යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දීම හරහා ආණ්ඩුව තමන්ගේම වන නෞකාවක් ලංකාවේ බටහිර වෙරළේ නවතා තබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීය.
මේ හරහා මෙම කලාපයේ අඩිය තබා ගැනීමට ආණ්ඩුව අමෙරිකාවට අවස්ථාවක් ලබා දී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම බලාගාරය ඉදිකිරීමට ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා තිබියදී ඒ සියල්ල ඉවත් කොට නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමේ ප්‍රධානියා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙම ව්‍යාපෘතිය එම සමාගමට ලබාගෙන ඇති බවය.
අද වනතුරු රටේ ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය හෝ මෙම ගිවිසුම පිළබදව කිසිවක් නොදන්නා බවත්, ඉහළ රාජපක්ෂවරුන් තිදෙනා පමණක් මෙය දන්නා බවත් ඒ මහතා කියා සිටියේය.










