21 සහ 22 යන දෙදින තුළ ආණ්ඩුව අභ්‍යාසලාභීන් සේවයට කැදවා ඇති බවත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් හෙතෙම ඔවුන් කැදවමින් ලිපියක් යවා ඇති බවත් ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සදහන් කළේය.
මෙය සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බවද ඒ මහතා කීය.
ගුරුවරුන්ට එරෙහිව උද්ඝෝෂණ කිරීම සදහා අද දිනයේ සමෘද්ධි නිලධාරීන් දියත උයනට කැදවා ඇති බවද ස්ටාලින් මහතා කියා සිටියේය.
මෙම ක්‍රියාවලින් කිසිදු වැඩක් නොවන බව කී ඒ මහතා 21 – 22 දිනවල කිසිදු ගුරු විදුහල්පතිවරයකු සේවයට වාර්තා නොකරන බවද කියා සිටියේය.










