්සවාකාරයෙන් සිදුවිය.

1987 වසරේ මැද භාගයේදී යාපන අර්ධද්වීපය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමේ අරමුණින් යුද හමුදාව දියත් කරන ලද දැවැන්ත ක්‍රියාන්විතයක් වන වඩමාරච්චි මෙහෙයුම සඳහා ගජබා රෙජිමේන්තුවේ 1 වැනි බළඇණිය හා 3 වැනි බළඇණිය ඉඳුරාම තම දායකත්වය ලබාදී යුද හමුදාවේ ධෛර්යය හා ශක්තිය උපරිම මට්ටමකට ගෙන ඒමට සමත්විය. මෙහිදී 1 වැනි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් සිටි එවකට කර්නල් විජය විමලරත්න ප්‍රථම වතාවට බළසේනාධිපතිවරයකු වශයෙන් අණදුන් අතර, දෙවැනි අණදෙන නිලධාරීව සිටි වත්මන් ජනාධිපති එවකට මේජර් ගෝඨාභය රාජපක්‍ෂ විසින් 1 වැනි බළඇණියෙහි භට පිරිස් සඳහා අණදීම සිදුකරන ලදී.
2006 වසරේ පළමු වරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදා රාජකාරීන් සඳහා ගජබා රෙජිමේන්තුවට අයත් සියලු නිත්‍ය හා ස්වේච්ඡා බළඇණිවලින් සමන්විත වන සේ නිලධාරීන් 35ක් සහ සෙසු නිලයන් 523 දෙනකුගෙන් සමන්විත සාමසාධක බළඇණියක් 2006 ජුනි මස 05 වැනි දින සිට 2006 දෙසැම්බර් මස 19 දින දක්වා හයිටි රාජ්‍යයේ රාජකාරීන් සඳහා පිටත්ව යන ලදී.

2007ක් වූ ජනවාරි මස 16 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් යුද හමුදා මූලස්ථාන සරඹ භූමියේදී ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ගජබා රෙජිමේන්තුවට ප්‍රදානය කරන ලදී.

2019.08.18 දින යුද හමුදාපති ධූරයට පත්වූ ලු‍තිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 38 වසරක ගජබා රෙජිමේන්තු ඉතිහාසය තුළ රෙජිමේන්තුව වෙතින් යුද හමුදාපති ධුරය සඳහා පත්වූ පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයා ලෙස එතුමන් ඉතිහාසයට එක්විය. ගජබා රෙජිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවටම නිලධාරියකු ලෙස පත්කළ පළමු නිලධාරියා මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරී අතරින් වැඩිම වීර පදක්කම්ලාභී නිලධාරියා වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ අභීත නිලධාරීයකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ත්‍රිත්වයම දෙවැනි ලු‍තිතන්වරයකු වශයෙන් සිටියදීම ලබාගත් සුවිශේෂ එඩිතර නිලධාරියෙකි.

එමෙන්ම ගජබා රෙජිමේන්තුවට අයත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු මෙන්ම 1 වැනි බළඇණිය ගජබා රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරිවරයකුවූ කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ (විශ්‍රාමික) මැතිතුමන් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය. එමෙන්ම ගජබා රෙජිමේන්තුවේ තවත් දක්ෂ එඩිතර නිලධාරියකු මෙන්ම හිටපු රෙජිමේන්තු අධිපතිවරයකු වූ මේජර් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) 2019.11.20 දින රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්විය.

ත්‍රස්තවාදය මවුබිමෙන් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා කාලසීමාව තුළ දියත් කරන ලද සියලු‍ම ක්‍රියාන්විතයන් සඳහා සිය උපරිම දායකත්වය ලබාදී ඇති ගජබා රෙජිමේන්තුවට අයත් සාමාජිකයන් අතරින් නිලධාරින් 175ක් සහ සෙසු නිලයන් 4,075 දෙනකු මවුබිමේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පුදකර ඇති අතර, නිලධාරීන් 180ක් සහ සෙසු නිලයන් 4,030 දෙනකු එහිදි රණක්ෂිතයට පත්ව ඇත.

ත්‍රස්තාවදයෙන් මවුබිම බේරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වඩමාරච්චි, ත්‍රිවිධ බලය, අකුණු පහර, ජය සිකුරු, සත්ජය, රිවිරැස ආදීවූ දැවැන්ත ක්‍රියාන්විතවලදී මෙන්ම නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයම්වලදී ගජබා රෙජිමේන්තු සාමාජිකයන් රණබිමේදී දක්වන ලද සුවිශේෂ වීර ක්‍රියාවන් ඇගයීමට ලක්කරමින් පරම වීර විභූෂණ පදක්කම් 04ක්, වීරෝදාර විභූෂණ පදක්කම් 03ක්, වීර වික්‍රම විභූෂණ පදක්කම් 65ක්, රණ වික්‍රම පදක්කම් 774ක්, රණශූර පදක්කම් 3,829ක්, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් 12ක්, උත්තම සේවා පදක්කම් 682ක් වීරෝදාර ගජබා නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත ප්‍රදානය කර ඇත.

ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සරයට අපෙන් සුබ පැතුම්…!

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

හදවතේ ඉඳී ඔබ හැමදාම නැවතිලා… චතූ අපි ආයේම හිනාවෙමු හමුවෙලා…!

Next Post

ලබා ගත් උත්තරය ගැන ජනතාව වේදනාවෙන්! වැරැද්ද නිවැරදි කරන උත්තරයක් අපි හොයමින් ඉන්නවා! ඩොලර් මිටි එක්ක ගනුදෙනු කරන අයට මේවා තේරෙන්නේ නෑ! විමල් අලුත් ගමනකට ලෑස්ති වෙයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.