මහබැංකු අධිපතිවරයා විසින් මීට මාසයකට පමණ ඉහතදී විශාල ප්‍රචාරයක් ලබා දෙමින් රටට ඉදිරිපත් කළ මාස 6ක සහන පැකේජය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.
මීට මාසයකට පමණ ඉහතදී විකල්ප මුදල් අමාත්‍යවරයකු ලෙස කබ්රාල් මහතා ආර්ථිකය ඉහළ නැංවීම සදහා රටට සහන පැකේජයක් හදුන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් මෙවැනි ආර්ථික සහන පැකේජ මුදල් අමාත්‍යංශය විසින් හදුන්වා දෙන අතර ඉදිරි අයවැයේදී එවැන්නක් සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
නමුත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කඩිමුඩියේ එවැනි පැකේජයක් රටට ඉදිරිපත් කළද මෙතෙක් ඊට මුදල් අමාත්‍යංශ අනුමැතිය හිමිව නැති බව වාර්තා වේ.










