ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා යුුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයෙන් අද (14) ලිඛිත ඉල්ලීමක් කළේය.
යුුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව්ෆොට්රස් සමාගමට පැවරීම සම්බන්දයෙන් වන සිය¨ තොරතුරු ඇතුලත් ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට එහිදී මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු ස`දහන් කලේය.
අදාල ගිවිසුමේ තොරතුරු සහ එයට අදාල ලේඛන දින 14 ක් තුළ තමන් වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ නිලධාරියෙකු තමන් වෙත දැනුම් දුන් බවත් ඔහු කියා සිටියේය.










